Tuesday, April 23, 2024

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ආරක්ෂා කිරීම: මානව හිමිකම් කොමිසමෙන් පොලිස් නිලධාරීන් සඳහා මාර්ගෝපදේශ

ඡායාරූපය: prevention.ucsf.edu.

අන්තර් ජාතික  මනෝ විද්‍යාඥ සංගමය, ලෝ‌ක සෞඛ්‍ය සංවිධානය වැනි වෛද්‍ය සංවිධාන සහ
වෘත්තිකයන්  සංක්‍රාන්ති සමාජභාවය රෝගී තත්වයක් ‌නොවන බව ඔප්පු  කර ඇත. මෙම ආන්තික කණ්ඩායම මානව
සම්භවය ආරම්භයේ සිටම අප අතර ජීවත් වන අතර, විවිධ සමාජ සාධක නිසා තම අනන්‍යතාවය
සඟවා ගෙන නොයෙකුත් කැපකිරීම් කරමින් ජීවත් වෙති.

සියලුම මනුෂ්‍යයන් නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයයන් හා අයිතිවාසිකම්වලින් සමාන ය. සියලුම
ලිිංගික දිශානතීන් සහ ස්ත්‍රී පුරුෂ්‍ සමාජභාවීය අනන්‍යතා ඇති සියලු මනුෂ්‍යයන්ටද මානව හිමිකම්වල පූර්ණ
භුක්තතිය විඳීමට හිමිකම් ඇත.

1978 ශ්‍රී ලිංකා ආණ්ඩුක්‍රම වයවස්ථාව ද නීතිය ඉදිරියේ සියලු දෙනා  සමාන බවත්, නීතියේ සමාන
ආරක්ෂාෂාව ඇති බවත් පිළිගනී. ආන්තීකරණයට ලක් කරනු ලැබූ පුද්ගල කණ්ඩඩායම් අතර සංක්‍රාන්ති
සමාජභාවීය ප්‍රජාව එක් කණ්ඩඩායමකි. සංක්‍රාන්ති සමාජභාවය යනු උපතේ දී ඔවුන්ට පවරන ලද ස්ත්‍රී පුරුෂ
සමාජභාවයට පිළිබඳ අනනයතාවයට  නොගැලපෙන විවිධ පුද්ගලයින් සමූහයක් වෙනුවෙන්  භාවීතා කරන
පොදු පදයකි. එමනිසා, පිරිමි පුද්ගලයයකු තම ජීව විද්‍යාත්මක ලිිංගිකත්වය ගැහැණු ලෙස පිරිමි සිට
ගැහැණු – (MTF) දක්වා වෙනස් කිරීමටත්, ඒ ආකාරයටම ගැහැණු පුද්ගලයයකු තම ජීව විදයාත්මක
ලිිංගිකත්වය පිරිමියයකු ලෙස ගැහැණු සිට පිරිමි දක්වා – (FTM) වෙනස් කිරීමටත්, දිගු හා දැඩි
ක්‍රියාවලියකින් පසු කැමැති වන ක්‍රියාවලියකි.  මෙම  ක්‍රියාවලිය, සංක්‍රාන්ති ක්‍රියාවලිය ලෙස අර්ථ දැක්විය හැක.

සමහර සංක්‍රාන්ති සමාජභාවීය ඔවුන්ගේ  ප්‍රශ්නගත අනන්‍යතාවය සහ මානසික ආතතිය හේතුවෙන්
පැමිණිලි කරති. තවද, ඔවුන් සමාජ අපකීර්තියට, ලිිංගික හිරිහැරවලට, රැකියා සඳහා බඳවා ගැනීම්වලදී
වෙනස් කොට සැලකීම්වලට ලක්වීම සහ පවුලෙන් නෙරපා හැරීම් ආදියට මුහුණ දෙයි.

මේ නිසා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව මානසික ආතතියට හා සියදිවි නසාගැනීමේ සිතුවිලි වලට ගොදුරු
වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කරති. එබැවින්, සියලුම පුරවැසියන්
ඔවුන්ගේ  ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනනයතාවය හඳුනාගත යුතුය. වෙනස් කොට සැලකීම් නොවන බවට සහතික විය යුතුය.  පුද්ගලික ආරක්ෂාව සහ  සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ගේ   පුද්ගලිකත්වය
සඳහා ඇති අයිතිය සහතික කළ යුතුය.

සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් තම ගැටළු පිළිබඳව දැනුවත් කළ යුතු එක් කණ්ඩඩායමක් බවයි. පොලිස් නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ලෙස සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ගේ අනන්‍යතාවයට ගරු කිරීම වෙනස් කොට සැලකීම් නොකිරීම, පුද්ගලික ආරක්ෂාව සහ සිය පුද්ගලිකත්වයට ඇති අයිතියට ගරුකිරීම, සිය රාජකාරි ඉටු කිරීමේ දී සහතික කිරීමේ වගකීම ඔවුනට ඇත. එසේම සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ට එරෙහිව අපරාධ ක්‍රියාවන් සිදු වුව හොත් ඔවුන් ආරක්ෂා කිරීමට පොලිිය ක්‍රියාශීලීව මැදිහත් විය යුතුය.

සියලුම පුරවැසියන් සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ට වෙනස් කොට සැලකීමකින් තොරව සමානව සැලකිය යුතු අතර ඔවුන් ගේ අයිතිවාසිකම් සහ සමාජ නිදහස සමාන ලෙස සුරක්ෂිත  තිරීමට ඔවුන්ට සහාය විය යුතුය.

මාර්ගෝපදේශ:

 

Archive

Latest news

Related news