Tuesday, July 16, 2024

රනිල් රාජපක්ෂ පොලිසිය යුද වින්දිත අනුස්මරණ “මුල්ලිවයිකාල් කංජි” බෙදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි තහනම් කරයි! 

2009 මැයි  මාසයෙහි යුද්ධයේ අවසන් දින කිහිපය කුල මුල්ලිවයික්කාල් හි කොටු වූ සහ මිය ගිය ජනයා ආහාරයට ගත් දෙමළ බසින් කංජි යනුවෙන් කියවෙන කැඳ එම ජනයා අනුස්මරණය කරමින් බෙදා හැරීම රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් තහනම් කර තිබේ.

“මුල්ලිවයික්කාල් කංජි” නමින් හැදින්වෙන එම කැඳ  උතුරු නැගෙනහිර දෙමළ ජනයා යුදධයෙන් මිය ගිය සිය ජනයා අනුස්මරණය කිරීමේ සංකේතයක් ලෙස සලකනු ලැබේ.

2009 මැයි දෙවන සතියෙහි මුලිල්වයික්කාල්හි ඊනියා ආරක්ෂක කලාපයට කොටු කරන ලද ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනයා දහස් ගණනින් මිය ගියේ යුද හමුදාව හතර වටින්ම එල්ල කළ ප්‍රහාර මැදය.

මුල්ලිවයික්කල් කංජි පිළිළෙ කරමින් සිටි ස්ත්‍රීන්ගේ නිවෙස්වලට මහ රෑ ගිය පොලිසිය ඔවුන් බි දිගේ ඇදගෙන ගොස් අත් අඩංඟුවට ගත් හැටි. වීඩියෝව kumanan @kumanan93 ගෙනි.

එම ජනයා සහ එම සංහාරය සිහි කරමින් මුල්ලිවයික්කකාල් කංජි’ බෙදා හැරීම සැලසුම් කල කිසිදු උත්සවයක් ඉදිරි දින 14 තුළ සිදු කිරීම තහනම් කරමින් පොලිස් නිලධාරීන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 11 දා අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේදී මුල්ලිවයිකල් කංජි බෙදා දීමේ චෝදනාව මත කාන්තාවන් තිදෙනෙකු සාම්පූර් පොලිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.  ඔවුන් නම් 1.කමලේශ්වරන් තෙන්නිලා. 2.කමලේශ්වරන් විජිතා, 3.කලිරාජා සුජානිය.

තවද  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී නවරත්නරාජා හරිහරකුමාර් (කරන්)  ද මුල්ලිවයිකල් කංජි  බෙදීම සම්බන්ධයෙන් සාම්පූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මැයි 09 දිනය ඇතුළත් සතිය යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා සිහි කිරීමේ සතිය ලෙස සැලකේ.  ඝාතනයට ලක් වූ දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා උතුරු-නැගෙනහිර පුරා සැමරුම් කටයුතු සිදු කෙරේ.

මෙම අධිකරණ නියෝගය මගින් පුද්ගලයන් පස් දෙනෙකුට අනුස්මරණය සම්බන්ධ කටයුතුවලට සහභාගි වීම තහනම් වුවද එම නියෝගය “සියලු ජනතාවටම අදාළ වන” බවත් ඔවුන් පාසල්වලට හෝ පන්සල්වලට රැස් නොවිය යුතු බවත් වාහන විරෝධතා ද සිදු කළ නොහැකි බවත් එහි සඳහන් වේ.

මෙම මර්දනකාරි පියවර රනිල් රාජපක්ෂ විසින් ගෙන ඇත්තේ ලක්ෂ ගණන් වැටුප් ගෙවමින් ජාතික සංහිදියාව සඳහා යැයි ව්‍යාජ වැඩ සටහනක් ද දියක් කර ඇති තත්වයක් තුලය. එම කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ ජනාධිපති කාර්යාලය අතුලතය.

යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා සිහි කිරීමට මූලික මානව අයිතියක් බව මෙරට විවිධ ආණ්ඩු මගින් පත් කරන ලද විවිධ සංහිඳියා කොමිෂන් සභා මගින් අවධාරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ අගමැති වූ යහපාලන ආණ්ඩු කාලයෙහි දෙමළ ජනයාගේ මෙවැනි අනුස්මරණ කටයුත් නිදහසේ කර ගෙන යාමට ඉඩ ලබා දී තිබුණි.

දැන් රනිල් රාජපක්ෂ එම පිළිවෙත වෙනස් කොට රාජපක්ෂ සමයන්හි මෙන් දෙමළ අනුස්මරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස මර්දනය කරයි.

( ශ්‍රී ලංකා බ්‍රීෆ්)

ඡාායරූප අන්තර් ජාලයෙනි.

Archive

Latest news

Related news