Friday, May 3, 2024

“ප්‍රචණ්ඩත්වයට ඉස්මත්තෙන් ගැහැණියක්” – තිලිනා වීරසිංහ

බණ්ඩාර මැණිකේ පළමු වරට මට හමුවන්නේ “ප්රචණ්ඩත්වයේ දශක පහක් මැදින් ගැහැණියක්” චරිතාපදානය හරහාය.

ජීවිත කාලය පුරාම අත්දුටු සමාජ අසාධාරණය දේශපාලන ප්රචණ්ඩත්වය රාජ්ය මර්දනය සහ ස්ත්රී දේශපාලනය සිය දේශපාලන ජීවිතය හැඩගස්වන ලද සාධකයක් වූ බව පවසමින් මැණිකේ කෘතියට පූර්විකාවක් සපයයි.

අභිමානවත් ගැහැණියගේ දේශපාලනික ලියමනක්

සැබවින්ම ඇගේ මතක සටහන ලාංකික සමාජ දේශපාලන සන්දර්භය තුළ අපූර්ව වූද අනගිභවනීය වූද වූද අභිමානවත් ගැහැණියගේ දේශපාලනික ලියමනක් සනිටුහන් කරනු ඇත.

විවිධ ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන සාධක හා අර්බුද මැද විශාල පීඩනයකට කටුක අත්දැකීම් වලට මුහුණ දෙමින් ළමා වියේ සිට මහලු විය දක්වා දරිද්රතාවයේ මායිම්….මරණයේ ද්වාරයන්….පසු කරමින් කායික මානසික පීඩනයන් දරා ගනිමින් මානව දයාවෙන් පරිපූර්ණ ශක්තිමත් ගැහැණියකගේ පොදු සමාජ අරගල සිහිනයන් සමඟ මැණිකේ පැමිණි ගමන් මඟ අපට සමාජ දේශපාලන සංස්කෘතික ව්යුහාත්මක රළු මුග්ධ ස්වරූපයද ඒ තුළ අනුගතව දිවි ගෙවන ලාංකීය දිවි පැවැත්මද මනාව නිරූපණය කරනුයේ ඒ පිළිබඳ ගැඹුරින් යළි සිතා බැලීමට ප්රවේශයක් සපයමිනි.

රාජ්යයෙහි ප්රචණ්ඩත්වයට සූරා කෑමට එරෙහව එක්දහස් නවසිය හැත්තෑව දශකයේ පැන නැගුණු තරුණ අරගලයක සාමාජිකයකුගේ සහෝදරියක්ව තාරුණයේ ලද බිහිසුණු අත්දැකීම්හි මතකය දිගහරිමින් ඇරඹෙන බණ්ඩාර මැණිකේ ගේ චරිතාපදානයන් වත්මන් ලාංකීය ආර්ථික දේශපාලන පීඩනයට ප්රචණ්ඩත්වයට එරෙහිව 2022 වසරේ සුවහසක් එක්ව නැගී සිටි තරුණ අරගලයකට ජවසම්පන්න සහභාගිත්වයක් දැක්වූ මිත්නියකගේ භූමිකාව දක්වා විහිදී යයි.

“අරගලය සදාකාලිකය. නිදහස මානව ආත්මයේ ජීවයයි.” ‘ ස්ත්රිය. ජීවිතය. නිදහස. ‘

සිය ජීවන දැක්ම හා ජීවන විලාසය කරගනිමින් ජීවත් වූ ලාංකීය ගැහැණියකගේ ජීවන අරගලය කියවීමෙන් අනතුරුව මා මේ සටහන් කරනුයේ ගැහැණියකගේ නොපසුබට වීර්යයක ..අධිෂ්ඨානයක.. අරගලයක අභිමානවත් මතක සලකුණකි.

