Monday, May 6, 2024

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය තවත් දෙදනෙකු මොරගහහේනේ දී වෙඩි තබා මරා දමයි

ශාන්ත විජේසුරිියව/skynews.

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (23) පාන්දර රතුපාට ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයන් දෙදනෙක් මොරගහහේන ලාෆ් ගැස් එක ඉදිිපිට දී වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙම ද්ත්ව ඝාතනය සිදු කර ඇත්තේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ වන අතර කොළඹ දකුණ අපරාධ කොටිඨාශය මගින් මෙසේ වෙඩි තබා මරා දමා ඇත්තේ සුරාජ් ප්‍රබෝධ ආදිහෙට්ටි හෙවත් මත්තේගොඩ සුද්දා (42) සහ ඉමේෂ් මධුෂාන් දර්ශන හෙවත් අප්පා (36) යන අය වෙති .

ආදිහෙට්ටි මු්ල්ගල්ම මත්තේගොඩ වන අතර ඔහු මිට මාස කිපයකට පෙර බිරිදගේ ගම වන තණමල්විල ප්‍රදේශයේ ව්‍යාපාරයක් කරගෙන ජිවත් වී ඇත. මධුෂාන්ගේ ද මුල් ගම මත්තෙගොඩ වන අතර ඔහුව මරා දමන විට ඔහු ජිවත්ව සිට ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේය . මධුෂාන් දර්ශන 15 වන ගජබා රේජිමේන්තුවට අනුයුක්තව සේවය කළ අයෙක් වන අතර දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය ජන සංහාරක යුද්ධයේදී තුවාල ලබා පැම්ණි පසු ඔහු නැවත සේවයට වාර්තා කර නැත.

මධුෂාන් දර්ශන හෙවත් අප්පා

මොහුන් දෙදනා යාළුවෙකු ගෙදරකට ගොස් නැවත පැමි‌ණෙමින් සිටිය දී මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඔවුන්ගේ ඥාතිහු පවසති.

ආදිහෙට්ටි හෙවත් මත්තේගොඩ සුද්දා

“මීපේ දෙළුකැටිය පොලිස් මර්ග බාධකයේ දී මෙම ත්‍රිරෝද රථයට නතර කරන ලෙසට අණ කළත් ඔවුන් එම අණ නොතකාපොලිසිය දෙසට වෙඩි තබා ගමන් කොට ඇත. පසුව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිස් ස්ථාන වලට දන්වා ඇත. ඒ අතර ඉකුත්දා සිදු වු වෙඩි තැබිමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සදහා පැමිණි සිටි බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධෘරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර ත්‍රිරෝද රථය නවතන ලෙස අණ කර ඇතත් ඔවුන් පොලිසිය දෙසට වෙඩි තබා පළායාමට උත්සහ කර ඇත. ඒ අවස්ථාවේ පොලිසිය සැකකාර ත්‍රිරෝද රථය පිටු පස හඹා ගොස් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි යැයි” ලංකා දී පුවත්පත වාර්තා කර තිබුණි . එම ත්‍රිරෝද රථයේ තුන් දෙනෙක් සිට ඇති අතර එක් අයෙකු ඒ අසල රබර් කැලයට පැන ගිය බවත් පොලිසය පවසා ඇත.

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ කුලි මිනිමරුවන් ආදිහෙට්ටිව සහ මධුෂාන් දර්ශනව මරා දමා ඇත්තේ පපුව සහ හිසට වෙඩි තබාය .එම කොට්ඨාශය මගින් අප්‍රේල් (08) පාන්දර පාදුක්ක මිරියගල්ල නිවසේ සිටියදී පැහැරගෙන ගොස්, මරා දැමු ගුවන් හමුදා කොප්ලර්වයෙකු වන දිලන්ත ලක්මාල් රාජපක්ෂට ද වෙඩි තබා තිබුණේ ඔහුගේ පපුව මැද්දටය .

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය ආදිහෙට්ටි සහ මධුෂාන් දර්ශන ගමන් කළ ත්‍රිරෝද රථය පසු පස හඹා ගොස් අල්ලාගෙන පහර දී පසුව පපුවට වෙඩි තබා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි . හෙට්ටිගේ පපුවට එක් වෙඩි උණ්ඩයක් වැදි ඇති අතර ඔහුගේ නළල තුවාල වි ඇත. මධුෂාන් දර්ශන ඇද සිටි ටී ෂර්ට් කරෙන් ඇදීම නිසා ඉරි ගොස් ඇතැයි ඔහුගේ ඥාතීහු පවසති . දෙදනාගේම ඇදුම් වල මඩ තැවරි ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුහ .

