Thursday, November 21, 2024

විජේවීර සහ 88-90 ජවිපෙ විරුවන් අපේ පාලනයක් යටතේ 2024 ඉලමහේ දී සමරනවා!” – අනුර කුමාර

 ඡායාරූපය: 88-90 සිවිල් යුද සමයේ බිත්ති සටන් පාඨයක්.

සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණය පවත්වා ජයග්‍රාහකයා බවට පත්වීමට නම්, වැරදි කිරීමට ඉඩක් නැති බව ඔවුන් දැන සිටිය යුතුය.

අනුර කුමාර දිසානායන නොවැම්බර් 13 දා කළේ එවැනි වරදකි.

ජවිපෙ 1980 දශකයේ අග භාගයේ ජවිපෙ දෙවැනි  කැරැල්ල පරාජය කිරීමේ දී මියගිය රෝහණ විජේවීර සහ පක්ෂ සටන්කාමීන්ගේ 34 වැනි සංවත්සරය සමරනු ලැබුණේ අනුර කුමාරගේ  යටතේය.

මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වූ අතර ප්‍රේක්ෂකයින් උද්යෝගිමත්ව සිටියහ. මෙම සමරුව තරමක්  සුජාත එකක් විය. එනමුත් එය ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති නොවිසඳුණු ප්‍රතිවිරෝධතාවක් හෙළිදරව් කළේය.  එය පෙනෙන විදිහට ජාජබට හෝ ජවිපෙට   පටු පරතරයකින් මැතිවරණය පරාජයක් ලබා දිය හැකි එකකි.

ජනතා විමුක්ති පෙරමුණෙහි සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, තමන්ට හිතවත් “මහත්වරු”  කිහිප දෙනෙකු එම සමරුවේ විචක්ෂණ භාවය ගැන ප්‍රශ්න මතු කර ඇති බව පිළිගැනීමට තරම් අවංක වූහ.

ඔවුන් අසන්නේ “අපි පුළුල් ව්‍යාපාරයක් ගොඩනඟා ඇති මේ අවස්ථාවේ මෙවැනි අනුස්මරණයක් කිරීඹ නුවණට හුරුද?” යැයි අනුර පැවසීය. මෙම පිරිස් 2024 නොවැම්බරයේ සිට සිදුවීමට නියමිත රජයේ, දේශපාලනයේ, ආර්ථිකයේ සහ සමාජයේ ප්‍රගතිශීලී වෙනස්කම්වලට සහාය වන නමුත් ඔවුන්ට “1988-89 සමඟ ගැටලු ඇති” බව ඔහු උපහාසාත්මක ලෙස කියා සිටියේය. (https://www.youtube.com/watch?v=ez2UOjh71AE&t=113s)

ජවිපෙ අනුස්මරණ රැස්වීමක්

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ අනුස්මරණය සහ රුව “මේ මොහොතේ අත්‍යවශ්‍ය” බව සැක කරන අයට පිළිතුරු දෙමින් අනුර ප්‍රකාශ කළේ ජවිපෙ ශුද්ධ වූ ආත්මය, සදාචාරාත්මක-ආචාර ධර්ම සහ සමාජ අන්තර්ගතය ලබන වසරේ එළැඹීමට නියමිත ගුණාත්මක වෙනසක් ඇති කිරීමට  පුළුල් ලෙස කාවැද්දීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වූ බවය.

අතීතයේ උරුමය වර්තමානයට ගෙනැවිත් අනාගතය ගොඩ නැගීමට යොදා ගත යුතුය. 1980 දශකයේ කැරැල්ලේ 35 වැනි සංවත්සරය ලබන නොවැම්බරයේදී තේරී පත් වූ ජවිපෙ-එන්පීපී නායකත්වයක් සහ පාලනයක් සහිත රටක සමරන බවට ඔහු ශපත කළේය.

අනුර කුමාර සහ ටිල්වින් සිල්වා 1988-’89 කැරැල්ල දක්වා වූ  ඉතිහාසය පෙන්වා දෙමින් සන්දර්භය සහ හේතු සාධක දැක්වීය. නායකයන් දෙදෙනාම අතීතය ගැන විවෘතව හා ස්වයං විවේචනයක් කිරීමට කැමැත්ත පළ කළහ. එනමුත් කවර හෝ ස්වයං විවේචනයක් කරමින් එය ඔප්පු කිරීමට දෙදෙනාම මුළුමනින්ම අසමත් වූහ.

ඝාතන සංස්කෘතිය ඇයි?

