Friday, May 3, 2024

IHP ශ්‍රී ලංකා මත විමසුම, 2023 දෙසැම්බර්: මහ ඡන්දයකදී 39% ක් ජාතික ජන බලවේගයට, සජබට 27%ක්

2023 දෙසැම්බර්  IHP ශ්‍රී ලංකා මත විමසුම්  සමීක්ෂණ ආකෘතියේ (සංශෝධිත 01/2024) නවතම ඇස්තමේන්තුවලින් ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගෙන් 39%ක්  මහ මැතිවරණයකදී ඡන්ද ප්‍රකාශ කිරීමේ කැමැත්ත අනුව ජාතික ජන බලවේගය/ජවිපෙ ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

මෙය සජබ සදහා 27%,  පොදු ජන පෙරමුණ සඳහා 10% සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටි අතර එජාපය සඳහා 6% සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි සහ මුස්ලිම් කොන්ග්‍රසය  3% බැගින් කැමැත්ත ලබා ගෙන තිබුණි.

දෙසැම්බර් ඇස්තමේන්තු තාවකාලිකය.  අතර ප්‍රමුඛ පක්ෂ හතර සඳහා තිබිය හැකි 2.0-3.5% කි.

මෙම නවතම IHP SLOTS ආදර්ශ ඇස්තමේන්තු මගින් වඩාත් පැහැදිලිව හෙළිදරව් කරන්නේ වත්මන් ජාජබ/ජවිපෙ ලබා ඇති ඉහළ තත්වය පදනම් වී ඇත්තේ 2022 මුල් භාගයේ සිට අඛණ්ඩ සහයෝගය ඉහළ යාමක් මත බවයි. සජබ ද සිය සහයෝගය වැඩි කර ඇති නමුත් මන්දගාමී වේගයකිනි. එය 2022 මැද සිට දෙවන ස්ථානයේ පවතී. 2023 දෙසැම්බර් ඇස්තමේන්තු මගින් 2023 ජූලි මාසයේ සිට පොදු ජන පෙරමුණට ඇති සහාය ස්ථාවරව පැවතීමත් සමඟ එජාපයට ලැබෙන සහයෝගය අඩුවීමක් ද පෙන්වයි.

2023 ඔක්තෝබර් ජනමත විමසුම

මෙයට පෙර 2023 ඔක්තෝබර් මාසයේ  IHP ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයට (SLOTS) MRP අනුව ජනාධිපතිවරණයෙහි දී ඡන්දය ප්‍රකාශ කිරීමේ කැමැත්ත   ජා.ජ.බ. අපෙක්ෂක අනුර කුමාර දිසානායකට සියයට 51ක් විය.

සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සියයට 30ක් ද එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සියයට 13ක් ද  කැමැත්ත තිබුණි.

ජනාධිපතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම වෙනස් වී  ඇති සැටි 2023 ඔක්තෝබරයේ දී මෙසේ දක්වා තිබුණි.

මෙම නවතම දෙසැම්බර් 2023 යාවත්කාලීන කිරීම පදනම් වී ඇත්තේ 2021 ඔක්තෝබර් සිට ශ්‍රී ලංකාව පුරා වැඩිහිටියන් සමඟ පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 14,941ක් මත වන අතර, 2023 දෙසැම්බර් මාසයේදී සම්මුඛ පරීක්ෂණ 522ක් සිදු කරන ලදී.

IHP යනු ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ස්වාධීන, පක්ෂග්‍රාහී නොවන පර්යේෂණ මධ්‍යස්ථානයකි. SLOTS ප්‍රධාන විමර්ශකයා වන්නේ IHP හි ආචාර්ය රවී රන්නන්-එලිය වන අතර ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ මහජන මත විමසුම පිළිබඳ පුහුණුව ලබා ඇති අතර දශක තුනක් පුරා බොහෝ සමීක්ෂණ සිදු කර ඇත.

SLOTS විසින් ජාතික නියැදියක (වයස අවුරුදු 18 සහ ඊට වැඩි) ජංගම දුරකථන අංකවල සසම්භාවී අංක ඇමතීමෙන් සහ වෙනත් අය අහඹු තේරීම් සහ මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡා මගින් ලබා ගන්නා ලද ජාතික ප්‍රතිචාර දැක්වූවන්ගෙන් ලැබෙන සම්මුඛ සාකච්ඡා ඒකාබද්ධ කරයි.

MRP යනු කුඩා සාම්පල ප්‍රයෝජනයට ගැනීම සඳහා වෙනත් රටවල ඡන්ද ආයතන විසින් වැඩි වැඩියෙන් භාවිතා කරන ක්‍රමයකි. විශේෂයෙන් යූගෝව් පරසිඳු නම් ජනමත සමීක්ෂන ආයතනය විසින් එය එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ සහ මෑත කාලීන එක්සත් රාජධානියේ මහ මැතිවරණයේ ප්‍රතිඵල පුරෝකථනය කිරීමට භාවිතා කළේය.

වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය, සමාජ ආර්ථික තත්ත්වය, අධ්‍යාපනය, භූගෝලීය පිහිටීම සහ 2019 ජනාධිපතිවරණයේ සහ 2020 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නියැදිය ජාතික ජනගහනයට ගැළපෙන බව සහතික කිරීමට සියලු ඇස්තමේන්තු සකස් කර ඇත.

SLOTS සමීක්ෂණයට මීට පෙර අරමුදල් සපයන ලද්දේ එක්සත් රාජධානියේ නීලන් තිරුචෙල්වම් භාරය, එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය හා සත්කාර පර්යේෂණ ආයතනය (NIHR), ශ්‍රී ලංකාවේ ආසියා පදනම සහ තවත් අය විසිනි. වත්මන් ක්ෂේත්‍ර කටයුතු IHP මහජන යහපත සඳහා වන පර්යේෂණ අරමුදල සහ වෙනත් ඒවා විසින් මූල්‍යකරණය කරනු ලැබේ.

අධ්‍යයනය සැලසුම් කිරීම, විශ්ලේෂණය කිරීම හෝ සොයාගැනීම් අර්ථ නිරූපණය කිරීමේදී අනුග්‍රාහකයින් කිසිදු කාර්යභාරයක් ඉටු නොකරයි. තවද, සමීක්ෂණ සොයාගැනීම් අවශ්‍යයෙන්ම අතීත සහ වර්තමාන අරමුදල් සපයන්නන්ගේ අදහස් හෝ ස්ථාවරයන් පිළිබිඹු නොකරයි. වඩාත් සවිස්තරාත්මක දත්ත සහ ප්‍රතිඵල සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට IHP සම්බන්ධ කර ගත හැක.

IHP SLOTS නිවේදන ඇසුරිණි.

( ශ්‍රී ලංකා බ්‍රීෆ්)

 

 

 

Archive

Latest news

Related news