ගෝටා කොටි පහක් දුන් බව කියවුන රවිරාජ් ඝාතකයින් නිදහස් කිරීම අභියාචනාධිකරණය අත්හිටුවයි: යළි විභාගයක් නියෝග කරයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනෙකු ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය විසින් නැවත විභාගයක් පැවැත්වීමට නියෝග කර තිබේ.

මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව, 2026 මාර්තු 26 වන දින බී. සසි මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

තනි සිංහල ජූරි සභාවක් ඉදිරිෙය් අසන ලද  ෙමම නඩුෙව් තීන්දුව ප්‍රකාශයට පත් කරන විට මධ්‍යම රාත්‍රිය පසු වී තිබුණි.

නඩරාජා රවිරාජ් ඝාතනය සඳහා යොදා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවෙහි දී  දැනුම් දුන්නේය.

රවිරාජ් ඝාතනය අවස්ථාවේ තමන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ යාපනයේ සංචාරයක යෙදී සිටි බව සැකකාර නාවික හමුදා සෙබලෝ පැවසූහ.

රවිරාජ් ඝාතන නඩුව මෙහෙයවන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය විසිනි. එහි ප්‍රධාන සාක්ෂිකරු වූ ප්‍රීති විරාජ් මනම්පේරි නමැති පොලිස් නිලධාරියා මේ ඝාතනයට සක්‍රීයව දායක වූ අපරාධ සහායකයකු විය. නීතිපතිවරයා විසින් ඔහු හට ලබාදුන් කොන්දේසි සහිත සමාව මත ඔහු එම නඩුවේ පළමු සාක්කිකරු ලෙස නම් කර තිබුණි.

ප්‍රීති විරාජ් මනම්පේරි රවිරාජ් ඝාතකයා සමඟ යතුරු පැදිය පදවාගෙන ගිය පුද්ගලයා වුවත් වෙනත් ඇසින් දුටු සාක්කිකරුවන් නොමැති හෙයින් ඔහු හට කොන්දේසි සහන පොදු සමාව ලබාදීමට නීතිපතිවරයා තීරණය කර තිබුණි. එම නඩුව බෙහෝ සෙයින් රදා පැවැතියේ එම සාක්ෂිය මතය.

මෙම නඩුවෙහි පැමිණිල්ල ඉදිරිපත් කල නීතිපති පාර්ශවයට එරෙහිව සේවසේ යෙදී සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ නිලන්ත ජයවර්ධන නිසි අවසරයක් නොගෙන විත්තිය වෙනුවෙන් සාක්ෂි දුන්නේය.  එලෙස සාක්ෂි දුන්නේ ගෝඨාභය සම්බන්ධය නිසා යැයි නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පාස්කු විමර්ශන කොමිෂන් සභාවට කීවාය.

නඩුව සම්බන්ධයෙන් පළ වූ  මෙම ලිපිය නඩුව පිළිබඳ කරුණු අනාවරණය කරයි

රවිරාජ් ඝාතන සැකකරුවන් නිදහස් කිරීම අධිකරණය ගැන විශ්වාසය පළුදු කළා – සුමන්තිරන්

ඇසින් දුටු සාක්ෂිකරුවකු වූ ගාමිණී සෙනවිරත්න නමැති නාවික හමුදා නිලධාරියා වෙඩි තබනු බව දුටුවා යැයි කීවද ජූරි සභාව සියලු දෙනා නිදොස් කොට නිදහස් කෙළේය.

රාජපක්ෂ රෙජීම සමයේ 2006 නොවැම්බර් 10 වෙනිදා මහ දවාලේ, මහ පාරේ, යුද හමුදා කඳවුරක් අබියස, දෙනෝ දහක් බලාගෙන සිටියදී, වෙඩි තබා ඝාතනය කළ හිටපු පාලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වසර 10 කට පසුව පැවරූ නඩුවේ තීන්දුව දෙමින් ඔහුව ඝාතනය කළ අයෙක් නොමැති විය.

