ඡායාරූපය: ජාතිවාදි ප්‍රහාරයන්හි මහ මොළකරු ජේ ආර් ජයවර්ධන.
ප්‍රසන්න රණතුංගගේ නොමග යවන ප්‍රකාශ, ජනතා විමුක්ති පෙරමුණ සහ
1983 කළු ජූලි කෝලාහලයේ ඛේදවාචකය – ලයනල් බෝපගේ
හැදින්වීම
ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ අාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කර ඇති කර A5 News Facebook පිටුව මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන මෑත කාලීන ප්‍රකාශයක් මෙම ලිපිය කෙටුම්පත් කිරීමට හේතු පාදක විය. ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශය 1980 න් පසු ඉපදුන තරුණ පරම්පරාව මුලා කරන්නට ගත් නොමඟ යවන අන්දමේ උත්සාහයක් ද යන්න තවමත් පැහැදිලිව නැත. දකුණේ දේශ විමුක්ති ව්‍යාපාරය යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද එකක් සහ උතුරු නැඟෙනහිර දශක ගණනක් දිග් ගැස්සුණු සන්නද්ධ ගැටුමක් වශයෙන් නැඟිටීම් දෙකකට මඟ පාදවමින් ඒ කාලය තුළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලනය ඉටු කළ කාර්යභාරය ගැන ඔවුන් බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකියි.
83 කලු ජුලිය එදා ඇති කරේ ජේවීපී එක. එදත් දෙමළ මිනිස්සු කී දාහක් මැරුවද? පසුගිය මැයි 9 වෙනිදත් ගෙවල් ගිනි තියලා මිනීමැරුම් කරානේ. ඒක එයාලගේ ඇඟ ඇතුලේ ජානවල තියෙන දෙයක්. – ප්‍රසන්න රණතුංග
ජන්ද බේගල්
ඔවුන් දෙන ලද පොරොන්දු සහ සැබෑ ප්‍රතිඵල අතර ඇති අතිවිශාල විෂමතාවයන් මගින් පෙන්නුම් කර දී ඇති පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සතුව මැතිවරණ ව්‍යාපාර වලදී දෙසන ලද බේගල්වල ඉතිහාසයක් පවතී. 2024 වසර මැතිවරණ වසරක් බවට පැවසෙන අතර අතීතයේ මෙන් මෙවැනි අසත්‍ය ප්‍රකාශ සාමාන්‍යයෙන් කරනු ලබන්නේ ඡන්දදායකයන් වංචනික ලෙස හසුරුවා ගන්නට සහ රවටා ලීමට ය; මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවන එහෙත්, ලොව පුරා ප්‍රචලිත, විශේෂයෙන් මැතිවරණ කාලවල දී යොදා ගන්නා උපක්‍රමයකි.
පවුල් තුනක පාලනය
1948 දී නිදහස ලැබුන දා සිට, ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබ ඇත්තේ මූලික වශයෙන් බල පිපාසයෙන් සහ ආර්ථික අවශ්‍යතා මත මෙහෙයවනු ලැබුණු රාජපක්ෂලා, බණ්ඩාරනායකලා සහ සේනානායකලා යනුවෙන් පවුල් වර්ග තුනක් විසිනි. නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයන්, දූෂණය සහ අකාර්යක්ෂමතාව පිළිබඳ ඔවුන් දක්වන නොසැලකිල්ල බොහෝ විට අනෙකෙකු බිල්ලට දීම මඟින් වසන් කරනු ලැබ ඇත. කෙසේ වෙතත්, 2022 දී, දරුණු ආර්ථික අර්බුදයක් සැහැල්ලු කිරීම සඳහා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට සිදු වූ විට මෙම මුහුණත රට මුහුණ දී තිබෙන ඛේදජනක තත්වයේ සැබෑ හේතු හෙළිදරව් කරමින් බිඳ වැටුණේය.
