Saturday, April 27, 2024

බැරි මරගාතේ මරාත් නැවට ගොඩ වී මහජන මුදලින් දැමු තුච්ච සවාරිය!

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  මුහුදු චූන් සවාරියක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කැණීම් යාත්‍රා දෙකකින් ජනවාරි 9 වන අඟහරුවාදා සපයා තිබේ.

මරා සිය පවුලද සමඟ  බැරි මරගාතේ නැවට ගොඩවනු වීඩියෝ දර්ශන වල දැක්වේ. ලැජ්ජානැතිකම මහමුදළිකමටත් වඩා ලොකුයැයි කියන්නේ මෙන්න මෙවැනි අලුගත්තේරු වැඩ වලටය.

චූන් ගැනීම හැර මෙම සවාරියේ අන් කිසි අරමුණක් නැත.

මේ සඳහා වැය කරන ලද්දේ බදු ගෙවන්නන්ගේ මුදල්ය.

බැරි මරගාතේ නැවට නගින මරා

මෙම ප්‍රීති සවාරිය සඳහා  විලිලැජ්ජාව නැති  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25කට අධික පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

පොදු ජනයා එදාවේල සරිකර ගැනීමට බැරිව අසරණව සිටින රටක, මහජන නියෝජිතයින් යැයි කියා ගන්නා  මෙම වසලයින් රැස මේ සවාරිිය අතර තුරු කැමෙන් බීමෙන්ද සප්පායම් වී තිබේ.

මෙම සවාරිය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට ) රුපියල් මිලියන  05කට ආසන්න මුදලක් වැය වී  ඇතැයි සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ  ප්‍රකාශ කරයි.

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොනිල  කියා ඇත්තේ මෙම යාත්‍රා දෙක සඳහා ඉන්ධන සඳහා වැය වූ මුළු මුදල රු. 300,000 කි. ඒ ඉන්ධන බිල්පත සඳහා පමණි. නමුත් එම කතාව නිල වහයෙන් සහතික කර නැත.

වරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර විසින් රජයේ මන්ත්‍රීවරුන් සඳහා මෙම ප්‍රීති සවාරිය සංවිධානය කර තිබූණි.

සිය පියාට චොකා මල්ලී යැයි කියන්නේ චණ්ඩියකු නිසා නොව චොකලට් කන නිසා යැයි කී. රාජ්‍ය අමැති දියණිය සහ   සම්බන්ධීකරණ ලේකම් සෙනාලි ජයසේකර 2024 ජනවාරි 8 වැනි දින ලිපියක් මගින් සවාරිය සඳහා කෙටි කෑම නොමිලයේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ සඳහා තාත්තාට කැමට චොකලට් ඉල්ලා තිබුණේ දැයි දැන ගන්නට නැත.

 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ  ෙමෙවැනි සවාරි සඳහා රාජ්‍ය මුදල් වියදම් කළ නොහැකි බව පවසමිනි.

ඉන්පසු චොකා මල්ලී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලයට කෙටි ආහාර සපයන පෞද්ගලික බේකරියෙන් එම ආහාර සපයන ලෙස ඉල්ලා සිට තිබේ.

ඒ සඳහා ගෙවීමක් කලේද නැත්ද යන්න දැන ගන්නට නැත. සාමන්‍යයෙන් මෙවැනි සවාරි සඳහා බේකරි හිමියන් දේශපාලනඥයින්ට කෑම සහ ලෑම දෙන්නේ නොමිලයේය.

 යාත්‍රා දෙක සඳහා ඉන්ධන ඇතුළු අනෙකුත් වියදම්, පැමිණ සිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ගේ අතිකාල දීමනා සහ අනෙකුත් සේවාවන් සඳහා ආයතනයට රු. මිලියන 5 ක් වැය වන බව සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මාධ්‍යට පවසා තිබේ.

මෙම සවාරිය වරාය පර්යන්ත දෙක පරීක්ෂා කිරීමට ගිය බව  චොකා මල්ලී කියා තිබේ. එය හොඳම විහිළුවකි. මංත්‍රිවරු 25ක් නැව් දෙකක නැගී ආහාර පාන සමඟ සජීවී සංගීත කණ්ඩායමක් සපයූ සංගීතය ද  රසවිඳිමින් යාත්‍රා තුළ කාලය ගත කළේ   පරයන්තයේ වැඩ පරීක්ෂා කිරීමටදැයි වෘත්තීය සමිති සමච්චල් කරති. සවාරිය සංවිධානය කර ඇත්තේ මළහිරු බැස යන සැදවේ දී මිස වරායේ පර්යන්ත පරීක්ෂා කල හැකි වේලාවක දී නොවේ.

මේ ජෝගියට පවිත්‍රාදේවි වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, සනත් නිශාන්ත යන දේශපාලනඥයින්ද එක්වී සිට ඇත.

සාද සවාරිය තෙපැයක් පැවතී තිබේ.

තවද මේ සඳහා යොදා ගන්නා ලද “හංසකාවා” සහ “දියකොවුල්” යාත්‍රා භාවිතය සම්බන්ධයෙන්  රෙගුලාසි කඩකිරීම් පිළිබඳව ද වාර්තා වේ. වාර්තා වන පරිදි මෙම යාත්‍රා කැණීම් කටයුතු සඳහා නිර්මාණය කර ඇති අතර ඒවායේ ධාරිතාව මගීන් 26 දෙනෙකුට සීමා කළ යුතුය.

සිය පාලන කාලය තුල දූෂනය සහ භීෂනය පැතිර වූ රාජපක්ෂ පවුල තමන් රට ගොඩ නැගීමට සූදානම් බව කියන කතා, පවුලේ ගෝඩ් පාදර් වන මරා දැමූ මෙම ජොගියෙන් කුඩු වී යන බව අලුතෙන් කිය යුතු නොවේ.

Archive

Latest news

Related news