Sunday, April 28, 2024

ශ්‍රී ලංකාවේ කුසගින්න, දුක් වේදනා සහ අසාර්ථක IMF උපාය මාර්ග

ඡායාරූපය ඒබීසී නිව්ස් වෙතිනි.

පසුගිය 04 වන සෙනසුරාදා අපගේ කතුවැකියෙන්  ඉස්මතු කළ පරිදි මෙරට පවුලකට අවම වශයෙන් රු. දිනකට උදේ ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය  ලෙසින් ආහාර වේල් තුනක් ගැනීමට මසකට රු. 126,000.00 අවශ්‍ය ය. මෙම ගණනන කර ඇත්තේ කෑම වේල්වල මාළු, හරක් මස් හෝ කුකුල් මස් යනාදිය නැතිවය. වෙනත් වචන වලින් කිවහොත්, ආහාර වේලෙහි දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් නොමැතිවය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව, වසංගතයේ දෙවසර තුළ රටේ ආදායම පහත වැටුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, 2022 මැයි දක්වා වසරක් ඇතුළත පවුල්වලට ඔවුන්ගේ නාමික ආදායමේ වටිනාකමින් සියයට 40ක් අහිමි විය.

අපේ රටේ දුප්පත්ම සියයට 20ක කුටුම්භ ආදායම රුපියල් 17,572ක් පමණක් වන අතර මධ්‍යම පංතික සියයට 60ක  පුද්ගලයන් 3.7 දෙනෙකුගෙන් යුත් පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 56,079ක් වන බව සමීක්ෂණය පවසයි.

කෙටියෙන් කිවහොත්, අර්බූදය  ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් සියයට 80ක ජීවන තත්ත්වයට අහිතකර ලෙස බලපා තිබේ. මිනිසුන්ගේ ආදායම මත කපටි බද්දක් ලෙස ක්‍රියා කරන උද්ධමනය හේතුවෙන් පහළම සියයට 40 දරිද්‍රතාවයට ඇද වැටෙන්නට ඇත.

මේ අතර, නැවතත් රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව අපේ රටේ ධනවත්ම සියයට 20ක කුටුම්භ සාමාන්‍යයෙන් මසකට රුපියල් 196,289ක් උපයන අතර එය පසුගිය වසර දෙක තුළ නාමික වශයෙන් වර්ධනය වන්නට ඇතෙ.

මෙම සියයට 20ට අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ද ඇතුළත් වේ. ( ඔවුන්ගේ වාර්ශික ආදායම  ලක්ෂ 325 සිට 200 දක්වා වේ. මීට අමතරව ටෙස්ට් තරඟයක් සඳහා රුපියල් ලක්ෂ 25ක් පමනද එක්දින තරඟයක් සඳහා ලක්ෂ 13ක් පමනද විස්සයි විස්ස තරඟයක් සඳහා ලක්ෂ 12ක් පමනද ලැබේ  – ශ්‍රී ලංකා බ්‍රිෆ්)

ක්‍රීඩා අමාත්‍යවරයාට අනුව ක්‍රිකට්  පුහුණු කාර්ය මණ්ඩලයේ ගෙවීම්  මසකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වේ.

හිමිදිරි පාන්දර අවධි වීකඳුකරයේ හීතලේ වැඩ කරන තේ වතු කම්කරු ජනයා 2022 දී රුපියල් බිලියන 411 ක් හෙවත් ඩොලර් බිලියන 1.259 ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට රටට උදව් කළහ. එහෙත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව වතු අංශයේ පවුලක් මසකට අපයන්නේ දළ වශයෙන් රුපියල් 46,865ෙ.00කි. ඒ සිවු දෙනෙකුගෙන් යුත් පවුලක් පෝෂණය කිරීමට අවශ්‍ය මුදලින් හතරෙන් එකක් පමණය.

අනෙක් අතට, අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සිය අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව ලෝක කුසලානයේ නවතම තරගයෙන් ලකුණු 55ක් ලබා ගත්තේ මුළු දිවයිනම ලැජ්ජාවට පත් කරවමිනි. අපේ රටේ ගෙවීම් සහ බදු අයුක්ති සහගත ලෙස යෙදවීමට පිලිබඳ එය සංක්ෂිප්ත නිදසුනකි.

