Thursday, May 2, 2024

13වන සංසෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර පළාත් සබා ඡන්දය පවත්වන්න – ‌ මෝදි රනිල් රාජපක්ෂට කියයි

ඡායාරූපය: නරේන්ද්‍ර මෝදි ටිවිටයකිනි.

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරනු ඇති බවට සහ ඔවුන්ගේ සමානාත්මතාව යුක්තිය සහ නිදහස වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රනිල් වික්‍රමසිංහ හමුවෙහිදී ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ  සමග  පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

දහතුන්වන සංශෝධනය ස්ථාපිත කිරීම සහ පළාත් සබා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇතැයි ද තමන් බලාපොරොත්තු වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී කීය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගෞරවය තහවුරු කරනු ඇති බවද තමන් විශ්වාස කරන බවත් හෙතෙම එහිදී පැවසීය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් හමුවන සෑම අවස්ථාවකදීම පසුගිය වසර 10 පුරාම මෝදි මේ බව කියා ඇතත් එම ඉල්ලීම ඉටු වී නැත. අනෙක් අතට එම ඉල්ලීම පැහැර හැරීම ගැන ඉන්දියාව කිසිදු පියවරක් ගන්නේ ද නැත. එබැවින් මෙම ඉල්ලීම අනුව පලාත් සබා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවන එකක් බව ශ්‍රී ලංකා බ්‍රිෆ් අදහස් කරයි.

ශ්‍රී ලංකාවේ වැසියන්ට මුහුණ දීමට සිදුවන සෑම අභියෝගාත්මක අවස්ථාවක දී ම ඉන්දියාව ඔවුන් සමග සිටින බවට තමන් තහවුරු කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

සිංහල බසින් ටිවීට් පණිවිඩයක් මගින් මෝදි මෙසේ කීවේය:

මාධ්‍ය හමුවකදී ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා පැවසුවේ මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳ ප්‍රශ්නය මතු කළ බවත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවර ස්ථාවරය යළිත් අවධාරණය කළ බවත්ය.

එක්සත් සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක රාමුව තුළ සමානාත්මතාවය, යුක්තිය, ආත්ම ගෞරවය සඳහා වන දෙමළ ප්‍රජාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන දේශපාලන විසඳුමක් සඳහා ඉන්දියාව දිගටම අපේක්ෂා කරන බව මෝදි ප්‍රකාශ කළ බව විදේශ ලේකම්වරයා පැවසීය.

අර්ථාන්විත බලතල බෙදාහැරීම සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සංහිඳියා ක්‍රියාවලියට පහසුකම් සැලසීමේ අත්‍යවශ්‍ය අංග බව ඔහු පැවසීය.

 

Archive

Latest news

Related news