Friday, May 3, 2024

සැළලිහිණියාට වයස අවුරුදු 42යි; බාල වයසේ සිට කළ සමූහ දූෂණය තවත් ඉදිරියට…..

1982 වසරේදී  ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවට ජපන් රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හෙවත් සංදේශයක් සහිතව පියාඹන සැළලිහිණියා ලාංඡනය වශයෙන්ඇති ජාතියේ රූපවාහිනිය අද දින(පෙබ:14) සිය වයස අවුරුදු 42 සම්පූර්ණ කරයි. උප්පත්තියේ සිට වසර කිහිපයක් ඉතා හොදින් සිය මග හෙලි පෙහෙලි කර ගනිමින් පුරෝගාමී ගමනක මෙන්ම මෙහෙවරකද යෙදුනු රූපවාහිනිය සැබැවින්ම ජාතියේ නාලිකාව වශයෙන් වැජඹිණි.

එයින් අනතුරුව ප්‍රේමදාස,චන්ද්‍රිකා,රාජපක්ෂ බලයට පැමිණි විවිධ වකවානුවලදී ජනමාධ්‍ය බාරගත් ඇතැම් වනචර ඇමතිවරු විසින් සැළලිහිණියා දූෂණය කළහ. එහි දිගුවක් ලෙස රාජපක්ෂ වනචර යුගය තුළ අවසානයට බන්දුල ගුණවර්ධන වනචර ජනමාධ්‍ය ඇමතිවරයා ද මෙම ජාතියේ නාලිකාවේ සැළලිහිණියා සමූහ දූෂණයට ලක් ‍කරමින් සිටී. මේ ගැන අසන්නට හෝ සොයා බලන්නට කිසිවෙකුත් නොමැත. මුළු රටම නපුංසකකරණයට ලක්වී ඇත්නම් සැළලිහිණියාට ඇත්තේ කාගේ පිහිටක්ද?

මිලියන තුන්දහසක ණයක්

ජාතික රූපවාහිනිය මේ වන විට මිලියන තුන්දහසකට අධික මුදලක් රටට ලෝකයට ණය වී හමාර වී ඇත්තේ ජනමාධ්‍ය ඇමති බන්ධුල ඇමතිවරයාගේ හෙන්චයියන් විසින් පවත්වා ගෙන යන දුර්වල කළමනාකරණ ප්‍රතිපත්තීන් නිසාය. රජයට ගෙවිය යුතු වැට් මුදල් වසර ගණනාවක් ගෙවා නැත. සේවකයින්ගේ ඊපීඑෆ් සහ ඊටීඑෆ් මාස ගණනාවකින් ගෙවා නැත. විශ්‍රාම පාරිතෝශිකය ගෙවිය යුතු විශ්‍රාමිකයින් ගණන 40කට අධිකය. ඇතැම් විශ්‍රාමිකයින් නඩු මගට බැස ඇත. විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව මේ වන විට විදුලිය විසන්ධිකිරීම් අවස්ථා 10 කට වැඩිවන්නේ ඊයේ (13) සිදු වූ විදුලි විසන්ධි කිරීමත් සමගය. විකාශනය වූ ටෙලි නාට්‍ය වලට ගෙවිය යුතු හිග මුදල් ඉල්ලා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරු පැමිණෙන විට ජාතික නාලිකාවේ මුදල් කළමනාකරු සැගවේ.

හිටපු මුදල් කළමනාකරු(සභාපති ප්‍රසාද් සමරසිංහගේ අංගනාව) සේවය අතහැර ගොස් බොහෝ කල්ය.  ආයතනය ගොඩ දමා ගැනීමට හදුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ව්‍යාපෘතියෙන් සේවය අතහැර ගියේ 65ක් පමණ වුවද ඔවුන්ටද විශ්‍රාම පාරිතෝශිකය සහ ඊපීඑෆ් සහ ඊටීඑෆ් ගෙවා ගැනීමට නොහැකිව මූල්‍ය අංශය ඇඹරෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සංස්ථාව වෙත සපයා තිබියදීය.

සේවක සුබසාධනය ‍පෙනෙන තෙක් මානයක නොමැත. සේවක අතිකාල සීමා කොට බොහෝ කල්ය. එහෙත් ආයතනයේ මුදල් අවභාවිතාව නැවතී නොමැත. ආයතනයට බන්දුල වනචර ඇමතිවරයාගේ හෙන්චයියෙක් ලෙස එවූ ප්‍රසාද් සමරසිංහ සභාපතිවරයා ඇතුළු වනචර අධ්‍යක්ෂක මණ්ඩලයද සිතූ සිතූ ලෙස තීරණ ගනිමින් සැළලිහිණියා සමූහ දූෂණයට ලක් කොට අවසානය.

