Thursday, May 30, 2024

විගමනික මව සියලු දරුවන්ට මවකි.

මයිකල් ජෝකිම්.
“අන්තර් ජාතික මව්වරුන්ගේ  දිනය” සෑම වසරකම මැයි මස දෙවැනි ඉරුදිනට යෙදේ. මෙවර එය සමරනු ලබන්නේ 14 වැනි ඉරු දිනය දා ය. මව්වරුන්ගේ   දින සැමරුම් ඉතිහාසය සනිටුහන් වන්නේ එක්සත් ජනපදයෙනි. 1908 වර්ෂයේ දි ඇනා ජාවිස් නමැත්තිය විසින් ඇගේ මව වන ඈන් රීවෙස් ජාවිස් නොහොත් සිවිල් යුද්ධයේදී තුවාල ලත් සොල්දාදුවන් වෙනුවෙන් මව්දින මෙහෙවර සමාජ ශාලා ආරම්භ කළ සාම ක්‍රියාකාරිනිය සිහිකරනු වස් සංවිධාන කරන  ලද එම උත්සවය ලොව ප්‍රථම මව් දින සැමරුම් අවස්ථාව ලෙස සැලකේ.
ඇනා ජාවිස්ගේ මෙම ප්‍රයත්නයෙහි අරමුණ වන්නේ තම මව පවුලටත් දේශයටත් කළ කැපවීමට හා පරිත්‍යාගයට උපහාර දැක්වීමයි. මෙම ආරම්භය 1914 වන විට එක්සත් ජනපදය තුළ මව්වරුන්ගේ දිනයට නිල වශයෙන් පිළිගැනීමක් හිමිවීම දක්වා දිව ගියේ ය.එතැන් පටන් මව්වරුන්ගේ දිනය ලොවපුරා ප්‍රචලිත සැමරුම් දිනයක් විය.මෙම  දිනය මව්වරුන් සහ මව් භූමිකාව වෙනුවෙන් වෙන් වූ  ද එය අගය කරන්නා වූ ද සුවිශේෂි දිනයකි. එය තම දරුවන්ගේ, පවුලෙහි  සහ ප්‍රජාවෙහි උන්නතිය උදෙසා මව්වරුන් දරන අපරිමිත වෙහෙස, පරිත්‍යාගය සහ කැපවීම වෙනුවෙන් ගෞරවය පුද කරන මොහොත යි.
ශ්‍රී ලංකාවේ පවුල්, සංවිධාන, ආගමික ස්ථාන, පාසල් සහ වැඩිහිටියෝ විවිධ අන්දමේ උත්සව අංගයන්ගෙන් මෙම දිනය සමරති. එනමුත් විගමනික මවක් විසින් තම දරුවන්ට පමණක් නොව  රටේ සමස්ථ දරුවන් වෙනුවෙන් සාමාන්‍ය මවක අභිබවනය කරමින් ආර්ථිකයට දක්වන දායකත්වය බොහෝ දෙනෙක් හඳුනාගෙන නොමැත. විගමනික මවකගෙන් ලබන විදේශිය ප්‍රේෂණ හුදෙක් තම  දුවාදරුවන්ගේ සුබසාධනය, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සංවර්ධනය පිණිස නොව සියලු දරු පිරිස් වෙත වක්‍රාකාරයෙන් ළඟා වෙයි.
 කොවිඩ් 19 වසංගතය සමයේදී සහ ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අවපාතය සමයෙහි දී මෙය මනාව පසක් විය. ප්‍රවාහනය අඩපණ වී පාසල් වැසී යද්දී ද රෝහල්වල ඖෂධ හිඟවී රට ම බංකොලොත් වෙද්දී වඩාත් බලපෑමට ලක් වූ කණ්ඩායම දරුවෝ වෙති. එසේ විගමනික මවකගෙන්  සහ  විගමනිකයගෙන් ලබන විදේශිය ප්‍රේෂණ නොලැබූනුවිට එවන්  තත්වයක් උදාවිය. වත්මන් සන්දර්භය තුළ පවා විගමනික මවකගේ දායකත්වය මුළු මහත් දේශයට හා සියලු දරුවන්ට ඉඳුරා ම වැදගත් වී තිබේ.
එතෙකුදු වුවත් එකී දායකත්වය කෙතරම් දුරකට අගය කොට, වටිනාකමක් හා ගෞරවයක් ලබා දී තිබේ ද යන්න ප්‍රශ්නාර්ථයකි. තීරකයන්,දේශපාලඥයන්, ආගමික නායකයන් සහ සමස්ථ ප්‍රජාව යනාදී සියල්ලෝම එකසේ  විගමනික මවක උපයන ආදායමෙන් ඍජුව හෝ වක්‍රව ප්‍රතිලාභ ලබති. විගමනික මව්වරුන් නොවටිනා දායකත්වයක් දක්වන්නන් ලෙස පෙන්නුම් කිරිමෙහි ලා වෙසෙසින් ම බලපා ඇති සමාජයීය රඟදක්වන්නන්ගේ දැඩි අසංවේදිත්වය සහ නොසැලකිලිමත්භාවය මව්වරුන්ට හා කාන්තාවන්ට එරෙහි බරපතල සමාජයිය අපරාධයක් සේ සැලකිය යුතු ය.
ඉතිහාසය පවසන්නේ රීවීස් ජාවෙස් නමැති සාම ක්‍රියාකාරිනිය සිවිල් යුධ සමයේදී තුවාල ලත් සොල්දාදුවන් ‍වෙනුවෙන් රැකවරණය සැලසීම පිණිස මව්දින මෙහෙවර සමාජ ශාලා ආරම්භ කළ බවයි.  ඇනා ජාවේස් ගේ ප්‍රයත්නය වූයේ තම පවුල සහ රට වෙනුවෙන් ලබා දුන් කැපවීමට හා පරිත්‍යාගයට උපහාර දැක්විමයි. එහෙත් විගමනික මව්වරුන් සම්බන්ධයෙන් සැලකූ විට තම දරුවන් වෙනුවෙන් පමණක් නොව දේශයෙහි ම දරුවන් වෙනුවෙන් අතිශයින් සංකීර්ණ ආර්ථික යුද්ධය හා සටන් වදින රණවිරුවන් ද සොල්දාදුවන් ද පා බල හමුදාව  ද ඔවුන්ම ය.