1983 කළු ජූලි කෝලාහල
කළු ජූලිය, ශ්‍රී ලංකාවේ ස්වදේශීය දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව ම්ලේච්ඡත්වය අතින් පෙර නොදුටු අන්දමේ නිපුණතාවයක් විදහා දැක්වූ සතියක් පැවති සංහාරයක් සනිටුහන් කළේය. මෙයට උත්ප්‍රේරකය වූයේ එල්ටීටීඊ (දෙමළ කොටි) සංවිධානය විසින් 13 දෙනෙකු මරුමුවට පත් කරමින් සිංහල හමුදා වෙත සැඟවී සිට එල්ල කරන ලද ප්‍රහාරයකි. ඊට පළිගැනීමක් වශයෙන් හමුදාව උතුරේ දී සිවිල් වැසියන් හැටක් පමණ ඝාතනය කළ අතර බොහෝ විට ඒ කරුණ දකුණේ සඳහන් නොකරන ලද්දකි. ඉන් අනතුරුව, මැර කල්ලි කොල්ලකෑම්, දේපළ ගිනි තැබීම සහ නිවැසියන් ප්‍රචණ්ඩත්වයට ලක් කරමින් ක්‍රමානුකූලව කොළඹ දෙමළ නිවෙස් සහ කඩ සාප්පුවලට පහර දුන්හ. මරණ සංඛ්‍යාව, 300 ක් පමණයයි ආණ්ඩුව කරන ලද ප්‍රකාශවල සිට එය 3,000 යයි දක්වන වඩා විශ්වාසදායක ඇස්තමේන්තු දක්වා වන පරාසයක අවිනිශ්චිත ලෙස පවතී.
“කිරිබත්ගොඩ සිට මාවරමණ්ඩිය පාර දිගේ යද්දී කඩු හා අලවංගු ලෙලවූ කල්ලියකින් පිරුණු ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවා ට්‍රක් රථයක් මාව නවතා ලීය. ඔවුහු ට්‍රක් රථයෙන් බැස රංචු පිටින් මා දෙසට දුවගෙන ආවේ සිතාගත නොහැකි තරම් අන්දමේ නින්දිත වචනයෙන් බැණ වදිමිනි. ඔවුන් සිතා ගෙන තිබුණේ මා කොළඹින් පලා යන දෙමළ ජාතිකයෙකු බවට යි”
ආණ්ඩුවේ නිර්දය ප්‍රතිචාරය
කෝලාහල සම්බන්ධයෙන් ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවූ මෙන්ම නිර්දය වූ ද එකක් විය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දෙමළ ජීවිත කෙරෙහි සැළකිල්ලක් නොපෙන්වූ අතර, ඔහුගේ ආණ්ඩුව තෝරා පත් කර ගැනීමේ නියෝජනය දෙමළ ජනතාවට අහිමි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනය සම්මත කිරීම ද ඇතුළුව, ඔවුන් තව දුරටත් කොන් කරවන ක්‍රියාමාර්ග නීතිගත කළේය. දෙමළුන්ට පාඩමක් ඉගැන්විය යුතු බව ඔහු එදා ඉතා දුෂ්ට අන්දමින් ප්‍රකාශ කළේය.
සිරිල් මැතිව් වෙනුවට වම බිලි ගැනීම
ආණ්ඩුව කැරලි කෝලාහල සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය වැනි දේශපාලන පක්ෂ තහනම් කොට විපක්ෂය බිල්ලට යොදා ගත්තේය. කෙසේ වෙතත්, පිළිගත හැකි සාක්ෂිවලට අනුව පෙනී යන්නේ එවකට කාර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යවරයා වූ සිරිල් මැතිව් වැනි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඊට සම්බන්ධව ඇති බවයි. ප්‍රචණ්ඩත්වය, විශේෂයෙන්ම 1981 ජුනි මාසයේ දී යාපනය පුස්තකාලයට ගිනි තැබීම ද ඔවුන් විසින් මෙහෙයවන ලදී.
මගේ පුද්ගලික සාක්ෂිය
එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මම, කළු ජූලියේ දී දෙමළ ජනතාවට එල්ල කරන ලද සංවිධානාත්මක ප්‍රහාරය දුටුවෙමි. සන්නද්ධ මැර කල්ලි දමිල ජනයාට අයත් දේපළ ඉලක්ක කිරීමත් සමඟින් කොළඹ වීදි ප්‍රචණ්ඩත්වයෙන් හා වියවුලෙන් ගිලී ගියේය. සාහසික ක්‍රියා කෙරී ගෙන යන්නට ඉඩ සලසමින් ආරක්ෂක හමුදාවෝ බලා සිටියහ.
