Friday, April 26, 2024

තර්ස්ටන් දරුවන්ට හෙලිකොප්ටර්, වතුකර දරුවන්ට මිනී වල අඩිපාරේම ජැක්සන්ට ලැබෙන හත්මාසේ රාජපක්ෂ සුවසේවය ගැන විමසීමක් ! -ජනමිත්‍ර

ඡායාරූපය: නානුඔය රදැල්ල බස් රථයක් වෑන් රථයක් ගැටීමෙන් පසුගියදා මියගිය එකම පවුලේ පස් දෙනාගේ   අවසන් කටයුතු සිදුවූ අයුරු.

පසුගිය කොරෝනා වසංගතය ආරම්භයට පෙර ලංකාවේ දැඩි සත්කාර ප්‍රතිකාර අංශවල ඇඳන් තිබුනේ 700 ක් පමණි. කොළඹ මහා රෝහලේ සමස්ථ ඇඳන් ප්‍රමාණය 6000 කට අඩු ප්‍රමාණයකි. දැඩි සත්කාර ප්‍රතිකාර ඇඳන් ඇත්තේ 20 කට අඩු ප්‍රමාණයකි. ඉහල යන අධික පුද්ගලික සුව සේවා මිල ගණන් නිසා ඉහල මධ්‍යම පන්තිකයින් පවා කොළඹ මහා රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුවීම මේ දිනවල සුලබ වී ඇත. සාමාන්‍යයෙන් පුද්ගලික රෝහලක දැඩි සත්කාර ප්‍රතිකාර ඇඳක් භාවිතා කරන්නේ නම් රෝගය අනුව වෙනස් වුව ද අවමව දිනකට ලක්ෂ දෙකක බිලක් ලැබීම සාමාන්‍යයකි.

ජැක්සන් ඇන්තනි රංග ශිල්පියා දැඩි සත්කාර ප්‍රතිකාර ලැබීමට පෙර මහින්ද රාජපක්ෂගේ කොන්ත්‍රාත් මුදල් ඉපැයූ වෙළෙන්දෙකි. එය රටම දනිති. මහින්ද රාජපක්ෂ සහ බුදුන් වහන්සේ නෑයන් බව සනාථ කිරීමට උත්සාහ කළ වෙළෙන්දෙකි.

ලියුම්කරුගේ අම්මාට වූ දේ…

ලංකාවේ රජයේ සුවසේවය පිළිබඳ මෙම ලියුම්කරුගේ පුද්ගලික අත්දැකීමක් ප්‍රථමයෙන් ඔබ සමග බෙදාගැනීමට කැමැත්තෙමි. මීට වසර පහකට පමණ ප්‍රථම මගේ මව දැඩිව අසනීප වී මහනුවර රෝහලට ඇතුලත් කළ අතර මොළයේ නහරවල  දුර්වලතාවය නිසා 55 හැවිරිදි ඇයව දැඩි සත්කාර ප්‍රතිකාර අංශයට ඇතුලත් කළාය.  සම්පූර්ණයෙන් ඔක්සිජන් යන්ත්‍ර ආධාරයෙන් සිටි ඇයට දින 3 කට පසු ඇය වෙනුවෙන් ලබා දුන් දැඩි සත්කාර ඇඳ ඇයට වඩා තරුණ රෝගියෙකු වෙනුවෙන් ලාබාදීමට සිදුවන බව මහනුවර රෝහල් බලධාරීහු අපට දැන්වූහ. බලවත් කන්නලව් බලකිරීම් මත ඒ අවස්ථාවේ ඇගේ ඔක්සිජන් යන්ත්‍ර ආධාරකය ගැලවීම නැවැත්වූව ද නිවසට ගොස් පසුදා පැමිණෙන විට මවගේ ඔක්සිජන් යන්ත්‍රය  ගලවා රෝහල් බලධාරීන් ඇයව ජීවත් කළ නොහැකි රෝගියකු ලෙස සලකා පරලොවට යැවීමට ක්‍රියා කර තිබිණ. අපට කිසිදු දේශපාලන බලපුළුවන්කාරකම් නොමැති නිසා සාමාන්‍ය පුරවැසි මවකට එසේ අඩු වයසින් මිය යාමට සැලැස් වූ ශ්‍රී ලංකා රෝහල් සේවයට අයත් කොළඹ මහා රෝහල තුල ජැක්සන් ඇන්තනි රංග ශිල්පියා දැඩි සත්කාර ප්‍රතිකාර ඇඳක් මත දැනට මාස 7 ක් පුරා තබා ගැනීමට අවසර  ලබා දී ඇත. එසේ කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත රනිල් වික්‍රමසිංහ ජානාධිපතිවරයා විසින් බව විශ්වාසදායී රෝහල් ආරංචි මාර්ග පවසයි.