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය ත්‍රිරෝද රථය පසුපස හඹා ගොස් වෙඩි තැබුවා නම් ආදිහෙට්ටිගේ හිස තුවාල වන්නට විධියක් නැත. ඔවුන් ඇද සිටි ඇදුම් වල මඩ තැවරුණේ ‌කෙසේ ද? වෙඩි වැදි ත්‍රිරෝද රථය නතර වි තිබු තැන වියළි ස්ථානයකි . මොරගහහේන ප්‍රදේශයේදී ආදිහෙට්ටි සහ මධුෂාන් දර්ශනව අත්අඩංගුවට ගෙන පසු මොරගහහේන පොලිසිය හෝ වෙන යම් ස්ථානයකට රැගෙන ගොස් වධබන්ධනයන්ට ලක් කර පහර දී පසුව මොරගහහේන ලාෆ් ගැස් එක ඉදිරිපිටට ගෙනැවිත් මරා දැමු බවට බරපතළ සැකයක් ඇත.

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ගමන් කළ වාහනයට ‌ ‌ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිස් වෙඩි තැබු බව ලංකා දීප පුවත් පත් වාර්තා කර තිබුණ ද? වෙඩි වැදුණු වාහනයක් මෙතෙක් පෙන්න නැත.

ත්‍රිරෝද රථයේ පැමිණි පිරිස පොලිසියට වෙඩි තබා ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් බව ලංකාදීප වාර්තා කර තිබුණු අතර විද්‍යුත් මාධ්‍ය වාර්තා කර තිබුණේ ටි 56 ගිනි අවියකින් කියාය .

විශේෂයෙන් ආදිහෙට්ටි හෙවත් සුද්දා ‌හෝමාගම ප්‍රදේශයේ පාතාල නායකයෙකු වන ජාපාඩිගේ තනුජ සම්පත් හෙවත් හදපාන්ගොඩ හදයාගේ ‌වෙඩික්කරුවෙකු බව පොලිසිය පවසයි .ගුවන් හමුදාවේ රගර් කණ්ඩායම නියෝජනය කළ දිලන්ත ලක්මාල් රාජපක්ෂව‌ වෙඩි තබා මරා දැමුවේ මොරගහහේන ප්‍රදේශයේ සිද්ධ වු ද්ත්ව ඝාතනයකට ඔහු සම්බන්ධ බවට සැක කරමින්ය .

ආදිිිිිිහෙට්ටි හෙවත් මත්තේගොඩ සුද්දා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිසිය පවසයි . සුද්දා අපරාධකාරයෙකු වුවත් ඔහු මරා දැමීමට පොලිසියට කිසිදු අයිතියක් නැත. සුද්දා පිළිබද විමර්ශන සිදු කර අධිකරණයට ඉදිරිපත් කිරිමේ බලය ඇත්තේ පොලිසියටය . පොලිසියට ඔහුගේ ජිවිතය පිළිබද තින්දු ගැනීමේ අයිතියක් නැත.. සුද්දා අපරාධයක් කර ඇත්නම් , දඩුවම් කිරීමේ බලය ඇත්තේ අධිකරණයට පමණි . ලංකා ස්කයි නිවිස් අපරාධකාරයන් වෙනුවෙන් හෝ පොලිසය වෙනුවෙන් පෙනී නොසිටින අතර අප කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියාය.

පාතාලයේ කුලී හේවායන් ඔවුන්ගේ විරුද්ධවාදීන් මෙන්ම කොන්ත්‍රාත් පදනම මත ඝාතනය කරන්නන් ඉවක් බවක් නොමැතිව මරා දමන්නාසේ රජයේ ආරක්ෂක අංශ විශේෂයෙන් ඊනියා සාමය හා නීතියේ ආරක්ෂාකයා යැයි කියා ගන්නා පොලිසියට පතාලේ කුලී සෙල්දාදුවන් මෙන් මිනී මැරිය නොහැකිිය . ධනපති රාජය මෙන්ම ධනපති ආණ්ඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මහජනයාට වග කියන්න බැදි ඇත. නමුත් පාතාලය මහ ජනයාට වගකියන්නේ නැත. ධනපති රාජ්‍ය මහ ජනයාට වගකියනවා වෙනුවට ඔවුන්ගේ අර්බුදයේ ගැඹුර විසින් කම්කරු -පීඩිත ජනයා මරා දැමීම සහ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමෙන් මෙපිට වෙනත් විසදුමක් ධනපති ක්‍රමයට නැත. ඊනියා යුක්තියේ මෙහෙයුම ආරම්භ වන්නේ එහි ප්‍රතිළුලයක් වශයෙනි .