සන්නද්ධ නැගිටීම ගැන අනුර සහ ටිල්වින් සමාව ගත යුතු නැත. නමුත් ඔවුන්ට ප්‍රධාන වශයෙන් ඝාතන ඉලක්ක තෝරා ගැනීමේ බරපතල වැරදි පිළිගත හැකිව තිබුණි. එජාප විසින් දියත් කළ මර්දනය, අසාධාරණ තහනම් කිරීම්, ඉන්දු-ලංකා ගිවිසුම යනාදිය පිළිබඳ ඔවුන්ගේ ආඛ්‍යානය සත්‍ය වුවද එය ද පාර්ශ්වීය වේ.  එනමුත් එම ආඛ්‍යානය විසින් ජනතා විමුක්ති පෙරමුණේ පළමු ඝාතනය, මර්දනකාරී ආණ්ඩු පක්ෂයේ සාමාජිකයකු නොව දයා පතිරණ වූයේ මන්දැයි පැහැදිලි නොකරයි. වාමාංශික ස්වාධීන ශිෂ්‍ය සංගමයේ රැඩිකල් නායකයා වූ දයා පතිරණ ඝාතනය සිදුවූයේ 1987 ජූලි ඉන්දු ලංකා ගිවිසුමට මාස ගණනාවකට පෙර 1986 දෙසැම්බර් මාසයේදීය. දයා පතිරණ, නන්දන මාරසිංහ, විජය කුමාරතුංග, ජේමිස් ඇතුගල සහ තවත් සියයකට අධික වාමාංශිකයින් පමණක් නොව ජ.වි.පෙ විසින් ඡන්දදායකයන් ඝාතනය ද ඝාතනය කළේය.

ජවිපෙට අවශ්‍ය වන්නේ ජාතික ජන බලවේගය නව ව්‍යාපාරයක් ලෙස ඡන්දදායකයින්ට පෙන්වීමට මෙන්ම ජාජබ සහ ඡන්ද දායකයා 1980 ගණන්වල අගභාගයේ ජවිපෙ නැගිටීම සහ ඒ පිළිබඳ ජවිපෙ අනුවාදය අනුමත කරනු ඇතැයි  අවධාරනය කිරීමයි.

මෙම පැතිකඩ දෙක සහ ‘සන්නාම’ අතර පරස්පරතාවයක් ඇත. ජාජබ සහ අනුර කුමාර පිළිගන්නා සෑම දෙනෙක්ම අනිවාර්යයෙන් විජේවීරගේ 1988-’89 ජවිපෙ අනුමත නොකරනු ඇත. ඔවුන් කරනු ඇත්නම් නම්  ජාතික ජන බලවේගය යැයි පෙරමුණක් ගොඩ නැගීමට කවර හෝ අවශ්‍යතාවයක් තිබිය නොහැකි තරම්ය.

උරුගුවේ ටූපමරෝස් වැනි ජවිපෙට වඩා ආදරවන්ත අතීතයක් ඇති ලතින් ඇමරිකානු වාම පක්ෂ, යුදමය පරාජයන් අභිබවා යාමට සමත් වූ අතර, ඔවුන්ගේ අතීත අවතාරවලට සමාදානයෙන් සිටීමට ඉඩ දී, තම රටවල නායකත්වයට නැවත නැවතත් තේරී පත් විය. එමගින් ජාතියේ සංකීර්ණ ඉතිහාසය සහ ජන විඥානය තුළ ස්ථානයක් අල්ලා ගැනීමට සමත් විය. නැගිටීම් සහ දිවි පිදූවන් අනුස්මරණය කිරීම ප්‍රධාන වශයෙන් නිහඬ සහ ගෞරවනීය,  කලාත්මක-සංස්කෘතික සිදුවීමක් වන අතර මහා පරිමාණ පොදු දේශපාලන සිදුවීම් ලෙස සංවිධානය නොකෙරේ.

මෙකී 34 වැනි සංවත්සර උත්සවයෙන් හෙළි වූයේ ජවිපෙ සිය ඉතිහාසය, අඛණ්ඩ පැවැත්මේ හා වෙනස් වීමේ සංකීර්ණතා මෙන්ම සහ පක්ෂය (ජවිපෙ) සහ ව්‍යාපාරය (ජාජබ) අතර සම්බන්ධය සම්බන්ධයෙන් විශේෂයෙන්  ජනාධිපතිවරණයක් ක්ෂිජයෙහි ඇති මෙම අවස්ථාවෙහි දී  පවා  පූර්ණ හා අවංක යථාර්ථවාදී එකඟතාවයකට පැමිණ නැති බවයි.

ජවිපෙ- ජාජබ නායකත්වය, ජාජබහි ආකර්ෂණීය යුධ ප්‍රවීණයන්ගේ පෙරමුණේ ඉහලම නිලධාරීන් සමඟ වාඩි වී 1980 ගණන්වල නැගිටීම පිළිබඳ විශ්වසනීය, පරිපූර්ණ ඉදිරි දර්ශනයක් සකස් කළ යුතුය.

1980 දශකයේ ජවිපෙ කැරැල්ලේ ම්ලේච්ඡ පමණ ඉක්මවා යෑම් ගැන පසුතැවීමකින් තොරව සැමරීමත් එය ප්‍රබල ලෙස ආරක්ෂා කිරීමත් ඡන්දදායකයින්ට සිය කැමැත්ත ගැන යළි සිතීමට අවස්ථාවක් බවට පත්විය හැකිය.

(ආචාර්ය දයාන් ජයතිලක විසින්  “අනුර උපාය මාර්ගික වරදක” නමින් ඩේලි එෆ් ටී පුවත් පතෙහි ප කරන ලද ලිපියකින් උපුටාගෙන අනුවාදය කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ් මගිනි.)

Archive

Latest news

Related news