“බාල්දිය කියාපන්” කියා පිලිස්සූ හැටි
අප පක්‍ෂ කාර්යාලයේ සිට නිවස බලා යන අතරතුර දී මම ම්ලේච්ඡත්වයේ සහ කෲරත්වයේ සිදුවීම් බොහොමයක් දුටුවෙමි. කැලණිය ලංකා ටයර් සංස්ථාව ඉදිරිපිටදී කඩු හා යකඩ පොලු අතැති ඇතැමෙක් මා නවතා ලීය. මට හඬ නඟා ‘බල්දිය’ යනුවෙන් කියන ලෙස මට පවසන ලදි. එසේ කළ විට, මා සිංහල බව දැන ගත් ඔවුහු මට පහර නොදුන්හ. කෙසේ වෙතත්, මෝටර් රථයෙන් පෙට්රල් ඉවත් කර ගන්නට ඔව්හු තීරණය කළහ. පිරිස අතරින් එක් අයෙක් මාව හඳුනා ගත් අතර, මට යන්නට ඉඩ දෙන ලෙස අනෙක් අයට කීවේය. මට යන්නට ඉඩ දුන් විට පෙට්‍රල් ටැංකියෙන් බාගයක් හිස් කොට තිබුණි. කළු ජූලිය විදහා දැක්වූ වධ හිංසාව සහ සහ දාමරිකත්වය මම එහිදී දුටුවෙමි. කලහකාරීහු ලොරි නවත්වා, එහි තිබූ භාණ්ඩ සියල්ල කොල්ලකා, සියළුම භාණ්ඩ වෙනත් වාහනවලට පටවා මගීන් සහ රියැදුරන් පුළුස්සා දමමින් ලොරිවලට ගිනි තැබූහ.
කිරිබත්ගොඩ සිට මාවරමණ්ඩිය පාර දිගේ යද්දී කඩු හා අලවංගු ලෙලවූ කල්ලියකින් පිරුණු ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවා ට්‍රක් රථයක් මාව නවතා ලීය. ඔවුහු ට්‍රක් රථයෙන් බැස රංචු පිටින් මා දෙසට දුවගෙන ආවේ සිතාගත නොහැකි තරම් අන්දමේ නින්දිත වචනයෙන් බැණ වදිමිනි. ඔවුන් සිතා ගෙන තිබුණේ මා කොළඹින් පලා යන දෙමළ ජාතිකයෙකු බවට යි. මම සිංහලෙන් ඔවුන්ට ආපසු කෑගැසුවෙමි. ඉන් නතර වූ ඔවුන් ආපසු තම ට්‍රක් රථය වෙත ගොස් කොළඹ දෙසට ගමන් කළහ. පසුදා, මෙම කැරලිකාර කණ්ඩායම් විසින් නගරයට කරන ලද දැවැන්ත හානිය මම දුටුවෙමි.
“පසුව කරන ලද සාක්‍ෂිවලින් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු සංහාරයේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවයි. ඒ අතරින් ප්‍රමුඛයා වූයේ කැබිනට් ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව් ය. මැරයන් ප්‍රවාහනය කළ ට්‍රක් රථ සහ දෙමළ වෙළඳ ව්‍යාපාර ගිනි තැබීමට යොදාගත් පෙට්‍රල් පැමිණියේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය සංස්ථාවලිනි.”
අපේ දෙමළ සහෝදරවරුන්ට වූ විපත
නාරාහේන්පිට, මරදාන, කොටහේන යන ප්‍රදේශවල පදිංචිව සිටි අපේ පක්ෂයේ දෙමළ සහෝදරවරුන් ගැන සොයා බලන්නට ගියෙමි. ඒ නිවාසවලින් වැඩි ප්‍රමාණයක් පහර දීමට ලක් කොට හෝ ගිනි තබා තිබුණි. මට අසන්නට ලැබුණු අන්දමට, ආරක්ෂක නිල ඇඳුමින් සැරසුණු අය ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නට මිනිසුන්ව දිරිමත් කරවමින් තැනින් තැනට ගමන් කළහ. දෙමළ ජනතාවට අයත් දේපළ හඳුනාගැනීම සඳහා බෞද්ධ භික්ෂූන් ඡන්ද නාම ලේඛන රැගෙන ගිය බවට විශ්වාසදායක වාර්තා පළවී තිබුණි. ඔවුහු මේ මැරයන් සමඟ ගමන් ගත්හ.