විගමණික මවකගේ  ද්විවිධ අභියෝගය

ඇය කෙරෙන් මතුවන ඇතැම් කථා පුවත් ඔවුන්ගේ වැඩ පරිසරය තුළ මුහුණ දෙන අරගල, පරිභවයනට ලක්විම්, වේදනාවන් සහ හිංසනයන්ගෙන් පිරුණු ඒවා ය.  විගමණික මවකට මෙම අරගල ද්විවිධ අභියෝගයකි. එක් පසෙකින් සිය රට හැරයාමේ අභියෝගය වන අතර  අනෙක් පසින් ගමනාන්ත රටෙහි වාසය කිරීමේ අභියෝගයයි. කායිකව මානසිකව මෙන් ම භෞත චිකිත්සක ලෙස තුවාල ලැබූ ආර්ථික වීරවරියන් මෙලෙස නොසලකා හැරීම කිනම් අපරාධයක් ද? විගමනික මවුවරුන් මෙලෙස දේශය වෙනුවෙන් සිදු කරන කැපවීම සහ පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව අරුත්බර ණයගැතිභාවයක් දක්වන්නේ ද?
මෙම පසුබෑමට එරෙහිව වොයිස් ඔෆ් මයිග්‍රන්ට්ස් (VoM) සිය සාමාජික සංවිධාන වන වතු හා ග්‍රාමීය අධ්‍යාපන හා සංවර්ධන සංවිධානය  (PREDO) එවැනි සංවිධාන හා එක්ව 2023 මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පහත සටන් පාඨය නිර්මාණය කර ඇත.
 මෙම සටන් පාඨයෙහි අරමුණ බහුවිධ වෙයි, එනම්:
    1. විගමනික මව්වරුන්ට/කාන්තාවන්ට නිසි පිළිගැනීම සහ වැඩිදියුණු කළ සේවාවන් සහතික කිරීම.
    2. ප්‍රජා පාදක, සහභාගිත්ව පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් නිර්මාණය කිරීම.
    3. විගමනික මව්වරුන්ට/ විගමනිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහතික කිරීම
වොයිස් ඔෆ් මයිග්‍රන්ට්ස් (VoM)හි සාමාජික සංවිධානයක් වන වතු ග්‍රාමීය අධ්‍යාපන හා සංවර්ධන සංවිධානය  (PREDO) අනෙකුත් සාමාජික සංවිධාන හා එක්ව විගමනික ශ්‍රමික මව්වරුන්ගේ තත්ත්වය නඟා සිටුවීමට කටයුතු කරමින් සිටී. මෙම මව්වරුන් අතරින් බොහෝ දෙනෙක් නිපුණ ශ්‍රමිකයන් නොවන අතර ඔවුන් නොමැති කල්හි මවකගේ මෙන් ම පියෙකුගේ භූමිකාව යන කාර්යයන් දෙකම ඉටුකිරිමට පැවරෙන විට එකී වගකීමට පිටුපාන පිරිමින් සහ ස්වාමිපුරුෂයන් නිසා මවුවරුන්ගේ උත්සාහය අපතේ යනු පෙනේ.
අතීතයේ දී විගමනික පවුල්වල පියවරුන් දරුවන්ගේ විශ්වාසදායි ආරක්ෂකයන් ලෙස නොසැලකිණි. පියවරුන් මෙම මව්- පිය ද්විත්ව භූමිකාව ඉටුකිරිමේ වැදගත්කම PREDO විසින් හඳුනාගන්නා ලදී.  නික්මයාමට පෙර පුහුණුව් දී PREDO විසින් ස්ථාපනය කරන ලද විගමනික සමාජ මඟින් උපද්‍රවවලින් තොර නැවත පැමිණීම     ඇතුළුව සමස්ථ සංක්‍රමණික ක්‍රියාවලිය සඳහා පියවරුන් සහ මව්වරුන් සක්‍රියව යොදා ගැණින. මෙම පුහුණුවෙන් අනතුරුව ස්වකීය පවුලේ සංවර්ධනය සඳහා පියා/ ස්වාමිපුරුෂයා/ සොහොයුරා උත්තර බැඳිය යුතු “පවුල් ප්‍රගතිය නියාමන සටහනක් (Family Progress Monitoring Chart )  PREDO විසින් හඳුන්වා දෙන ලදී. FPMC මඟින් ගැහැණු දරුවන්ගේ කොණ්ඩය පීරීම, රෙදි සේදිමට හැකියාවක් නොමැති තරමට කුඩා නම් එය ඉටු කර දිම වැනි මවකගෙන් සැලසෙන සේවාවන් මෙන් ම පියකුගේ කාර්යභාරය ද ඇතුළත්ව පවුල වෙනුවෙන් ඉටු කළයුතු දෑ පිළිබඳ සෑම විස්තරයක් ම සහිත මාර්ගෝපදේශයක් පියවරුන්ට සහ  සෑම සාමාජිකයකුටම සැපයිණ. ඒ අනුව පවුලේ එහි උන්නතිය පිණිස දායකවන්නකු බවට පත් වූයේ ය.  