ධනපති විරුද්ධ පක්ෂ සහ ව්‍යාජ වම ද මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නිහඩ පිළිවෙතකි . නිහඩතාවයෙන් පෙන්නුම් කරන්නේ එම පක්ෂ ඊනියා යුක්තියේ මෙහෙයුමට පක්ෂ බවත් ඒ හරහා ඊනියා යුක්තියේ මෙහෙයුමට පක්ෂ පසුගාමී සමාජ මතය ද උලා කෑමට උත්සහ කරන බවත්ය.

ඊනියා යුක්කියේ මෙහෙයුම පාතාල මඩින මුවාවෙන් පසු ගිය දිනක මඩපාත පොල්හේන ප්‍රදේශයේ අරගලකරුවෙක් නිවසක් පරික්ෂා කරද්දී මත් පෙති වගයක් සොයා ගත් බව ධනපති මාධ්‍ය මගින් ප්‍රචාරය කළේය . විශේෂ පොලිස් කණ්ඩායමක් එම අරගලකරුවාගේ නිවසට කඩා වැදී පරික්ෂා කර ඇත්තේ අමාත්‍ය ගාමිණි ‌ලොකුගේ නිවස ගිනිබත් කළ සිද්ධියක් සම්බන්ධයෙනි .එහි දී අමාත්‍යාවරාට අයත් චෙක්පත් වගයක් අරගලකරුගේ නිවසේ තිබි හමු වී ඇතැයි මාධ්‍යය වාර්තා කරයි .එම අරගලකරුගේ නිවසේ තිබි මත්ද්‍රවය හමු වීම අහම්බයකි . ලියුම්කරු කැස්බෑව පොලිසයෙන් මේ සම්බන්ධයෙන් කළ සොයා බැලිමේදි ඒ වැනි පුද්ගලයෙකු අත්අඩංගුවට නොගත් බව පොලිසිය ප්‍රකාශ කළේය .

අමත්‍ය ලොකුගේ ගේ මාවිත්තර නිවස සහ ඔහුගේ ඥාතීන්ගේ ගෙවල් දෙකාක් 2022 මැයි 09 වෙනිදා මහජනයා විසින් ගිනිබත් කර විනාශ ක‌ළ අතර ඒ සදහා අමාත්‍යාවරයාට කෝටි 400 මුදලක් ධනපති ආණ්ඩුව විසින් බලා දුන් බවත් වාර්තාවේ . අදටත් අමාත්‍යවරුන්ගේ ගෙවල් ගිනිබත් කළා යැයි අරගලකරුවන් මර්දනය කරන පොලිසිය හා ආරක්ෂක අංශ මැයි 09 වනදා අරගලයට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගැනීම උනන්දු නොදක්වන්නේ අහම්බෙන් නොවෙයි .

ඊනියා යුක්කියේ මෙහෙයෙුම මත්ද්‍රව්‍ය ජාවාරම්කකරුවන්ව මඩින මුවාවෙන් පටන් ගෙන ආණ්ඩුව කම්කරු -පීඩිත මහජනයා අරගලය මඩින දිසාවට මර්දනය නාභිගත කරන බව කොළඹ ක්‍රියාකාරී කම්ටුව කලින් සිය ඉදිරිිදර්ශනය මගින් කම්කරු -පීඩිත මහජනයා දැනුවත් කළේය .දැනුවත් කිරීමෙන් නතර නොවු ක්‍රියාකාරී කම්ටුව කැස්බෑව මංසන්දියේ ඊනියා යුක්තිය මෙහෙයුම නම්න් සිදු කරන රාජ්‍ය භිෂණය පරාජය කරමු යැයි කම්කරු -පීඩිත මහජනයාට බල කරමින් , විරෝධතායක් ද පවත්වන ලදී. ධනපති ක්‍රමය නම්කරු -පීඩිත ජනයා මත මුදා හරින පීඩන සහ මර්දනය පරාජය කළ හැක්කේ ධනපති ක්‍රමය මහ පොලොවෙන් අතුගා දැමිමෙන් අනතුරවය . එය කළ හැක්කේ කම්කරු පංතිය, සෙසු පීඩිත ජනයා තමා වටා රැලි කර ගැනීමෙන් පමණි . ධනපති ක්‍රමයෙන් මිදෙන්නට වෙනත් මාවතක් ඇත්තේ නැත.

skynews

 

Archive

Latest news

Related news