පසුව මා නිවසේ සිටියදී ක්ෂණිකව අත්අඩංගුවට ගන්නා ලද අතර, හුදකලාව සිර කොට තබා, මානසික වධහිංසා පමුණුවන ලද නමුත් කිසිදු වරදක් සම්බන්ධයෙන් මට එරෙහිව චෝදනා එල්ල නොකෙරිණ. මාගේ බිරිඳ චිත්‍රා ගොනු කළ හේබියස් කෝපස් අයදුම්පත විභාගයට ගැනීමට නියමිතව තිබියදී මාස හයක් පමණ රැඳවුම් භාරයේ තබා ගැනීමෙන් පසුව නිදහස් කර හරින ලදී.
වැරදිකරුවන් සමහරෙක් මෙන්න
ආචාර්ය රාජන් හූල් සිය “බලයේ අහංකාරය: මිථ්‍යාවන්, පරිහානිය සහ මිනීමැරුම” යන කෘතියෙහි සිය සුපරීක්ෂාකාරී වාර්තාව ඉදිරිපත් කරයි. රටේ ඉතිහාසයේ මෙම බිහිසුණු කථාංගය පිළිබඳව කරන ලද තවත් සවිස්තරාත්මක විමර්ශන පවතී. පසුව කරන ලද සාක්‍ෂිවලින් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු සංහාරයේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවයි. ඒ අතරින් ප්‍රමුඛයා වූයේ කැබිනට් ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව් ය. මැරයන් ප්‍රවාහනය කළ ට්‍රක් රථ සහ දෙමළ වෙළඳ ව්‍යාපාර ගිනි තැබීමට යොදාගත් පෙට්‍රල් පැමිණියේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය සංස්ථාවලිනි. රාජ්‍ය දේපළ යොදා ගැනීම සහ සිය පාලනය යටතේ සිටි සේවකයින්ගේ සහභාගී වීම ගැන දෙඇස් පියා ගෙන සිටි තවත් සමහරක්ද විය.
එවකට අගමැතිවවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා ඉන් එක් අයෙකි. ඔහු බොහෝ විට කායික ලෙස සම්බන්ධ නොවූ නමුත් ඔහුගේ බල පදනම වූයේ පිටකොටුව සහ ඒ අවට පැවති ලුම්පන් ජන කොටස් ය. ඔවුහු පසුව ඇති වූ ව්‍යසනයේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කළහ.
ලංකා ගමනාගමන මණ්ඩලය තම මැරයන්ගෙන් පිරවූ එවක කොළඹ නගරාධිපති සහ ප්‍රේමදාසගේ රැකවලෙකු වූ සිරිසේන කුරේ මහතා තවත් කෙනෙකි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එවකට අධ්‍යාපන හා යෞවන කටයුතු අමාත්‍යවරයා යි. ඔහුගේ සම්බන්ධයක් පිළිබඳව සෘජු සාක්ෂි නොමැති අතර, ඔහුගේ විශ්වාසවන්ත සහකාරයා වූ ගෝනවල සුනිල් සහ සුනිල්ගේ කල්ලියේ සාමාජිකයෝ මේ සඳහා සහභාගී වූහ.
මිනීමරුවන්ට සදා මුක්තිය
කෙසේ වෙතත්, කිසි කලෙක මේ සා ඛේදජනක මෙන්ම අතිශය කුරිරු සිදුවීම පිළිබඳව සැබෑ පරීක්ෂණයක් මේ දක්වා සිදු කර නොමැති අතර කිසිදු අපරාධකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරාද නැත.
