Saturday, April 27, 2024

“වයෝවුර්ධයන්” The Elders ජනාධිපති ජෝ බයිඩන්ට : “ඊශ්‍රයල්- පලස්තීන ගැටුම අවසන් කිරීමට පුහුකතා නවත්වා දිගු කාලීන සාම සැලැස්මක් ගෙනෙන්න”!

 “වයෝවුර්ධයන්”  යනු 2007 දී නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කරන ලද සාමය, යුක්තිය, මානව හිමිකම් සහ තිරසාර ග්‍රහලෝකයක් සඳහා වැඩ කරන ගෝලීය නායක නායිකාවන්ගේ ස්වාධීන කණ්ඩායමකි.

හිතවත් ජනාධිපති ජෝ බයිඩන්,

ඊශ්‍රායල-පලස්තීන ගැටුම සදහටම අවසන් කිරීමට උදව් කිරීමට ඔබට ඓතිහාසික අවස්ථාවක් තිබේ.

ධ්‍රැවීකරණය වැඩි වන විට, සාමය සඳහා දැක්මක් සැකසීම ලෝකයට අවශ්‍යය. එම දර්ශනය අන්තවාදය ප්‍රතික්ෂේප කරන සහ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට අපේක්ෂාකරනන්ට බලාපොරොත්තුවක් ලබා දිය යුතුය.

කරුණු දෙකක් ඉකෙරන සේ  අපි ඔබෙන් ඉල්ලා සිටිමු: බැරෑරුම් සාම සැලැස්මක් සකස් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා සාමය වෙනුවෙන් නව සභාගයක් ගොඩනැගීමට උදවු කිරීමය.

ඊශ්‍රායල ජාතිකයන් සුරක්ෂිත කිරීමට  උදවු කිරීමට ඔබට අවශ්‍ය බව අපට වැටහේ. අපි එම පරමාර්ථය බෙදා ගමු.්‍, ඔක්තෝබර් 7 දා සිදු වූ බිහිසුණු හමාස් ප්‍රහාරය හෙළා දකිමු. පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සඳහා වන ඔබේ කැපවීම ද අපි බෙදා ගනිමු. පලස්තීන සහ ඊශ්‍රායල ජීවිතයන්ට සමාන වටිනාකමක් ඇත.

ගාසා තීරය විනාශ කිරීම සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම යනු ඊශ්‍රායල ජාතිකයින් ආරක්ෂා කිරීමක් නොවේ. මෙම ක්‍රියා මගින්, කලාපය පුරා සහ ඉන් ඔබ්බට තවත් ත්‍රස්තවාදයක් බෝ කරනු ඇත. මෙම ගැටුමට හමුදාමය විසඳුමක් නැත.

ප්‍රචණ්ඩත්වය දැනටමත් එක්සත් ජනපදයෙහි ද ඇතුළුව යුදෙව් විරෝධීවාදය සහ ඉස්ලාම් භීතිකාව පෝෂණය කරයි. එය මැදපෙරදිග, යුක්රේනය සහ වෙනත් තැන්වල ඔබේ අනෙකුත් අරමුණු වලක්වාලයි.

ලොව පුරා එක්සත් ජනපදයේ විශ්වසනීයත්වය සහ අවශ්‍යතාමෙමගින් පරදුවට තබා තැබේ.

පලස්තීන බටහිර ඉවුරේ නීතිවිරෝධී ජනාවාස ව්‍යාප්ත කිරීමේ ඊශ්‍රායල ප්‍රතිපත්ති සහ පලස්තීනුවන් මඟහරිමින් අරාබි රටවල් සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීමේ ක්‍රියා ඊශ්‍රායල ජාතිකයින් ආරක්ෂා කර නැත. අනුප්‍රාප්තික එක්සත් ජනපද ආණ්ඩු මෙම අසාර්ථකත්වයන්ට හවුල් වී ඇත.

ඊශ්‍රායල සහ පලස්තීනුවන් සුරක්ෂිත කිරීමට ඇති එකම මාර්ගය තිරසාර දේශපාලන විසඳුමකි. එමගින් තර්ජනයට ලක්ව සිටින ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික කළ යුතුය. තවද එමගින් සිවකීය රාජ්‍යයක් සඳහා පලස්තීනුවන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන් සපුරාලිය යුතුය.