ශ්රී ලංකාවේ දරිද්රතාවෙන් අතිශයින් පීඩිත ග්රාමීය පසුබිමක උපත ලද මැණිකේ ළමා වියේ මතු නොව1970 දශකය මැද පේරාදෙණිය විශ්ව විද්යාලයේ උපාධිධාරිණියක වූ පසු පවා දශකයකට ආසන්න කාලයක් අධ්යාපනයට නිසි වටිනා කමක් නොමැතිව කෘෂි ආර්ථිකයේ කුලී ශ්රමිකාවක ලෙස හා ශ්රමයට නිසි මිලක් නොගෙවූ පුද්ගලික අතිරේක ඉගැන්වීමේ කටුක මතකයන් දිග හැර ලන්නේ එදා මෙදා තුර නොසිඳුනු ආර්ථික අධ්යාපන සමාජ අර්බුදයන් විදහා පාමින් හා සියුම්ව ප්රශ්න කරමිනි.අපට නොගැලපෙන හා ඵලදායි නොවූ මෙම අසාර්ථක සමස්ත රාජ්ය ක්රියාවලිය තුළ ජනතාව මුහුණ දෙන පීඩනය හා ග්රාමීය සංස්කෘතික පීඩනය දශක පහක කාල පරාසයක මැණිකේ විවරණය කරනුයේ එම කටුක පීඩනයෙහි ගොදුරක්ව ලද ජීවන පන්නරය තුළිනි.

විශ්ව විද්යාල සිසුන් අත්විඳින කටුක ජීවන යථාර්ථයන් කුසගිින්නට ලුණු කැට සපා කුස පුරවා ගන්නා ශිෂ්ය ශිෂ්යාවන් පිළිබඳ අනුවේදනීය මතකයන් මෙන්ම සමාජ ආර්ථික ක්ෂේත්රයන්හි ඵලදායි නොවන යල් පිනූ අධ්යාපන ක්රමවේදයන් සහ සමස්ත අධ්යාපනයේ අර්බුදයේ පැතිකඩක් මෙම මතකයන් පුරා ඇය අවදි කරවයි කරවයි. පාසල් ශිෂ්යාවක විශ්ව විද්යාල ශිෂ්යාවක මෙන්ම දශක ගණනාවක ගුරු වෘත්තිය තුළ ඇය ලද අත්දැකීම් වර්තමාන සමාජ ආර්ථික ක්ෂේත්රයන්හි ඵලදායි ලෙස බද්ධ නොවන අධ්යාපන පටිපාටියෙහි ඵලදායි ප්රතිසංස්කරණයන් පිළිබඳ සිතා බැලීමකට සංවාදාත්මක මාවතක් සකසයි.

එසේම පවුල ,සමාජය, රාජ්ය තුළ ඇය ලාංකීය ගැහැණියගේ පීඩනය නිශ්චිතව හා සුවිශේෂීව වටහා ගනිමින් කේන්ද්රගත කරමින් සංවාදයට ලක් කරන්නීය. පීඩනයට එරෙහිව ඇය නැගී සිටින්නේ සිය අත්දැකීම් තුළින් ලත් සවිඤ්ඤාණක මනෝභාවයකිනි. ස්ත්රී පීඩනය පිළිබඳ ඇය සිය පූර්ව අත්දැකීම් හා අවබෝධය ලබනුයේ සිය පවුල තුළ මව මුහුණ දෙන පීඩනය අත්විඳීම හරහාය.

දේපළ සමග බද්ධ වී ඇති අන්තර් පුද්ගල සබඳතා බිඳී යන ආකාරය මැණිකේ පිළිබිඹු කරනුයේ ග්රාමීය මානව සබඳතා ඥාතීත්ව සබඳතා පිළිබඳ උත්කර්ෂයට නංවා ඇති පරිකල්පිතයන් දියකර හරිමිනි. බොහෝ දේශපාලන සමාජ සිවිල් ක්රියාකාරකම් හි ක්රියාකාරකම්හී දශක ගණනාවක් නිරත වෙමින් පුරුෂ මූලිකව ව්යුහයක විවිධ අභියෝගයන්ට ලක් වෙමින් නිදහස උදෙසා කළ අරගලය හා වඩාත් ප්රශස්ත සමාජ සංස්කෘතික දේශපාලන ව්යූහයක් ගොඩනංවන්නට ගැහැණියක ලෙස මැණිකේගේ අරගලය හා දායකත්වය ප්රශංසනීයයි.