ජැක්සන් වෙනුවෙන් ඇඳට පමණක් රු.මිලියන 42 ක්..

පෙර කී ලෙස පුද්ගලික අංශයේ නම් දැඩි සත්කාර ඇඳක දිනක සාමාන්‍ය වියදම රුපියල් 200000 x දින 30 x මාස 7 = රු මිලියන 42 ක් පමණ වන මුදලක් මහජනයාගේ මුදලින් වැය කරමින් ජැක්සන් ඇන්තනී වෙනුවෙන් රජයේ සුව සේවා පහසුකම් ලබා දී ඇත. සාමාන්‍ය ජනයාට රෝහලකින් බෙහෙත් නොමැතිව හරවා යවන කාලයක මෙය කෙතරම් සාධාරණද යන්න විශාල ගැටලුවකි. මෙම මාස 7 ක්  වූ කාලය තුල ජැක්සන් ඇන්තනී රංග ශිල්පියා දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා භාවීතා කරනු ලබන ඇඳ ලබා ගත නොහැකිවූ රෝගීන් කී දෙනෙකු මෙම ලියුම්කරුගේ මව මෙන් පරලොව යැව්වාද යන්න ද ප්‍රශ්නයකි. සාමාන්‍ය  අවමව තක්සේරු කළ ද එලෙස අහිංසක රෝගීන් 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් පරලොව යවා ඇත.

පසුගිය සතියේ තර්ස්ටන් විද්‍යාලයේ  සිසුන් ගිය විනෝද චාරිකාවේ දී අනතුරට පත් සිසුන් වෙනුවෙන් හෙලිකොප්ටර ලබා දුන් අතර මිය ගිය නුවරඑළියේ මිනිසුන්ට ලැබුනේ මිනී වල පමණි.

දැඩි සත්කාර ඇඳේ නාටකයේ තිර පිටපත..

ජැක්සන් ඇන්තනි රංග ශිල්පියා සම්බන්ධයෙන් රෝග විනිශ්චයක් දීම අපගේ කාරිය නොවුන ද මාස හතක් පුරා සිදුවෙමින් පවතින දැඩි සත්කාර ඇඳේ නාටකයේ තිර පිටපත ගැන නම් අපට විනිශ්චයක් කළ හැකිය. ජැක්සන් ඇන්තනී රංග ශිල්පියා යනු ගාමිණී ෆොන්සේකා ද නොවේ. ඔහු සහ සාමාන්‍ය රෝගී පුරවැසියකු අතර ඇත්තේ දේශපාලන සට්ටැඹි භේදය පමණි. මේ දේශපාලන සට්ටැඹි වරප්‍රසාදය අද දැඩි සත්කාර ඇඳක් ලබා ගැනීම පමණක් නොව රෝහලකට ඇතුලත්වීම දක්වාම දිගු වී ඇත.

තවමත් ගෝත්‍රික වැඩවසම් සමාජයක් ද?

