Friday, March 29, 2024

බෞද්ධයින් නැති කතෝලික දේවස්ථානයක් පමණක් ඇති කච්චතිවූ දූපතෙත් හමුදාව බුදුපිළිම තියා බෝ පැල ඉන්දවයි!

ඡායාරූප ස්තුතිය කුමනන් @kumanan93.

බෞද්ධයින් පමණක් නොව කිසිදු ස්ථිර ජනාවාසයක්  නැති කච්චතිවූ දූපතතේ හමුදාව බෝපැල සිටුවා බුද්ධ පිළිමයක් තබා බෞද්ධ පන්සලක් ආරම්භ කර තිබේ.

මේ බව ඊයේ පාර්ලිමේන්තුවෙහි දී මංත්‍රී චාල්ස් නිමලනාදන් විසින් හෙළිදරව් කරන ලද අතර ඊට සම්බන්ධ ඡායාරූප කුමනන් නම් ඡායාරූප මාධ්‍යවේදියා විසින් පළ කර තිබේ.

කච්චතිවූ දූපගේ සංහල බෞද්ධ පන්සල (ඡායාරූපය – කුමනන්)

කච්චතිව් යනු මුහුදු සීමාවේ ශ්‍රී ලංකා පැත්තේ පිහිටි අක්කර 285 (කිලෝමීටර් 1.15) දූපතකි.

2009 දී අවසන් ආයුධ  සන්නද්ධ යුද්ධය පමණය. එදා සිට සිංහල බෞද්ධ ආධිපත්‍ය පැතිරවීමේ යුද්ධය ආයුධ ගත් හමුදාව ලවා ආරම්භ කරවන ලදී.

ශ්‍රී ලංකා හමුදාව සසමස්තයක් ලෙස සංහල බෞද්ධය.

උතුරු නැගෙනහිර දෙමළ බෞද්ධ ඉතිහාසය සිංහල බෞද්ධ ඉතිහාසයක් බවට අලුතෙන් ලිවීම මෙම සිංහල-බෞද්ධකරණ යුද්ධයේ තවත්  පෙරමුණකි.

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව මෙම යුද පෙරමුණ මෙහයවන්නේ ත්‍රිවිධ හමුදාව සහ පුරා විද්‍යා දෙපාර්ථමෙන්තුව යොදා ගනිමිනි.

පුරා විද්‍යා දෙපාර්ථමෙන්තුව රනිල් රාජපක්ෂ යටතේ සිය ලාංචනය බෞද්ධ පන්සලක් බවට පරිවර්ථනය කළේය

ජනවාර්ගික ප්‍රශ්ණයට පසුගිය පෙබරවාරි 04 දිනට පෙර විසඳුමක් සපයක ්බවට රනිල් රාජපක්ෂ ගැයූ බයිලා තියෙද්දීත්, එම බයිලා හමුවේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන්ගේ වැද වැටීම් තිබියදීත් සිදුවන ඇත්ත එයයි.

ඊට හොදම නිදසුන වන්නේ  කතෝලික දේවස්ථානයක් පමණක් තිබූ, දෙමළ කතෝලිකයින්ගේ පුද බිමක් වූ කච්චතිවූ නාවික හමුදා පන්සලක් පිහිටුවීමය.

කච්චතිවූ දිවයින

ශාන්ත අන්තෝනි දේවාලය දිවයිනේ ඇති එකම ගොඩනැගිල්ලයි. එය කිතුනුවන් විසින් මුහුදු යාත්‍රාකරුවන්ගේ අනුශාසක සාන්තුවරයෙකු ලෙස සලකනු ලබන පාදුවා හි ඇන්ටනිගේ නමින් නම් කරන ලද සිද්ධස්ථාන-පල්ලියකි.

20 වන සියවසේ මුල් භාගයේදී එය ඉදි කරන ලද්දේ සමෘද්ධිමත් ඉන්දියානු කතෝලික (දෙමළ) ධීවරයෙකු  වූ ශ්‍රීනිවාසා පාදයියාචි විසිනි. එහි වාර්ෂික පල්ලියේ උත්සවය දින තුනක් පුරා පැවැත්වේ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පූජකවරු නමස්කාර සේවා  සහ පෙරහැර පවත්වති. ඉන්දියාවේ සිට පැමිණෙන වන්දනාකරුවන් බොහෝ දුරට රාමේෂ්වරම් සිට පැමිණේ.