බොහෝ අවස්ථාවලදී FPMC අනුගමනය කළ පියවරු “සැබෑ වටිනාකමක් හිමි පියවරු“ බවට මේ වන විට  හඳුනාගනු ලැබ ඇති අතර ඔවහු ඒ පිළිබඳව සාඩම්බර වෙති.‘පියකු‘ වශයෙන් තමන්ගේ සැබෑ වටිනාකම ඔවුන් හඳුනාගෙන ඇත්තේ දැන්  ය.
ඔවුහු තම බිරින්දෑවරුන්, සොහොයුරියන් සහ දියණිවරුන් පවුලේ සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය අගය කොට සිටින අතර පිළිගත් සම – සාමාජිකයකු වශයෙන් සාඩම්බර වෙති. ස්වකීය බිරින්දෑවරුන්ගේ සාර්ථක කතා පුවත්,දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ, මව නොමැති කල් හි තමන් අසනීප දරුවන් රැකබලා ගත්තේ කෙසේ ද සහ දියණිය වැඩිවිය පත් උත්සවයේ දී සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටුකළේ කෙසේ ද යන්න පිළිබඳව ස්වාමිපුරුෂයකු හෝ පියකු සාඩම්බරයෙන් ඉදිරිපත් කරන කතා පුවත්   PREDO  සතුව එමට ය. සංක්‍රමණික සමාජ, ගුරුවරු, ළමා සමාජ යනාදී සියල්ලෝම මෙම ප්‍රජා පාදක සහභාගිත්ව “ පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන“  සකස් කිරීමෙහි ලා සිය භූමිකාව ඉටුකරමින් දායකත්වය දැක්වූහ.
විගමනික මවකගේ දායකත්වයට නිසි පිළිගැනීම හා ගෞරවය පිරිනැමීමේ ඵලදායි ආකාරය නම් ඇය නොමැතිව වුව ද ඇගේ පවුල සහ දරුවන් සුරක්ෂිතව යහපත්ව ජීවත්වන බව සහතික විම බව මෙයින් සනාථ කෙරේ. මෙය යහපත්  වැඩපිළිවෙලක් සේ සලකා රජය විසින් “ ප්‍රජා පාදක සහභාගිත්ව පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන“ සංවර්ධනය කළ යුතු ය.     විගමනික මවකට රජයෙන් හා ගමනාන්ත රටෙහි තානාපති කාර්යාලවලින් මනා සේවාවක් හිමිවිය යුතු අතර, අන්තර්ජාතික සංක්‍රමණික අයිතිවාසිකම් වැනි වරප්‍රසාද ද හිමි විය යුතු බව ය. එසේ ම ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශන අයිතිය ද සුරක්ෂිත විය යුතු ය.
අද සිට විගමනික මව ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මව්වරුන්ගේ දිනයෙහි අත්‍යවශ්‍ය කොටසක් වශයෙන් පිළිගනු ලැබිය යුතු ය. එසේ ම ජූනි මස තුන්වන සතියෙහි එනම් මෙවර 18 වැනි දිනට යෙදී  ඇති “අන්තර්ජාතික පියවරුන්ගේ දිනය“ සැමරීමේ දී විගමනික පියවරුන් ද ඇතුළත් කළ යුතු බවට යෝජනා කෙරේ.
මයිකල් ජෝකිම්
වොයිස් ඔෆ් මයිග්‍රන්ට්ස් වෙනුවෙන්

Archive

Latest news

Related news