ඡායාරූපය: උතුරට ගහලා ඉවර කිරීම දකුණටත් එසේමද?
ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙලේ නායකයකු වන කේ.ඩී.ලාල් කාන්ත එම සන්ධානයේ විශ්‍රාමික යුද හමුදා සෙබළුන්ගේ රැස්වීමක් අමතමින් මෙසේ කියයි.
“එල්ටීටීඊය සමග පැවති යුද්ධය ගහලාම ඉවර කළ යුතු බවට කී දේශපාලන තිබුණේ දෙකක් පමණි. ඉන් එකක් නම් ජනතා විමුක්ති පෙරමුණය.
යුද හමුදාව අවි අතට ගෙන කළ සටන අපි මතවාදීව කරමින් ඒ සදහා ජනතාව සන්නද්ධ කෙළමු. (බෙදුම්වාදී ) ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ එය ගහලා විනාශ කිරීම මගිනි.”
අද ඊශ්‍රලය ගසා තීරයේ මහා ජනඝාතනයක නිරත වන්නේද ත්‍රස්තවාදය ගහලා ඉවර කිරීමේ න්‍යාය යටතේය.
ඔහු ගහලා ඉවර කිරීමේ ප්‍රකාශය කරන්නේ ආඩම්බරයෙනි. එවිට අත්පාළසන් නාදය පැතිර යයි.
මෙම ප්‍රකාශයෙන් පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන නැති බවයි.
ලාල් කාන්ත මෙම ප්‍රකාශය කරන්නේ දෙමළ ජනයා යුද්ධයෙන් මිය ගිය සිය ජනයා සිහිපත් කිරීමට පසුදාය.
දෙමළ ජනයා කරන ලද එම සිහිකිරීම් වැළැක්වීමට ලංකා රාජ්‍ය ගත් කිසිදු පියවරක් ජවිපෙ හෝ ජාතික ජන බලවේගය හෙළා දැක්කේ නැත.
ලාල් කාන්ත කියන්නේ යුද්ධය නතර කිරීමට තිබූ එකම ක්‍රමය යුද්ධය මගින් ගහලා විනාශ කිරීම පමණක් බවයි.
එමගින් ඔහු යුද්ධය සාමකාමී මාවත් මගින් අවසන් කිරීමට දරන ලද සියලු ප්‍රයත්නයන් සාහසික ලෙස හෙළා දකී.
ලාල් කාන්තගේ ගහලා ඉවරයක් කිරීමේ විපාක වශයෙන් මිය ගිය දස දහස් ගණන් සිවිල් වැසියන් සම්බන්ධයෙන් ද එම ගහලා ඉවරයක් කිරීමේ පිළිවෙ වගකිව යුතුය.
එම ගහලා ඉවරයක් කිරීමේ පිළවෙත සාධරණ නම් 1988-1990 සමයේ ජවිපෙ විසින් මුදාහළ භීෂණය ද ගහලා ඉවරයක් කිරීම සාධාරණ විය යුතුය.
මන්ද යත් 88-90 ජවිපෙ නායකත්වය දුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ පිළිවෙත ද ත්‍රස්තවාදය මත පදනම් වූ බැවිනි.
එනයින් එහිදී මියගිය දස දහස් ගණන් ජනයා සැමරීම ද තහනම් කිරීමට ලංකා රාජ්‍යට අයිතියත් ලැබේ.
88-89 එසේ නොවූ විමුක්ති අරගලයක් යැයි ලාල් කාන්ත ඊළග රවුමේදී කියන්නට ඉඩ තිබේ.
එලෙසින්ම දෙමළ සන්නද්ධ අරගලය ද විමුක්ති අරගලයක් යැයි දෙමළ දේශපාලන ව්‍යාපාර කියනු ඇත.
ඕනෑම සන්නද්ධ අරගලයක් විසදීමට යොදා ගත හැකි මානුශීය පිළිවෙත වන්නේ සාකච්ජා මාර්ගයයි.
එසේ නොව යුද්ධය යුද්ධයෙන්ම අවසන් කළ යුතුය යන්න භයානක සහ අපරිනත ප්‍රකාශයකි.
දෙමළ සන්නද්ධ සටන්කාමිත්වයට මූලික වූ සමාජ දේශපාලන සහ ආර්ථික ගැටළු සම්බන්ධයෙන් විසදුම් ඉදිරිපත් කිරීම මෙමගින් ජවිපෙ ප්‍රතික්ෂේප කරයි. ඔහු විසින් කිය යුතුව තිබුණේ එම විසදුම් ඉදිරිපත් නොකරීම යුද්ධයට හේතු වූ බවයි.