මේ ලොන්ත වනචර නිලධාරීන් යටතේ මේ වන විට චැනල් අයි නාලිකාව අල්ලිරාජා නම් සොරදෙටුවාට විකුණා තිබුණද එහිදීද ප්‍රසාද් සමරසිංහ සහ සොර නඩය ගණුදෙනුවෙන් ලත් කොමිස් මුදලට එහා ගිය පුනරුදයක් ජාතික රූපවාහිනියට අත්වූයේ නැත. එහිදී දෙමළ ජනතාවට ලංකාව පුරා පෙනුනු නේත්‍රා නාලිකාවේ විද්‍යුත් සංඛ්‍යාතය අල්ලිරාජාට පිදුවේ මුළු ලංකාවටම නොපෙනුනු චැනල් අයි විද්‍යුත් සංඛ්‍යාතය නේත්‍රා නාලිකාව බවට පරිවර්තනය කරමිනි.

මේ සදහා සහාය වූයේ සංස්ථාව තුළ තනතුරු කෑදර කමින් හැසිරෙන ප්‍රධාන ඉංජිනේරු කපිල දසනායක සහ නේත්‍රා නාලිකා අධ්‍යක්ෂ නිලාර් එන් කාසිම්ටද කොමිස් මුදලක් ලබා දෙමිනි. එයින් වූයේ නේත්‍රා නාලිකාව නරඹන ලංකාවේ දෙමළ ප්‍රේක්ෂකයින් නේත්‍රා නාලිකාවෙන් ඈත් කිරීම පමණකි.  ප්‍රසාද් සමරසිංහ සභාපතිවරයා රූපවාහිනියට මුදල් සමග වැඩසටහන් ගෙනා බව පාරම්බා කීවද එම වැඩසටහන් වලින් ගෙනා මුදලට වඩා මිලියන ගණන් ප්‍රතිලාභ ලබා දී ඇත්තේ ප්‍රසාද් සමරසිංහම අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන තම හිතවතුන්ගේ පරිගණක ආයතන වලටමය. මේ බව නොදත් ඇතැම් වෘත්තීය සමිතිද සභාපතිවරයාගේ පසුපසින් වැටී සිටියේ කුප්පමේනියා කෑ බළලුන් ලෙසිනි. මෙසේ සියල්ලන් ඇන්දූ සමරසිංහ මේවන විට ජාතික රූපවාහිනිය විනාශමුඛයට ඇද දමා ඇත්තේ සැළලිහිණියා දූෂණය කළ වනචර නඩය සමග එක්වෙමිනි.

මෙම විනාශයට වගකිවයුතු චනචර පුස්සන් නඩයක් ආයතනය අභ්‍යන්තරයෙන්ද සමරසිංහ සභාපතිවරයා සමග එක්වී තිබීම මෙම විනාශයේ වේගය තව තවත් වැඩිකිරීමට සමත්ව ඇත. මෙම නඩය රාජපක්ෂ පාලනය යටතේ තනතුරු ලබා ගත් පිරිසක් සිටීම විශේෂත්වයකි.

ඒ නිලධාරීන් අතර වැඩසටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුමේද අතුලසිරි, අලෙවි කළමනාකරු සතිෂ් නීලකාන්දන්, ප්‍රධාන ඉංජිනේරු කපිල දසනායක, නේත්‍රා නාලිකා ප්‍රධානි නිලාර් එන් කාසිම්, නිලධාරින් නොමැති චැනල් අයි ප්‍රධානි සංජය ඉන්ද්‍රකුමාර, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහ ඇතුළු ංංංංංංංංං කණ්ඩායමක් සිටියි.

රූපවාහිනී නාලිකාවක් පාලනය කිරීමට අසමත් මෙම නිලධාරින් යටතේ ගුවන් විදුලි කාලිකාවක් ආරම්භ කිරීමේ සැලසුමක්ද මේවන විට කරලියට පැමිණෙමින් තිබෙන්නේ සැළලිහිණියා සමූහ දූෂණයට ලක් කොට දැනට විශ්‍රාම ලබා සිටින චන්දන සෙනෙවිරත්න නම් රූපවාහිනියේ හිටපු රාජපක්ෂ සට්ටැඹියෙකුද දායක කර ගනිමිනි. මේ සැළලිහිණියා සමූහ දූෂණයට ලක් කිරීමේ බිදක් පමණි. තවත් බොහෝ අමිහිරි දේ මේ අතර සිදුවෙමින් තිබේ. සැළලිහිණියා බේරා ගැනීමට එකාවන්ව පිලිවෙතින් පෙළ ගැසෙමු. සටන් කරමු.

( කතෘ අන්වර්ථය)

Archive

Latest news

Related news