Saturday, April 27, 2024

සරත් වීරසේකරගේ ප්‍රකාශය‍: උතුරු නැගෙනහිර නීතිඥ විරෝධතා; අධිකරණයට නිර්ලජ්ජිත ප්‍රහාරයක් – නීතිඥ සංගමය

ඡායාරූපය: මහේස්ත්‍රාත් සරවනරාසා ” දේශපාලනයින්ට බැහැ”
පසුගිය ජුලි 4 වැනිදා කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භූමියේදී පැවති උසාවි විමර්ශනයක් අතර තුර අදහස් ප්‍රකාශ කිරීමට මංත්‍රී වීරසේකරට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් ඔහු විසින් මුලතිවු මහේස්ත්‍රාත් ටී.සරවනරාජා සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවෙහි දී කරන ලද ප්‍රකාශය මහත් විරෝධතාවයන්ට උපත දී තිබේ.
කුරුන්තුර්මලේ පුරාවිද්‍යා වැඩබිමේ උසාවි නියෝග නොතකා ඉදිකිරීම් කරන බවට ආදිසිවන් අයියර් කෝවිල් පරිපාලක සභාව කළ පැමිණිල්ලක් ගැන එම ස්ථානයට ගොස් විමර්ශනයක් කිරීමට මහේස්ත්‍රාත් සරවනරාසා ඇතුළු සියලු පාර්ශව එහි ගොස් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ද තවත් ගිහි පැවිදි පිරිසක් සමගින් එහි පැමිණීයේය.
උසාවි විමර්ශනය කෙරෙන අතර තුර බෞද්ධ භික්ෂුන් විසින් එහි ආගමික වතාවත් කිරීමට සැරසීමේදී මහේස්ත්‍රාත්වරයා එය නතර කරන ලෙස නියෝග කරන ලදී. ඒ් අවස්ථාවෙහි තමාට පාර්ලිමේන්තු මංත්‍රීවරයෙන් වශයෙන් ඊට මැදිහත්වීමට අවශය බව සරත් වීරසේකර කියනු වීඩියෝවන්හි දැක්වේ.
එම අවස්ථාවෙහිදී සරවනරාජා විනිසුරුවරයා මන්ත්‍රීවරුන්ගේ, දේශපාලඥයන්ගේ හෝ ආගමික නායකයන්ගේ අදහස් ව්මර්ශනයක් අතරතුර පල කිරීමට අවසර දිය නොහැකි බව තදින්ම කියා සිටියේය. මෙය අධිකරණ කටයුත්තක් බැවින් නීතිඥයන්ගේ කරුණු දැක්වීම් පමණක් ප්‍රමාණවත් බව ඔහු අවධාරණය කළේය.
එම අවස්ථාවෙහි මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියද ඒ කිසිවකුටත්  කිසිදු අදහසක් පල කිරීමට  මහේස්ත්‍රාත්වරයා ඉඩ දුන්නේ නැත.
 මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 06දා පාර්ලිමෙන්තුවෙහි කතා කරමින්  සරත් වීරසේකරකියා සිටියේ “මේ මහේස්ත‍්‍රාත්තුමාට අපි මතක් කරන්න ඕනේ මේක බෞද්ධ රටක් කියලා.” යනුවෙනි. ඔහු  මහේස්ත්‍රාත්වරයට දෝෂාරෝපනය කළේ පාර්ලිමෙන්තු වරප්‍රසාද වලට මුව වෙමිනි.
එවැනි ප්‍රකාශයක් පාර්ලිමෙන්තුවෙන් පිටත දී කරන ලද්දේ නම් එය අධිකරණ අපහාසය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් විය හැකිව තිබුණි.

මෙම අපහාසාත්මක ප්‍රකාශයට විරුද්ත්වය පළ කරමින් උතුරු නැගෙනහිර නීතිඥ ප්‍රජාව විරෝධතාවයන්හි නිරත වූ අතර සරත් වීරසේකර මහේස්ත්‍රාත්වරයාගෙන් සමාව ඇයැදිය යුතු බවද ප්‍රකාශ කර තිබේ.
මේ අතර නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම  යටතේ නීතිඥ සංගමය ද ප්‍රකාශයක් නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සිය කැපවීම යලි තහවුරු කරන්නේ අධිකරණය, මෙම වැදගත් මූලධර්මවලට තර්ජනයක් විය හැකි සහ අඩපණ කළ හැකි මෑත කාලීන බලපෑම් අධිකරණයට එල්ල කරන ප්‍රවණතාවයන් සන්දර්භයේ බවත් එය ප්‍රකාශ කරයි.
එය තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි:
“අධිකරණ කටයුතු සම්බන්ධ කාරණාවලදී සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කිරීමේ ප්‍රවණතාවය වර්ධනය වීම පිළිබඳව නිතිඥ සංගමය දැඩි අවධානයෙන් සිටී.
විශේෂයෙන්ම 2023 ජුලි 7 වැනි දින පාර්ලිමේන්තුවේදී සරත් වීරසේකර මන්ත්‍රීවරයා විසින්  කරන ලද ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වෙමින් පවතින අතර එය මේ රටේ අධිකරණයට සහ සමාජ දේහයට එරෙහිව කරන ලද  පදනම් විරහිත, නිර්ලජ්ජිත ප්‍රහාරයක් ලෙස අපට පෙනේ.
විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතීම සඳහා බාහිර බලපෑම්වලින්, තර්ජනවලින් හෝ මැදිහත්වීම්වලින් තොරව අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දිය යුතු බවනීතිඥ සංගමයේ අදහසයි.
ජාත්‍යන්තර දෘෂ්ටි කෝණයකින්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම, අන්‍යෝන්‍ය වශයෙන් මෙසේ සඳහන් කරයි.
1. අධිකරණයේ ස්වාධීනත්වය රජය විසින් සහතික කළ යුතු අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ රටේ නීතියට ඇතුළත් කළ යුතුය. අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ ඒවා පිළිපැදීම සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතනවල යුතුකමකි.
2. අධිකරණය තමන් ඉදිරියෙහි ඇති කරුණු කරුණු මත පදනම්ව, නීතියට අනුකූලව, කිසිදු සීමාවකින් තොරව, අනිසි බලපෑම්වලින්, පෙළඹවීම්වලින්, බලපෑම්වලින්, තර්ජනවලින් හෝ ඇඟිලි ගැසීම්වලින් තොරව, සෘජුව හෝ වක්‍රව, ඕනෑම පාර්ශවයකින් හෝ කිසියම් හේතුවක් නිසා අපක්ෂපාතීව ඔවුන් ඉදිරියේ කරුණු තීරණය කළ යුතුය.
එබැවින් අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ ඒවා පිළිපැදීම රජයේ සහ විපක්ෂයේ යුතුකම වන අතර, අධිකරණ ක්‍රියාවලියට යම් මැදිහත්වීමක් සිදුකිරීම භයානක පූර්වාදර්ශයක් වන අතර එය තරයේ හෙළා දැකිය යුතු බව නීතිඥ සංගමයේ  අදහසයි.”

Archive

Latest news

Related news