Thursday, April 25, 2024

රනිල් රාජපක්ෂ යටතේ සරසවි අධ්‍යාපනයට කණකොකා හඬයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ඉටුකරමින් සිටින රනිල් වික්‍රමසිංහ සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ පිරිස මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණවලිවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළු නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් යන අත්‍යාව්‍ය මහජන ආයෝජන දෙකම එකමවර බිඳවැටෙමින් පවතී.

“විශ්වවිද්‍යාල හාන්සියි” යන ප්‍රධාන සිරස්තලයෙන් එම මාධ්‍යවේදී අජන්ත කුමාර අකලගඩ මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටෙමින් පවතින ආකාරය 28වෙනි ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් රටට හෙළි කර තිබේ.

. ජල බිල් ගොඩගැසෙයි

. පසුගිය මාස 5ට ආචාර්යවරු 500ක් රට හැර ගිහින්‍

. ආචාර්ය මහාචාර්යවරුන් 4616ක් හිඟයි

. රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද මහාචාර්ය ඒකකයේ මහාචාර්යවරු තිදෙනාම ගිහින්, ඒකකය වහලා

ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහ උග්‍ර මූල්‍ය හිඟය හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල 17 සහ උසස් අධ්‍යාපන ආයතනවල ආචාර්ය මහාචාරියවරුන්ගේ අනුමත කාර්යමණ්ඩලය 11,293ක් වුවත්, දැනට සිටින්නේ 6,677 දෙනකු බව එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉරිදා ලංකාදීපයට සඳහන් කළේය.

ඒ අනුව රජයේ විශ්වවිද්‍යාලවල ආචාරිය මහාචාර්යවරුන් 4,618 දෙනකු ගේ හිඟයක් පවතින බව ඔහු කීවේය.

රජයේ විශ්වවිද්‍යාලවල පසුගිය කාලයේ සිටි 8,540ක් පමණ වූ ආචාරිය මහාචාර්යවරුන් ගණන මේ වනවිට 6,677ක් දක්වා අඩු වී ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව, විශ්වවිද්‍යාලවල සිටි ආචාර්යවරුන් සංඛ්‍යාවෙන් 1,883 දෙනකුගේ පමණ අඩුවක් පසුගිය කාලය තුළ සිදුවී ඇති බවද ඔහු කීවේය.

දෙදහසකට ආසන්න වන මෙම පුරප්පාඩු සංඛ්‍යාවෙන් තුන්සිය පනස් දෙනකුවත් හදිසියේ බඳවා ගත යුතු වුවත් මුදල් ප්‍රතිපාදන නොමැති විම හේතුවෙන් එම පිරිස ද බඳවා ගැනීමට නොහැකි වී ඇතැයි ඔහු සදහන් කළේය.

ආචාරිය මහාචාරියවරුන් නිවාඩු ලබා විදේශගතවීම හා සේවය හැරයාම හේතුවෙන් ආචාර්යවරුන්ගේ උග්‍ර හිඟය. නිර්මාණය වී ඇතැයි කී හෙතෙම තත්වය එන්න එන්නම දරුණු වී ඇතැයි කීවේය.

මේ වසරේ ගතවූ මාස පහ තුළ ආචාර්ය මහාචාරියවරුන් පන්සිය දෙනකුට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනා සේවය අත්හැර විදේශගතව තිඛෙන බවද ඉරිදා ලංකාදීපය කළ සොයා බැලීමක දී තහවුරු විය.

රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද මහාචාර්ය ඒකකයේ සිටි මහාචාරියවරුන් නිදෙනාම විදේශගතවීම හේතුවෙන් එම ඒකකය වසා දමන්නට සිදුවී ඇති අතර මේ තත්වය විශ්වවිද්‍යාල රැසක පවතින බව අනාවරණය වෙයි.

රජයේ සේවකයන්ට වසර 5ක නිවාඩු ගෙන පිටරට යාමට අවසර දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කපි චක්‍රලේඛය විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීමට ඉඩ දුනහොත් විශ්වවිද්‍යාලවල සිටින සියලුම ආචාර්යවරුන් රට හැර යනු ඇති බවත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිලධාරියෙකු සඳහන් කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රට යාමට අවසර නොදෙන නිසා ප්‍රතිපාදන කොමිෂන් සභාව පවා දැනුවත් නොකර පිටරට යාමට ඔවුන් පටන්ගෙන ඇතැයි එම නිලධාරියා කීවේය.

මෙහි ඇති භයානකම තත්වය වන්නේ විශ්වව්ද්‍යාහල ආචාර්ය මහාචාර්යවරුන් රැසක් විදේශ රටවල පුරවැසිභාවය අතේ තබාගෙන සිටීම බවත්, ඇතැම් අධ්‍යයන අංශවල සිටින ආචාර්යවරුන්ගෙන් සියයට සීයක්ම පාහේ විදේශ පුරවැසිභාවය ඇති අය බවයි. විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් වැඩි පිරිසක් විදේශ රටවල පුරවැසිභාවය අයදුම් කර ඇතැයි ද ඔහු වැඩි දුරටත් අනාවරණය කළේය.

මේ අතර, විශ්වවිද්‍යාලවල නඩත්තු කටයුතු සඳහා මුදල් දීම දැඩි ලෙස සීමා කර ඇති අතර, දැනට මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ, ආචාර්යවරුන්ගේ වැටුප් දීමනා ආදිය ගෙව්මට පමණක් බවද වාර්තා වේ.

විශ්වවිද්‍යාලවල විදුලි සහ ජල බිල් ගෙවීම ද මේ තත්වය තුළ බරපහළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ. විශ්වවිද්‍යාලවල පසුගිය කාලයේ කරන ඉදිකිරීම් වෙනුවෙන් ගෙවන්නට ඇති රුපියල් කෝටි 300ක පමණ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ ගොඩගැසී ඇතැයි වාර්තා වේ.

විශ්වව්ද්‍යාහලවල ප්‍රාග්ධන වියදම් සදහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ද ලෝක බැංකු ආධාර යටතේ විශ්වවිද්‍යාලවලට රුපියල් කෝටි දාහක්, එක්දහස් දෙසීයක් පමණ මීට පෙර ලැබුණද ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා එම ප්‍රතිපාදන ලැබීම ද නතර වි ඇතැයි වාරිතා වේ.

මේ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද පුරප්පාඩු තිස්තුනක් පමණ ඇති නමුත්, මුදල් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන්, ඒවාටද බඳවාගැනීම් කිරීමට නොහැකි වී ඇතැයි ද වාර්තා වේ.

සංස්කරණය කළ ලංකා ට්රුත් සටහනකි.

 

Archive

Latest news

Related news