56 වසරක බලහත්කාර ඊශ්‍රායල් වාඩිලෑම තුළ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්ෂේප කරන ලද, මෙම බලාපොරොත්තු වේගයෙන් බොඳ වෙමින් පවතී, ගාසා තීරයේ සුන්බුන් සහ බටහිර ඉවුරේ සොරාගත්  ඉඩම්වල අහිංසක පලස්තීනුවන් මිය යති.

ලෝකය, ඊශ්‍රායලයට ඒක රාජ්‍ය යථාර්ථයක් ගොඩනඟා ගැනීමට ඉඩ දෙන අතරම දෙරට විසඳුමක් ගැන ද  දිගු කලක් තිස්සේ කතා කර ඇත. මෙය ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ යන දෙරටෙහි  පැවැත්මේ අයිතිය ප්‍රතික්ෂේප කරන අන්තවාදීන්ට ගැලපේ.

පුහු කටකතා අවසන් කර අන්තවාදීන්ට වල කපන බරපතල සාම සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ තිබේ.

එවැනි සාම සැලැස්මක් මින්පසු ගාසා තීරය මෙහෙයවන්නේ කවුරුන්ද යන්නට පිළිතුරු සැපයිය යුතුය. ඊශ්‍රායලය, පලස්තීන ඉඩම් අත්පත් කර ගැනීම වේගවත් කිරීම අවසන් කළ යුතුය.  ඊශ්‍රායලයේ නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතා ආමන්ත්‍රණය කළ යුතුය. එමෙන්ම එය පලස්තීනුවන්ගේ සහ ඊශ්‍රායලයේ සමාන අයිතිවාසිකම් පිළිගත යුතු අතර, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඇතුළු ජාත්‍යන්තර නීතියෙහි මුල් බැස ගත යුතුය.

ඊශ්‍රායල සහ පලස්තීනුවන්ට මෙම ගැටුම තනිවම අවසන් නොකරනු ඇත. ඉතිහාසය ඉතා සංකීර්ණය. දේශපාලනය ඕනෑවට වඩා ධ්‍රැවීකරණය වී ඇත. සම්මුතීන් ඉතා දුෂ්කර ය.

ඒ කෙසේ වෙතත් සාමය පිටතින් පැනවිය නොහැක. ඒ සඳහා එම ජනතාව අතර සුජාතභාවය සහ විශ්වසනීයත්වය ඇති නිර්භීත නායක නායිකාවන් සහ සාමකාමීව එකට ජීවත් වන රාජ්‍යයන් දෙකක අදහසට කැපවීම අවශ්‍ය වේ. එවැනි නායකයින් දැනට පලස්තීනයේ හෝ ඊශ්‍රායලයේ පාලකයින් අතර නැත.

ඇමරිකාවට තනිවම මැදපෙරදිග සාමය ඇති කළ නොහැක. සාධාරණ විසඳුමක් අවශ්‍ය කලාපයේ සහ යුරෝපයේ රටවල් ඇතුළුව සාමය සඳහා නව සභාගයක් ගොඩනැගීමට, ජනාධිපති බයිඩන් උදවු කළ හැක. මෙම සන්ධානයට දේශපාලන ක්ෂිතිජයක් ප්‍රතිෂ්ඨාපනය කළ හැකි අතර සංවාදයට අවශ්‍ය විශ්වාසය යළි ගොඩනැංවිය හැකිය.

ප්‍රගතිය පහසු හෝ ඉක්මන් නොවනු ඇත. වසර ගණනාවක් තිස්සේ පවතින අවිශ්වාසය සහ ප්‍රචණ්ඩත්වය නිසා දෙරට සාකච්ඡා කිරීමට ඇති සූදානමෙන් ඈත් වී ඇත. විස්තීරණ ගිවිසුමක් සදහා  වසර ගණනාවක් ගත වනු ඇත. සැලකිය යුතු දේශීය විරෝධයන් හමුවේ එවැනි සැළැස්මක් විසින් සියලු නායකයින්ගෙන් දැවැන්ත දේශපාලන ධෛර්යයක් ඉල්ලා සිටිනු ඇත.

දැන් ආරම්භ කිරීමට කාලයයි. බරපතල සාම සැලැස්මක් වත්මන් අර්බුදය විසඳීමට බාධාවක් නොවේ; එය පූර්ව අවශ්යතාවකි. පසුගිය 15දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත යෝජනාව මත ගොඩනැගීමට සිහින් අවස්ථාවක් තිබේ. එහෙත් එය ගැටුමේ තීව්රතාවය අඩු කිරීමේ හදිසි පියවරක් පමණක් නොව කල්පවත්නා සාමයක් කරා යන පළමු පියවර ලෙස සලකන්නේ නම් ප්‍රගතිය වැඩි විය හැකිය.

