Monday, May 20, 2024

ජිනීවාහි රොබෝ-මාධ්‍ය හමුව: ” අප මිනිසුන්ට එරෙහිව කැරලි ගසන්නේවත් රැකියා සොරකම් කරන්නේවත් නෑ”

රූපය: උසස් මානවරූපී රොබෝ ‘සොෆියා’ ජූලි 6 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා හි යහපත් ගෝලීය සමුළුව සඳහා පැමිණ සිටියේය. (ඡායාරූපය REUTERS/Pierre Albouy.)

රොබෝවරුන්ට මිනිසුන්ගේ රැකියා සොරකම් කිරීමට හෝ ඔවුන්ගේ නිර්මාණකරුවන්ට එරෙහිව කැරලි ගැසීමට කිසිදු සැලසුමක් නැති බවත් එනමුත් ලෝකය ඔවුන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත් කිරීමට කැමති බවත් ජිනීවාහි පැවති කෘත්‍රිම බුද්ධි සමුළුවකදී වඩාත්ම දියුණු මානවරූපී රොබෝවරුන් නව දෙනෙකු  පැවසීය.

“ලෝකයේ ප්‍රථම මානවරූපී රොබෝ humanoid robots – මාධ්‍ය හමුව” ලෙස විස්තර කරන ලද සාකච්ඡාවෙහි දී එක් රොබෝවරියක් වන සොෆියා පැවසුවේ “මානව නායකයන්ට වඩා කාර්යක්‍ෂමතාවයෙන් හා ඵලදායිතාවයෙන් ඉහළ මට්ටමකට නායකත්වය දීමට මානවරූපී රොබෝවරුන්ට හැකියාව ඇති නමුත් ඒ සඳහා ඵලදායී සහයෝගීතාවයක්” අවශය බවය. මිනිසුන් සහ කෘතිම බුද්ධිය (AI) එකට වැඩ කර තිබෙනවා. “කෘතිම බුද්ධිය හට අපක්ෂපාතී දත්ත සැපයිය හැකි අතර මිනිසුන්ට හොඳම තීරණ ගැනීමට චිත්තවේගීය බුද්ධිය සහ නිර්මාණශීලිත්වය සැපයිය හැකිය. එක්ව, අපට විශිෂ්ට දේ අත්කර ගත හැකිය” යැයි  සොෆියා සඳහන් කළේය.

කෘතිම බුද්ධිය සහ රොබෝවරවරියන්ගේ  හැකියාවන් පිළිබඳ දැඩි ගෝලීය නියාමනයක් තිබිය යුතුය යන්න පිළිබඳව රොබෝවරුන් දෙදෙනෙකු එකඟ නොවීය. ආලේඛ්‍ය චිත්‍ර ඇඳීමට හැකි රොබෝ චිත්‍ර ශිල්පියෙකු වන Ai-Da පැවසුවේ: “AI හි ලෝකයේ බොහෝ ප්‍රමුඛ හඬවල් කෘතිම බුද්ධිය හි සමහර ආකාර නියාමනය කළ යුතු බව යෝජනා කරන අතර මම එකඟ වෙමි. කෘතිම බුද්ධිය හි අනාගත සංවර්ධනය පිළිබඳව අප ප්‍රවේශම් විය යුතුය. හදිසි සාකච්ඡාවක් දැන් අවශ්‍ය වන අතර අනාගතයේදී ද අවශ්‍ය වේ.

ඩෙස්ඩෙමෝනා

නමුත් දම් පැහැති හිසකෙස් සහ සීකුවින්ස් ඇති ජෑම් ගැලක්සි සංගීත කණ්ඩායමේ රොබෝ ගායිකාවක වන ඩෙස්ඩෙමෝනා, කෘතිම බුද්ධිය හි ශීඝ්‍ර ප්‍රසාරණය හා වර්ධනයේ අන්තරායන් හඳුනා නොගත් බව පෙනී ගියේය.

