Friday, April 26, 2024

වෛද්‍ය ෂා‌ෆිගේ මූලික අයිතිවාසිකමම් පෙත්සම ගැන කරුණූ දැක්වීම මැයි 16දා

දරු උපත් ලද මව්වරුන් වන්ධ්‍යාකරණයට ලක් කලේ යැයි ව්‍යජ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීම ගැන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්න්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුනු දැක්වීම  සඳහා අද (25) දින නියම කෙරිණි.

වෛද්‍ය ෂිහාබ්දීන් අත්අඩංඟුවට ගැනීම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වූ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය දක්වාම මෙම සිදුවීම සිංහල ජාතිය විනාශ කිරීමේ වෑයමක් ලෙස පින්තාරු කරන ලදී.

පසුව වෛද්‍ය ෂිහාබ්දීන් නිදොස් කොට නිදහස් කරන ලද අතර ඔහුගේ හිඟ වැටුප් පවා ගෙවීමට රජයට සිදු විය. ඔහුට විරුද්ධ දේශපාලන ව්‍යාපාරය විමල් වීරවංශ, ගම්මන්පිල, රතන හිමි යනාදී පිරිස් විසින්  රට පුරා ගෙන යන ලදී.

ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයිරාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සමට සම්බන්ධ කරුණූ දැක්වීමට  ලෙස මැයි 16 වැනිදා නියම කළේය.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් වෙනුවෙන් නීතීඥ රුෂ්ඩි හබීබ් මෙම පෙත්සම ගොනු කළේ කුරුණෑගල පොලිස් ස්ථානයේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පොලිස්පති චන්දන වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ නීතිපති. වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පෙත්සම්කරු විසින් අභියෝගයට ලක් කර තිබේ.

12(1), 12(2), 13(1), 13 (2) සහ 14(1)(g) වගන්ති යටතේ සහතික කර ඇති වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ වාර්තාවේ සඳහන් පරිදි රැඳවුම් නියෝගයක් යටතේ යැයි කියනු ලබන අත්අඩංගුවට ගැනීම සහ නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම මගින් මූලික අයිතිවාසිකම් නීති විරෝධී ලෙස උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන නියෝගයක් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වෛද්‍ය ෂිහාබ්දීන් මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී වගඋත්තරකරුවන් ද්වේෂ සහගතව, අත්තනෝමතික ලෙස සහ නීති විරෝධී ලෙස කටයුතු කර ඇති බව පෙත්සම්කරු පවසයි.

ෂාෆි ෂිහාබ්දීන් අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ අඛණ්ඩව රඳවා තබා ගැනීම “නීති විරෝධී, අසාධාරණ, අසමාන සහ බලය අයුතු ලෙස භාවිතා කිරීමක්” බව පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියි.

‍ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නිර්වචනය කර දඬුවම් ලැබිය හැකි කිසියම් වරදක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් වෛද්‍ය ෂිහාබ්දීන් අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට සාධාරණ සැකයක් ඇති කළ හැකි පදනමක් නොමැති බව පෙත්සම්කරු කියා සිටියි.

ජනාධිපති නීතිඥ හෆීල් ෆාරිස් මහතා සමඟ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

Archive

Latest news

Related news