ගැටුමේ  තීව්රතාවය අඩු කිරීම  ප්‍රමාණවත් නොවේ. ගැටුම කළමනාකරණය කිරීමට අපට ආපසු යා නොහැක. ගැටුම තව තවත් මරණාසන්න දුක්ඛිතභාවයෙන් යුතුව නැවත නැවතත් පුපුරා යනු ඇත. ගැටුම ස්ථිරවම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුය.

බයිඩන් ජනාධිපතිතුමනි, ඔබ පසුගිය මාසයේ කියා සිටියේ ඇමරිකානු නායකත්වය ලෝකය එකට තබා ගන්නා බවයි.

මෙම ගැටුම ලෝකය ඉරා දමයි. ඝාතනයට ලක් වූ සහ ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන්ට සහ මානුෂීය ව්‍යසනයකට ගොදුරු වූ ගාසා වැසියන්ට අපි කතා කළෙමු. ඔවුන්ගේ වේදනාව, කෝපය සහ බිය අපි හඳුනා ගනිමු. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සහ පලස්තීන සිවිල් වැසියන්ට පමුණුවන සාමූහික දඬුවම් අවසන් කිරීමට දිගටම කටයුතු කරන ලෙස අපි ඔබ සහ ලේකම් බ්ලින්කන් දිරිමත් කරමු.

අපේ නිර්මාතෘ නෙල්සන් මැන්ඩෙලාගෙන් “වයෝවුර්ධයන්” The Elders ඉගෙන ගත්තේ වෛරයේ සිට සමාව දක්වා ඇති මාර්ගය දිගු හා දුෂ්කර විය හැකි බවයි. අයෙක් කවදාවත් එම මාවතෙහි නොඇවිදිනු ඇති.

එහෙත් පලස්තීනුවන් සහ ඊශ්‍රායල ජාතිකයන්ගෙන් බහුතරයකට අවශ්‍ය වන්නේ සාමකාමීව ජීවත් වීමට මිස තවත් ප්‍රචණ්ඩත්වය විඳදරා ගැනීමට නොවේ. කරුණාකර ඔවුන්ට සාමයේ මාවත සොයා ගැනීමට උදව් කරන්න.

ඔබ එසේ කළහොත් ඉතිහාසය කිසිදා ඔබේ නායකත්වය අමතක නොකරනු ඇත.

“වයෝවුර්ධයන්” The Elders විසින් අත්සන් කරන ලදී:

මේරි රොබින්සන් – අයර්ලන්තයේ හිටපු ජනාධිපති සහ “වයෝවුර්ධයන්” The Elders සභාපතිනිය

බෑන් කී මූන් = හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් සහ “වයෝවුර්ධයන්” The Elders නියෝජ්‍ය සභාපති

ගාර්ෂියා මෂෙල් – භාරයේ නිර්මාතෘ, සම-නිර්මාතෘ සහ “වයෝවුර්ධයන්” The Elders නියෝජ්‍ය සභාපතිනිය

ග්‍රෝ හරලම් බට්රන්ඩ් – නෝර්වේ හිටපු අගමැති සහ ලෝක  සෞඛ්‍ය සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්

හෙලන් ක්ලාක් – නවසීලන්තයේ හිටපු අගමැති සහ හිටපු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් පරිපාලක

එල්බොරාද් තෂීකා – මොංගෝලියාවේ හිටපු ජනාධිපති සහ අගමැති

සෙයිඩ් රාද් අල් හුසේන් – මානව හිමිකම් පිළිබඳ හිටපු එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්

හීනා ජිලානි – පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥ  සහ යුක්තිය පිළිබඳ කාර්ය සාධක බලකායේ සම සභාපතිනිය

එලන් ජොන්සන් සර්ලීෆ් – ලයිබීරියාවේ හිටපු ජනාධිපති සහ නොබෙල් සාම ත්‍යාගලාභී

රිකාඩෝ ලාගෝස් – චිලියේ හිටපු ජනාධිපති

කොලොම්බියාවේ හිටපු ජනාධිපති සහ නොබෙල් සාම ත්‍යාගලාභී ජුවාන් මැනුවෙල් සැන්ටොස්

අර්නස්ටෝ සෙඩිලෝ, මෙක්සිකෝවේ හිටපු ජනාධිපති

 

පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය විසිනි.

Archive

Latest news

Related news