කච්චතිවූ දුපතට රාමේශවරම් සිට ඇත්තේ කිලෝමීටර 10කි.

ඉන්දීය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමට අනුව, කච්චතිව් නැරඹීම සඳහා ඉන්දියාවේ පුරවැසියන් හට ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් හෝ ශ්‍රී ලංකා වීසා බලපත්‍රයක් තිබීම අවශ්‍ය නොවේ. එහි  පානීය ජලය හිඟය.

කච්චතිවූ මුලින් රාම්නාද් (වර්තමාන රාමනාතපුරම්, තමිල්නාඩුව) රජුට අයත් විය.

1974-76 අතර ඉන්දු – ශ්‍රී ලංකා මුහුදු සීමා ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවේ කොටසක් වන කච්චතිව් දූපත සාම්ප්‍රදායික ලෙස ඉන්දියාවට ලබා ගත යුතු බව තමිල්නාඩු දේශපාලන පක්ෂ දිගටම උද්ඝෝෂනය කරමින් සිටිති. එහි මහ ඇමති එම්.කේ. ස්ටාලින් අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේ පැවති රජයේ උත්සවයකදී ද මැතදී එම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.  ඔවුන්ගේ තර්කය වන්නේ  දෙමළ ධීවරයින්ගේ ධීවර අයිතීන්ට සිංහල හමුදා කරන බලපෑම් නතර කළ යුතු බවයි.

1974 දී එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධි, 1974-76 අතර කාලය තුළ සිය මිතුරියක වූ ශ්‍රී ලංකා අගමැති සිරිමා බණ්ඩාරනායක සමඟ සමුද්‍ර සීමා ගිවිසුම් හතරක් අත්සන් කර කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දෙන ලදී.

ඊට ප්‍රතිචාර වශයෙන් 1991 දී තමිල්නාඩු සභාව විසින් යෝජනාවක් මගින් කච්චතිව් දූපත නැවත ලබා ගන්නා ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කරන ලදී.

2008 දී එවකට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා එම මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන ගොස් කච්චතිව් ගිවිසුම් බල රහිත කරන ලෙස අභියාචනා කළාය. කච්චතිව් ශ්‍රී ලංකාවට දායාද කළ රටවල් අතර ගිවිසුම් දෙකක් ව්‍යවස්ථා විරෝධී බව ඇය ප්‍රකාශ කළාය.

1974 සහ 1976 දී ජාත්‍යන්තර සමුද්‍ර මායිම් රේඛාව (IMBL) වෙන් කිරීම සඳහා දෙරට අතර ගිවිසුම් අත්සන් කරන ලදී. එමගින්  මෙතෙක් ධීවරයින් තම මසුන් වර්ග කිරීමට සහ දැල් වියලීම සඳහා භාවිතා කළ කුඩා කච්චතිව් දූපත IMBL හි අනෙක් වැටුනි.

නමුත් ධීවරයන් මුහුදු සීමා මායිම් නොදන්නා නිසා මෙම මුහුදු තීරයේ ඉන්දීය ධීවරයින් මසුන් ඇල්ලීම නැවැත්වීමට ගිවිසුමට නොහැකි විය.

සමුද්‍ර මායිම් ගිවිසුම් අත්සන් කර තිබියදීත්, 1983 ඊළාම් යුද්ධය ආරම්භ වන තෙක් දෙරටේම ධීවර ප්‍රජාව පෝක් සමුද්‍ර සන්ධියෙහි  සාමකාමීව මසුන් ඇල්ලූහ.

එසේ වුවද, 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා ධීවරයින් ඉන්දීය ධීවරයින් තම මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන්නට පටන් ගත්තේය.

දැන්  මෙම මුහුදු දේශසීමාවේ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා නාවික හමුදව විසින් අත්අඩංගුවට ගැනීම් වැඩි වී තිබේ.

මෙම බෞද්ධ පන්සල ඉදි කිරීම මගින් තමිල්නාඩුවට කච්චතිවූ දූපත යළි ඉන්දියාවට ලබා ගත යුතු බවට උද්ඝෝෂන කිරීමට තවත් අවස්ථාවක් ලැබෙනු ඇත.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news