ස්ත්රීය දේශපාලනිකව බලගැන්වීම සක්රීය සමාජ ජීවිතයක හිමිකාරිනියක කිරීමට ස්ත්රීන්ගේ දැරියන්ගේ පීඩනය අහෝසි කිරීම උදෙසා හඬ නංවමින් ඇය ග්රාමීය ස්ත්රීන් සමග ගෙන ගිය අරගලය ,වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ඉල්ලා ලාංකික ගැහැණුන් කළ දේශපාලනික සමාජ මැදිහත්වීම ,විවිධ භූමිකා ඔස්සේ පවුල තුළ හා සමාජය තුළ ගැහැණිය පීඩනයට ලක්වන ආකාරය ,වාම ක්රියාදරයන් හා විකල්ප මතධාරීන් ප්රගතිශීලී ව්යාපාරයන්හි සාමාජිකයන් පවා පීතෘමූලික සංකල්ප මතවාද කරපින්නා ස්ත්රී අයිතීන් පිළිබඳ දක්වන ඍණ පසුගාමී ආකල්ප හා මෙම පසුගාමී ආකල්ප සමග කළ අරගලයක අපූරු මතකයන්ගෙන් ඇගේ චරිතාපදානය විචිත්රවත් වෙයි.

සංකීර්ණ අත්දැකීම් සමූහයකින් පිරී ගිය “ගැහැණියක්” පසුගිය අඩ සියවසක ලාංකීය සමාජ දේශපාලනය පිළිබඳ ගැහැණියක අතින් සටහන් වූ ඓතිහාසික ලියමනකි

රාජ්ය විරෝධී අරගල තුනක් හා දේශපාලන සතුරා ලෙස සංජානනය කර රාජ්ය ප්රචණ්ඩත්වයටද රාජ්යයට එරෙහි අරගලකරුවන්ගේ ප්රචණ්ඩත්වයටද මැදිව ගෙවූ මරණීය මතකයන් ,දාරක ප්රසූතියේ දී කළ ජීවිතය හා මරණය අතර සටනක් ,සිය වෘත්තීය භූමිකාවන්හි ලද සංකීර්ණ අත්දැකීම් සමූහයකින් පිරී ගිය “ගැහැණියක්” පසුගිය අඩ සියවසක ලාංකීය සමාජ දේශපාලනය පිළිබඳ ගැහැණියක අතින් සටහන් වූ ඓතිහාසික ලියමනකි.ප්රශස්ත මානවීය දේශපාලන සමාජ සන්දර්භයක් බිහි කරලීමේ අරමුණින් ගැහැණියක ගොඩනංවන මේ සමාජ දේශපාලන කතිකාව අප කියවා ගත යුතුවා පමණක් නොව එය අපගේ දේශපාලන සමාජ සංවාදයන් තුළ ගැඹුරුු කතිකාවකට ලක් කළ යුතුය .

අධ්යාපනය…ජීවිතය…සමාජ ක්රියාකාරකම් හා සබඳතා අතහැර යෑමට විටෙක බලපෑම් කරන ලද සමාජ ආර්ථික ව්යුහයක් තුළ ඒ අභියෝගයන්ට අභියෝග කරමින් අයෝමය ගැහැණියක සේ අරගලය අත නොහැරි බණ්ඩාර මැණිකේගේ “ප්රචණ්ඩත්වයේ දශක පහක් මැදින් ගැහැණියක් “අප කියවා ගත යුතුව ඇත්තේ හුදෙක් ඇගේම කතාව ලෙස නොව අපේද කතාව ලෙසින් මෙකී සමස්ත පීඩනයට එරෙහිව නැගී සිටින්නට සිතීමේ දොර ගොළු විවර කරමිනි.

අදහස් ප්රකාශනයේ හා ලේඛනයේ අපූරු හැකියාවක් ඇති බණ්ඩාර මැණිකේ සොයුරිය අමතා මා ඉල්ලා සිටියේ ඇගේ මේ අපූරු අත්දැකීම් හා මානුෂික පරිකල්පනයන් අඛණ්ඩව ලේඛනගත කරමින් සමාජගත කරන ලෙසයි.

අවසාන වශයෙන් මම මෙසේ සටහන් කරමි.දශක ගණනාවක් මමද ලාංකීය දේශපාලන ආර්ථික පීඩනයට හා ස්ත්රී පීඩනයට වාර්ගික පීඩනයට එරෙහිව කළ ලිඛිත සංවාදයන් ඉස්මත්තෙන් ඔබේ ජීවන සංවාදය “ගැහැණියක්” මට ඔසවා තැබිය හැකිය. බණ්ඩාර මැණිකේගේ අපට තිළිණ කළ “ගැහැණියක් ” සමග සංවාදයට එක්වන්න මම ඔබට ආරාධනා කරනවා.

2024 ජනවාරි 14

From Facebook of Thilina  Weerasinghee

Archive

Latest news

Related news