Thursday, February 12, 2026

අපි අයවැයට විරුද්ධ නූනේ රනිල් එක්ක සාකච්ඡා කොරන්ඩ! – සුමන්දිරන්

(පුස්තකාල ඡායාරූපයකි)

ඊයේ දිනේදී අපි අයවැය දෙවැනි කියවීමට එරෙහිව ජන්ද නොදුන්නාට කාරනාව දැන් මම පැහැදිලිකරලා දුන්නා. අපි මේ අයවැයට විරුද්දව තමයි කතාකලේ, දෙමළ ජාතික සන්දානයේ මන්ත්‍රවරුන් හැම දෙනාම එයට විරුද්දව කතා කළා. අපි එකට විරුද්දව ජන්ද දෙන්න හිටියේ, එනමුත් ජනාධිපති තුමා දැන් මෑත කාලයේදී, දවස් දහයකට ඇතුල්ව කීපවතාවක් දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳීමක් හොයන්නට පුළුවන්, මම ආරාධනා කරනවා දෙමළ පක්ෂවලට ඇවිල්ල සාකච්චා කරන්ඩ කියලා, අපිට ආරාධනා කරපු නිසා අපි ඒ ආරාධනාව තියෙන වෙලාවේ විරුද්දව ජන්ද දෙන එක හොඳ නැ කියලා හිතලා අපි ජන්දෙන් වැලකිලා හිටියා.

(නොවැම්බර් 23වන දින පා.ම. සුමන්දිරන් විසින් පාර්ලිමෙන්තුවෙහි කළ කතාවෙනි.)

Archive

Latest news

Related news