Saturday, May 4, 2024

මානව හිමිකම් කෙළෙසීමට වැරදිකරු වූ වැ.බ . පොලිස්පති දේශබන්දු ගස්! 

මානව හිමිකම් කොළසීම සම්බන්ධයෙන් දේශබන්දුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට අද නියෝග කළේය.

මෙය පොලිස්පතිවරයකු කොළ නැති ගහේ නැංවීම වැනි සංකේතාත්මක සිදුවීමකි. රාජපක්ෂවාදී නිලධාරියකු ලෙස කුප්‍රසිදධ දේශබන්දු දේශපාලනිකව ගස් යැවීමකි.

මෙවැනිම මානව හිමිකම් කඩකිරීම් ගණනාවක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්කෝන් පිලිබඳ නඩු කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඇසෙමින් තිබේ.

මානව හිමිකම් කෙළෙසූ නිලධාරියකු රටක පොලිස් සේවයේ ප්‍රධානියා ලෙස සිටින රටක් වශයෙන් ලංකාව වාර්තාවක් දැන් පිහිටුවා තිබේ.

රටපුරා නැගී ආ විරෝධතා නොසළකා රනිල් රාජපක්ෂ සහ ටිරන් අලස් එක්ව  මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා පිට චෝදනා ලබා ඇති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස පත්කරන ලද්දේ සති කිහිපයකට පෙරය.

රනිල් රාජපක්සගේ ව.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂා කර ගැනීමට නීතිපති දෙපාර්මේන්තුව දැරූ උත්සාහය මෙමගින් අසාර්ථක විය.

එලෙස පත් කරන ලද  වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පෙත්සම්කාර ඩබ්ලිව්.රංජිත් සුමංගල  නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය

මිරිහාන පොලිස් ස්ථානයේ රඳවා සිටියදීය.

මෙම මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්  ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 2ක්  වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලික පාර්ශ්වයක් වන අජිත් වනසුන්දර (යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්) ද වගකිව යුතු අතර වන්දි ගෙවීමට නියම කරන ලදී.

පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස රජයට නියම කෙරිණි.

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසම ඇතුළු බලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.

ඩබ්ලිව්.රංජිත් සුමංගල පැහැර ගෙන ගොස් වධහිංසා පමුූණවන ලද්දේ 2010 වසරෙහි දෙසැම්බර් මාසයේදීය. එවකට දේශබන්දු තෙන්නකෝන් නුගේගෙඩ පොලිස් වසමෙහි පොලිස් අධිකාරීවරයා විය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මෙම පැහැර ගැනීම සහ ඒ පිළිබඳ පරීක්ෂණය කරන ලද්දේ දේශබන්දු තෙන්නකෝන් යටතේය. ඔහු වරදකරුකරු කර ඇත්තේ එම හේතුව උඩය.

මෙම නඩු තීන්දුව අනුව දේශබන්දු තෙන්කෝන්   ඉල්ලා අස් නොවන්නේ නම් වහාම ධූරයෙන් පහ කළ යුතුය.

එනමුත් රනිල් රාජපක්ෂට එවැනි පිට කොන්දක් නැත. ඔහු රාජපක්ෂ ගිරයට අසුවුණූ කුණූ වූ සැරව ගලන පුවක් ගොඩියක් වැන්න.

පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා සහ නීතිඥ සරිතා ද ෆොන්සේකා සහ තිළිණි විදානගමගේ  පෙනී සිටි අතර තෙන්නකෝන් සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉඳුනි පුංචිහේවා  පෙනී සිටියාය.

විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ එකඟතාවය මත විනිසුරු එස්.තුරෙයිරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම නඩු තීන්දුව පිලිබඳ විස්තරාත්මක වාර්තාවක් ශ්‍රි ලංකා බ්‍රීෆ් වෙතින් බලාපොරොත්තු වන්න.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news