තවත් නරක අතට හැරෙන්නට නියමිතව තිබුණි. ඉහත සඳහන් කළ කතුවැකියේ තීන්ත වියළී යාමටත් පෙර,  80% කුටුම්භයන් තවත් අවිචාරවත් මිල ඉහළ යාමකට ගොදුරු විය. ඉවුම් පිහුම් ගෑස් මිල රුපියල්. 70/- සිට රු. 90/-කින් වැඩි කරන ලදී. ඒ තුවාලයකට ලුණු දමන්නාක් මෙන් ඩීසල් මිල ද නැවතත් වැඩි කරන ලදී.

අපේ ජනයා දුප්පත් වී,  තව දුරටත් තම දරුවන්ට ප්‍රමාණවත් ආහාර ලබා දීමට හැකියාවක් නැති තත්වයට පත්ව තිබේ. අපේ දරුවන් මන්දපෝෂණය, රක්තහීනතාවයට ගොදුරු වි ඇත.  ඔවුන්ගේ වර්ධනය පසුගාමී ය.

අපේ පාලකයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් සඳහා ආරක්ෂිත දැල් ගැන කතා කරයි. කනගාටුවට කරුණ නම් පොරොන්දු වචනවලට සීමා වී ඇති අතර වියදම් ඉහළ යාමයි. ජාමූඅ අවධාරනයේ ප්‍රතිඵලයක් ලෙස වෙලඳපොල මිල පිරිවැය පිලිබිඹු කළ යුතුය.

1970 ගනන් අග සහ 1980 ගනන්වල IMF විසින් ණයගැති ලතින් ඇමරිකානු රටවලට සමාන කොන්දේසි පැනවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉහල යන වියදම් සහ පුලුල්ව පැතිරුනු සාගින්නට  එරෙහිව නාගරික සහ ගොවීන්ගේ නැගිටීම් ඇති විය. ඒකාධිපති පාලනයන්, සමූහ ඝාතන සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ද  ඒ සමඟම දක්නට ලැබුණි. චිලියේ සහ ආර්ජන්ටිනාවේ ඇති වූ  ආඥාදායකත්වයන් ඒ සඳහා උදාහරණ දෙකකි.

අද අපි බලාගෙන සිටන්නේ මේ අසාර්ථක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපාය මාර්ගයම අපේ රටට පටවන ආකාරයයි.

උපායමාර්ගික වෙනස්කම් සිදු කිරීම අවශ්‍ය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රටවලට ඔවුන්ගේ ණයගැති තත්ත්වයෙන් මිදීමට අවංක නම්, එහි පැරණි අසාර්ථක උපාය මාර්ගය වෙනස් කළ යුතුය. ඔවුන්ගේ නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීමට රටවල්වලට උපකාර කළ යුතුය. ඔවුන් ලෝක ව්‍යාප්ත ගෝලීය නිෂ්පාදන දාමයේ කොටස්කරුවන් වීමට මඟ පෙන්විය යුතුය.

දැනටමත් වැඩිවෙමින් පවතින ණය තව තවත් විශාල වන බව පෙනෙන නිසා, තවත් ණය සහ ප්‍රතිව්‍යුහගත ණය පමණක් ප්‍රමාණවත් නොවේ. අවශ්‍ය වන්නේ මෙම ණය ගෙවීමට වැඩි ආදායමක් උපයා ගැනීමේ මාර්ගයකි. චීනයේ බෙල්ට් රෝඩ් මුලපිරීම (BRI) චීනයේ සිට ඉන්දුනීසියාවට, මැලේසියාවේ සිට ලංකාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ යුරෝපය වෙත වෙලඳපොලවල් සම්බන්ධ කිරීම, එවැනි එක් හැකියාවක් ඉදිරිපත් කරයි.

BRI ණය උගුලක් යැයි සරලව ප්‍රකාශ කරනවා වෙනුවට, සමහර විට IMF විසින් ණයගැති රටවලට ණයගැතිභාවයෙන් සහ බංකොලොත්භාවයෙන් මිදීමට ප්‍රායෝගිකව උපකාර කිරීම සඳහා ව්‍යාපාර ප්‍රවර්ධනය කළ යුතුය.

ඩේලි මිරර් පුවත්පතෙහි  06.11.23 දින පළ වූ  කතුවැකියේ සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.

Archive

Latest news

Related news