Thursday, May 2, 2024

ජනපතිවරණය දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය සඳහා ජනමතවිචාරණයක් කිරීමට දෙමළ අපේක්ෂකයෙක්!

ඡායාරූපය:  දෙමළ ජාතික පොදු අපේක්ෂකයා වීමට ශ්‍රීදරන් බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ තමන්ට විශ්වාසනීය සහ පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරණයේදී දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව දෙමළ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. නොවැම්බර් මැද වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා  මීළඟ ජනාධිපතිවරණය 2024 අවසන් කාර්තුවේදී පැවැත්වීමට නියමිතය.

මෙම තීරණය දැනටමත් ගෙන ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ නව නායක පා.ම. ශ්‍රීධරන් මේ සම්බන්දයෙන් දැනටමත් සාකච්ජා ගනනාවක් පවත්වා තිබේ. දැනට ඇති ආරංචි වලට අනුව පොදු දෙමල අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ඔහු අපේක්ෂා කරයි.

ඔහුගේ සටන් පාඨය වනු ඇත්තේ, මෙරට දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය තහවුරු කිරීම පිණිස ජනාධිපතිවරණය ජනමතවිචාරණයක් ලෙස යොදා ගැනීමයි.

එම සටන් පාඨය කොතරම් දුරට ජනප්‍රියවනු ඇත්දැයි කීමට තවම කල්වැඩි බවද විචාරක පිරිස් පවසති.

දෙමළ ජාතික සන්ධානයේ මධයස්ථ නායකත්වය නියෝජනය කරන පා.ම. එම් සුමන්තිරින් පරදවා එහි නායකත්ව තරඟයෙන් ශ්‍රීදරන් ජය ලැබුවේ මීට තෙමසකට පෙරය. නායකත්වය ලබා ගැනීමෙන් පසු  ඔහුගේ ප්‍රථම කාරිය වූයේ මියගිය එල්ටීටීඊ සාමාජික සාමජිකාවන්ගේ සොහොන් කොත් කරා ගොස් අචාරය පුද කිරීමයි. එමෙන්ම ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීමට අදාලව සිරගතව සිටි ුය දෙමළ ජාතික වීරයින් ලෙස ඔහු සඳහන් කර තිබේ.

ත්‍රිකුනාමලයේ   සිය නිවසේදී මාධ්‍යවේදීන් අමතමින් ජ්‍යෙෂ්ඨ දෙමළ නායක ආර් සම්බන්ධන් කියා සිටියේ පිළිගත හැකි දේශපාලන විසඳුමක් තුළින් සුළුතරයේ සියලු ගැටලු විසඳීමට ප්‍රතිඥා දෙන අපේක්ෂකයෙකුට සහය දීමෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාවට හොඳ සේවයක් ලබා ගත හැකි බවය. එසේ නමුත් ජනාීදපතිවරණ ගණනාවක දී සිංහල දේශපාලනඥයින්ට සහාය දීම මගින් ඔහුගේ දේශපාලන බලපෑම අල්ප වී තිබෙන බවද දෙමළ ආරංචි මාර්ග පවසයි.

පොදු දෙමළ අපේක්ෂකයෙකුට වැඩි සහයෝගයක් ලබා ගැනීමට නොහැකි වන බව දෙමළ ජනතාව තේරුම් ගත යුතු බව සම්පන්දන් කියා සිටියේය.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දෙමළ ජනතාවට පිළිගත හැකි පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන අපේක්ෂකයකු දෙමළ ජනතාවට වැදගත් දේශපාලන සාධකයක් විය යුතු බව සම්බන්ධන්  අවධාරණය කර ඇති නමුත් දේශපාලන විචාරකයින් පවසන්නේ එවැනි විසඳුමක් දැනට ඉදිරියෙන් සිටින අනුර කුමාර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකරනු ඇති බවයි.

එවැනි තත්වයක් යටතේ  පොදු දෙමළ අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ ඉඩ කඩ වැඩි වී තිබේ.

(ශ්‍රී ලංකා බ්‍රීෆ්)

Archive

Latest news

Related news