කුට්ටිමනී සහ තංගතුරෙයි ඝාතනය
ඉතාමත් බිහිසුණු සහ හෙළා දැකිය යුතු සිදුවීමක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා සිටි දෙමළ සටන්කාමීන් ඝාතනය කිරීම යි. ප්‍රචණ්ඩත්වයෙන් සහ මැර කල්ලියේ නීතියෙන් කොළඹ වෙලී තිබියදී වැලිකඩ බන්ධනාගාරයේ A3 වාට්ටුවේ සිටි සිංහල සිරකරුවන් 400ක් පමණ යකඩ පොලු, ලී පොලු, මන්නා පිහි, පොරෝ, උල් යකඩ කූරු, කැඩුණු පුටු කකුල්, කම්බි දඟර ආදියෙන් සන්නද්ධව ප්‍රහාර එල්ල කර දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා සිටි B3 සහ D3 වාට්ටු වල දොරවල් විවෘත කළහ. ඔවුහු නිරායුධ දෙමළ සිරකරුවන් 35 දෙනෙකු කපා කොටා මරා දැමූහ. කුට්ටිමනී සහ තංගතුරෙයිගේ ද ඇතුළුව මළ සිරුරු ඔවුන් රඳවා සිටි ශාලාවේ කොරිඩෝව පුරා විසිරී තිබුණි. පහර දෙන්නන්ගේ ලේ පිපාසාව පහව නොගිය අතර ඔවුහු ක්‍රමානුකූලව යන්තමින් පණනල ගැට ගසා ගෙන සිටි අය සොයා ගොස් මිය යන තුරුම පහර දුන්හ.
ඊට පසු දින එනම්, ජුලි 26 වැනිදා තමන් වෙත යළිත් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට උපරිමයෙන් මුහුණ දී මිය යාම හොඳ යැයි සිතා හැකි පමණ සූදානම් වියයුතු බව මානික්කදාසන්, පනාගොඩ මහේෂ්වරන්, පරන්තන් රාජන්, ඩග්ලස් දේවානන්දා (වර්තමාන කැබිනට් අමාත්‍යවරයා) හා අන්තෝනිපිල්ලෛ අලගිරි යන සිරකරුවෝ සෙසු සියලු දෙනාට අවධාරණය කළහ.
ගාන්ධියම් හි වෛද්‍ය රාජසුන්දරම් ඝාතනය
දෙමළ සිරකරුවන් තමන්ට සොයාගත හැකි උපකරණ යොදා ගනිමින් ආරක්‍ෂා වෙන්නට උත්සාහ කරන අතර ආරක්ෂක අංශ ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. 1983 ජුලි 26 වෙනිදා තත්වය සමනය වූ විට තවත් දෙමළ සිරකරුවන් 17 දෙනෙකුගේ මළ සිරුරු හමු වූයේය. දෙවැනි දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ දී එල්ල කරන ලද ප්‍රහාරයෙන් මියගිය අය අතර ගාන්ධියම් ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම් ද විය. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ඉක්මණින් රෝහල් වෙත නොයැවූවා පමණක් නොව, රෝහල් කාර්ය මණ්ඩලයේ වාර්ගික අගතිය හේතුවෙන් රෝහල්වලට ඇතුළත් වූවන්ට පවා නිසි ප්‍රතිකාර නොලැබුණු බව වාර්තා විය.
බන්ධනාගාරය තුලට එල්ල කරන ලද මේ මැර ප්‍රහාරය හොඳින් සැලසුම් සහගතව කළ එකක් බව ඉතා පැහැදිලි ය. කලක් සිරභාරයේ සිටි ජනාධිපති ජයවර්ධනගේ පොදු සමාවක් ලැබ නිදහස් වුනු පෙර සඳහන් කළ මැරවරයකු වූ සුනිල් පෙරේරා හෙවත් ගෝනවල සුනිල් ද මෙම බිහිසුණු ප්‍රහාරයට එක්ව තිබූ බව වාර්තා විය. එකපිට දෙදිනක් ඇතුළත වැලිකඩ බන්ධනාගාරයේ දී දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනෙක් ඝාතනය කිරීම පිළිබඳව විපක්ෂය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දීම එවකට අගමැති ආර්. ප්‍රේමදාස විසින් මඟ හැරියේ සිද්ධියේ දී, ‘එක් සිංහල සිරකරුවෙක් ද මියගොස් ඇති බව’ ප්‍රකාශ කරමිනි.
“ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ එහි අතීතයට මුහුණ දෙන්නට සහ එහි සියලු පුරවැසියන් වෙනුවෙන් සාමය, සාධාරණත්වය සහ සමෘද්ධිය වෙත වැටී තිබෙන මාවතක් වැළඳ ගැනීමට ඊට ඇති හැකියාව මත ය. අපගේ අනාගතය තීරණය කිරීමට අතීතයේ කරන ලද පාප කර්මවලට ඉඩ නොදිය යුතුය.”