රාජපක්ෂ සමයේදී රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නොකෙරුණු අතර නව යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ පරීක්ෂණයකින් පසුව නාවික හමුදාවේ තිදෙනකු ඇතුළු 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ දී අධි චෝදනා බාර දී නඩුව විභාග වූ අතර ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති ප්‍රධාන සැකකරුවෙක් අධිකරණය මග හැර පළා ගොස් තිබියදී ඔහු නොමැතිව නඩුව විභාග විය. නඩු විභාගය සිදු කෙරුණේ ජූරි සභාවක් ඉදිරියේ ය. එසේ ජූරියක් පත් කෙරුණේ විත්තියේ ඉල්ලීම අනුව නමුත් එම ජූරි සභිකයන් සියළු දෙනාම සිංහල කතා කරන අයගෙන් පමණක් සමන්විත විය. දෙමළ දේශපාලන පක්ෂ සහ මානව හිමිකම් සංවිධාන ඒ සම්බන්ධයෙන් තම විරෝධය නඩු විභාගයට පෙරදීම ප්‍රකාශ කර තිබිණ.

ලංකා ඉතිහාසයේ පළමුවරට ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවන තුරුත් නඩු විභාගය පැවැත්වූ අතර අද (24) ට එළිවෙන පාන්දර ජූරි සභාව තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් සියළුම දෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළේය.

මෙහිදී රජයේ සාක්කි කරුවෙකු ලෙස බුද්ධි අංශයේ ලියනාරච්චිගේ අභයරත්න පොලිස් කොස්තාපල් වරයාගේ සාක්කියකින් හෙළි වූයේ රවිරාජ් ඝාතනයට මැදිහත් වූ කරුණාගේ කණ්ඩායමට ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් කෝටි 5 ක මුදලක් ලැබුනු බවයි. එසේ නමුත් ගෝඨාභය සාක්කියකට හෝ කැඳවූයේ නැත.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ පොලිස්‌ රියැදුරකු ලෙස කටයුතු කළ ප්‍රීති විරාජ් මනම්පේරි නමැති පොලිස් නිලධාරියා ඝාතනය ඇසින් දුටුවෙකු ලෙස සාක්කි දෙමින් විත්තිකරුවෙකු වූ ගාමිණී සෙනවිරත්න නමැති නාවික හමුදා නිලධාරියා වෙඩි තබනු බව දුටුවා යැයි කීවද ජූරි සභාව සියලු දෙනා නිදොස් කොට නිදහස් කෙළේය.

මේ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වූ නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේ නඩු තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි.

මෙම නඩුතීන්දුව රටේ අධිකරණය පිළිබඳව විශ්වාසයක් නොමැති බව පෙන්නුම් කරන්නක් බව කී මන්ත්‍රීවරයා යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර විනිසුරුවරුන්ගෙන් පරිබාහිරව ජාත්‍යන්තර අධිකරණයක සහය ඉල්ලා සිටින්න්නේ මෙවැනි තත්ත්වයක් නිසා යැයිද කියා සිටියේය.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් තමන් වින්දිතයින් වෙණුවෙන් පෙනී සිටි නීතිඥවරයා වශයෙන් ඇපෑලක් ඉදිරිපත් කරණ බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

නඩු තීන්දුව පිළිගත නොහැක්කේ නඩු පවරණ ලද විත්තිකරුවන් විසින්ම රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කළේ යැයි යන විශ්වාසය මතදැයි මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමන් එසේම ප්‍රකාශ නොකළත් මහදවල් සිදුවූ මේ ඝාතනය සම්බන්ධයෙන් වසර ගණනාවක් ඉකුත්ව ගියත් නිසි ලෙස අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට රජය අපොහොසත්වීම කණගාටුවට කරුණක් බවයි.

අපරාධකරුවන්ට මෙපමණ කලක් නිදැල්ලේ හැසිරීමට ඉඩකඩ ලබාදීමම බරපතල වරදක් බව පෙන්වා දෙන සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන් එවැනි තත්ත්වයක් කිසිසේත් අනුමත නොකරණ බවද කියා සිටියේය.

Archive

Latest news

Related news