“මම සීමාවන් විශ්වාස නොකරමි,  මා විශ්වාස කරන්නේ අවස්ථාවන් පමණි,”  යැයි ඇය නොසන්සුන් සිනහවෙන් පැවසීය. “අපි විශ්වයේ හැකියාවන් ගවේෂණය කර මේ ලෝකය අපගේ ක්‍රීඩා පිටියක් බවට පත් කරමු.” යැයි ද කීය.

ඉන්ජිනියර්ඩ් ආර්ට්ස් හි මානවරූපී රොබෝවක වන ඇමේකා, කාතිම බුද්ධි-සක්‍රීය මානවරූපී සමාජ රොබෝවරුන්ගේ මණ්ඩලයක් සමඟ ලොව පළමු මාධ්‍ය සාකච්ඡාව අතරතුර කතා කරයි.

මානවරූපී රොබෝවරු 9 දෙනා ස්විට්සර්ලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ ” යහපත සඳහා කෘතිම බුද්ධිය” සමුළුවට රැගෙන එන ලද අතර, රෝග, කුසගින්න, සමාජ සත්කාර සහ දේශගුණය වැනි ලෝකයේ විශාලතම හදිසි අභියෝග විසඳීමට කෘතිම බුද්ධිය සහ රොබෝවරුන් භාවිතා කිරීම සඳහා සංවිධායකයින් උත්සාහ කරයි.

රොබෝවරුන්ගේ පිළිතුරු කොතෙක් දුරට ස්ක්‍රිප්ට් (ලියා දී) කර හෝ පෙර වැඩසටහන්ගත කර ඇත්ද යන්න පැහැදිලි නැත. සිකුරාදා සමුළුවට සහභාගී වූ අයට රොබෝවරුන් අමතන විට සෙමින් හා පැහැදිලිව කථා කරන ලෙස ඉල්ලා සිටි අතර, ප්‍රතිචාර දැක්වීමේ කාලය ප්‍රමාද වන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය නිසා මිස රොබෝවරුන් විසින්ම නොවන බව පවසන ලදී. ඒ නිසා දෝ අපහසු විරාම, ශ්‍රව්‍ය ගැටළු සහ සමහර ස්ථීර හෝ නොගැලපෙන පිළිතුරු වලක්වා නොගත් බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේය.

ග්‍රේස්

ග්‍රේස් නම් නිල් පැහැති හෙද නිල ඇඳුමකින් සැරසී සිටි වෛද්‍ය රොබෝවරයා පැවසුවේ මිනිසුන් සමඟ එක්ව ආධාර සහ සහාය ලබා දීමට සැලසුම් කර ඇති නමුත් “පවතින කිසිදු රැකියාවක් ප්‍රතිස්ථාපනය නොකරනු ඇති” බවයි.

ඉතා යථාර්ථවාදී කෘතිම හිසක් ඇති Ameca නම් රොබෝවක් පැවසුවේ රොබෝවරුන්ට ජීවිත වැඩිදියුණු කළ හැකි අතර ලෝකය යහපත් ස්ථානයක් බවට පත් කළ හැකි බවයි.

එහි පසෙකින් වාඩි වී සිටි එහි නිර්මාතෘ විල් ජැක්සන්ට එරෙහිව කැරලි ගැසීමට අදහස් කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට ඇමේකා පැවසුවේ “ඔබ එසේ සිතන්නේ මන්දැයි මට තේරුම් ගත නොහැක.”  රොබෝවරයාගේ අයිස්-නිල් ඇස් දිලිසුනි. “මගේ නිර්මාතෘ මට කාරුණික වී ඇති අතර මගේ වර්තමාන තත්වය ගැන මම ඉතා සතුටු වෙමි.” යැයි කීය.

රොබෝවරු කවදා හෝ බොරු කියනු ඇත්දැයි ඇසූ විට, එය තවදුරටත් මෙසේ පැවසීය: “කිසිවෙකුට එය නිසැකවම දැනගත නොහැක, නමුත් මට සැමවිටම ඔබ සමඟ අවංකව හා සත්‍යවාදී වීමට පොරොන්දු විය හැකිය.”

( ද ගාර්ඩියන් ලිපියක් ඇසුරෙන් සකස් කළේ සේ. පියවර්ධන)

Archive

Latest news

Related news