ලංකාවේ ගෝත්‍රික වැඩවසම් සමාජය ඉංග්‍රීසි ආක්‍රමණයෙන් අවසන් වූ බවත් 2021 සියවසේ නම් ලංකාවේ කිසිදු ගෝත්‍රික වැඩවසම් අර්බුදයක් කිසිසේත් නැත යන මනෝ ලෝකයක අපි ජීවත් වන්නෙමු. නමුත් පසුගිය සතියේ තර්ස්ටන් විද්‍යාලයේ  සිසුන් ගිය විනෝද චාරිකාවේ දී අනතුරට පත් සිසුන් වෙනුවෙන් හෙලිකොප්ටර ලබා දුන් අතර මිය ගිය නුවරඑළියේ මිනිසුන්ට ලැබුනේ මිනී වල පමණි.

අප මෙම ලිපිය ලියන්නේ ජැක්සන් ඇන්තනි රංග ශිල්පියා පිළිබඳව කිසිදු ද්වේශයකින් නොවන අතර අප පෙනී සිටින්නේ මෙරට අසරණ පොදු ජනතාවගේ සුව සේවා අයිතිය උල්ලංගනය කරමින් තිබීම පිළිබඳවය. මේ රටේ ජැක්සන් ඇන්තනි රංග ශිල්පියා වෙනුවෙන් එක් ආකාරයකිනුත් අහිංසක රෝගීන් වෙනුවෙන් වෙනත් හැන්දකිනුත් බෙදීම අපි තරයේ හෙලා දකිමු.

ජාතික රෝහල ගමේ බංඩයියලාටත් මේ හැන්දෙන්ම බෙදනවාද?

ජැක්සන් ඇන්තනි රංග ශිල්පියා දැඩි සත්කාර ප්‍රතිකාර ලැබීමට පෙර මහින්ද රාජපක්ෂගේ කොන්ත්‍රාත් මුදල් ඉපැයූ වෙළෙන්දෙකි. එය රටම දනිති. මහින්ද රාජපක්ෂ සහ බුදුන් වහන්සේ නෑයන් බව සනාථ කිරීමට උත්සාහ කළ වෙළෙන්දෙකි. එසේනම් දුගී ජනතාවට ඇති දැඩි සත්කාර ප්‍රතිකාර ඇඳ ජනතාවට ලබා දී ඔහුව පුද්ගලික රෝහලකට ඇතුලත් කර ඒ වියදම ඔහුගේ පවුලේ අය හෝ රාජපක්ෂ පවුලේ අය දැරිය යුතුය. ජැක්සන් ඇන්තනිට මේ ලෙස දිගු කාලීන දැඩි සත්කාර ඇඳක ප්‍රතිකාර ලබා දෙන විට පෙර කී  ආකාරයේ දැඩි සත්කාර ප්‍රතිකාර ඇඳන් ලබාදීමේ දී තරුණ රෝගීන්ට මුලිකත්වය දෙන ජාතික රෝහල් ප්‍රතිපත්තියට සිදුවුයේ කුමක්ද ? මෙය සාධාරණ නම් ගමේ බංඩයියලාට ද ඇසිලින්ලාට ද ජාතික රෝහල මේ හැන්දෙන්ම බෙදිය යුතුය.

පනාපුත්‍ර කුහුඹු පැණියාගේ අයිතියත් කෙළෙසීමක්..

අපට හැඟී යන ආකාරයට මෙහිදී ජැක්සන් ඇන්තනී හෙවත් ඔහුම ඔහුව නම් කර ගත් ආකාරයට පනාපුත්‍ර කුහුඹු පැණියාගේ ද අයිතිවාසිකමක් උල්ලංගණය වෙමින් තිබේ. මොළය මිය ගිය පනාපුත්‍ර කුහුඹු පැණියා දැඩි සත්කාර ප්‍රතිකාර ඇඳක්  තුල බලහත්කාරයෙන් තබාගෙන සිටීමෙන් ඔහු පැතූ වධ නොවිඳ ස්වර්ගයට යාමට ඔහුට තිබෙන අයිතිය ද අවුරා ඇත.

ජනමිත්‍ / LankaeNews

Archive

Latest news

Related news