බදු අය කළ යුත්තේ අවශ්‍යම වියදම් වෙනුවෙන් පමණයි – ඒ විස්තර දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත
මේ දිනවල බදු පැනවීම් සම්බන්ධ මේ සමාජයේ බරපතල මත භේද ඇත. එයට ප්‍රධානම හේතුව එසේ බදු අය කරන්නේ කුමන වියදම් සඳහාද යන්න ජනතාව නොදැනීම ය. බදු අය කරන්නේ රජයේ වියදම් වෙනුවෙන් බව අපි දනිමු. ඒ අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලනය, අධිකරණය වැනි අත්‍යාවශ්‍ය වියදම් ඇති බවත් අපි දනිමු. එවගේම හැම ආණ්ඩුවකින්ම අනවශ්‍ය හා අසාමාන්‍ය වියදම් එකතු කරගෙන ඇති බවත් ජනතාවගේ දෛනික අත්දැකීමකි.
කෙටියෙන් කියනවා නම්, සාමාන්‍ය ජනතාවගේ අත්දැකීම වන්නේ හැම ආණ්ඩුවක්ම නාස්තිකාර වියදම් සඳහා ජනතාවගෙන් සෘජු බදු වලට වඩා වක්‍ර බදු අයකර ගැනීම ය. ජනතාවගෙන් බදු අය කළ යුත්තේ සමාජීය පොදු අවශ්‍යතා වෙනුවෙනි. එසේ බදු අය කිරීමේ සමාජ සාධාරණත්වයක්ද තිබිය යුතුය. බදු අය කිරීමේ සමාජ සාධාරණත්වය ඇත්තේ ජීවත්වීමේ බරපතල අසීරුකම් වලට මුහුණ දෙන බහුතර ජනතාව මත පැටවෙන වක්‍ර හා සෘජු බදු වලින් ඔවුන් උපරිම වශයෙන් නිදහස් කරමින් මේ සමාජයේ වත්කම් හා ආදායම් විශාල වශයෙන් ගොනු කර ගන්නා ජනගහනයෙන් පොහොසත්ම සියයට 40 න් වැඩි බදු ප්‍රමාණයක් ලබා ගැනීමෙහි ය.
මේ බදු අය කිරීමේ සමස්ථ යෝජනාවලියෙහි එවැන්නක් දැකිය නොහැක. අප කවුරුත් දන්නා අයුරු බදු ආදායමෙන් සියයට 80 ට වැඩි ප්‍රතිශතයක් වක්‍ර බදු වලින් ලබා ගන්නා විට ඒ බර මුළුමනින් වාගේ දැරිය යුත්තේ හිඟමන් යදින යාචකයාගේ සිට අඩු වැටුප්ලාභී සේවක සේවිකාවන් සමග සාමාන්‍ය ජනතාව ය.
එනිසා බදු අය කිරීමේ දිසානිතියක් ලෙස තබා ගැනීමට අණ්ඩුවට අප යෝජනා කරන්නේ වහාම,
■ මන්ත්‍රී වැටුප සහ ඉන්ධන දීමනා හැර අන් සියලු දීමනා සහ ගෙවීම් අත් හිටුවන මෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩි කිසිදු ගෙවීමක් ඇමතිවරුන්ට හා රාජ්‍ය ඇමතිවරුන්ටද නොගෙවන මෙන්ද
■ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ඉන්නා කාර්ය මණ්ඩල ප්‍රධානීන්, මාධ්‍ය අධ්‍යක්ෂවරුන් වැනි අනෙක විධ උපදේශකයින්, අධ්‍යක්ෂවරුන් හා සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා වැටුප් ගෙවුවත් නොගෙවුවත් ඔවුන් සහ ඔවුන්ගේ සහායකයින් නඩත්තු කිරීමට වැය කෙරෙන මුදල් නාස්තිකාර මුදලක් වන හෙයින් එවැනි සියලු පත්වීම් අහෝසිකරන මෙන්ද
■ යුද්ධය අවසන් කළ 2009 වසර සඳහා ආරක්ෂක වියදම් වශයෙන් වෙන් කෙරුණු රුපියල් බිලියන 171 ට අමතරව, කිසිදු එවැනි ගැටුමක් තර්ජනයක් නොමැති මේ කාලයේ 2022 වසර සඳහා ඇස්මේන්තුගත ආරක්ෂක වියදම වන රුපියල් බිලියන 377, අද වන විට රුපියල අවප්‍රමාණය වීමද සළකා රුපියල් බිලියන 200 දක්වා අඩු කරන මෙන්ද
■ රජයේ වෛද්‍ය නිලධාරීක් සඳහා ගෙවන කිසිදු හේතු දැක්වීමක් කළ නොහැකි ඉතාම අසාධාරණ මාසික දීමනාවක් වන රුපියල් 50,000 ඩැට් දීමනාව අහෝසි කරන මෙන්ද
බදු පැනවීමේදී ආණ්ඩුව අලුතින් තීන්දු කළ
■ සමාජ රක්ෂණ අරමුදල් බද්ධ යැයි අයකරණ සියයට 2.5 ක් වන වක්‍ර බද්ධ සමග සියයට 15 ක වටිනාකම් එකතු කිරීමේ බද්ධ (ඪ්ඔ) අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා වහා අහෝසි කරන මෙන්ද
■ පුද්ගල ආදායම් බද්ධ අය කිරීමේ අවම සීමාව රුපියල් ලක්ෂ 02 ලෙසින් තීන්දු කරන මෙන් සහ වාර්ෂික ආදායම රුපියල් මිලියන 05 ට වැඩි සියල්ලගෙන් අය කරන පුද්ගල ආදායම් බද්ධ සියයට 40 දක්වා වැඩි කරන මෙන්ද
■ කවුරුත් දන්නා අයුරු පෞද්ගලික වෛද්‍ය සායනවල නිරත වන විශේෂඥ වෛද්‍යවරුන් සහ නීතිඥ ප්‍රජාවගෙන් බහුතරයක් නිසියාකාරව බදු නොගෙවන හෙයින් ලියාබදිංචි සියලු පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය සායනවල රෝගීන් පරීක්ෂා කරන විශේෂඳ වෛද්‍යවරුන්ගෙන් රුපියල් 10,000 ක රජයේ රෝහල් සංවර්ධන අරමුදල් බද්ධක් මාසිකව අය කිරීමටත් සියලු ලියා පදිංචි නීතිඥයින්ගෙන් ඔවුන්ගේ ලියාපදිංචිය සඳහා වාර්ෂිකව රුපියල් 10,000 ක් අය කරන මෙන්ද
අපි යෝජනා කරන්නෙමු.
මෙම යෝජනා බදු අය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක මූලික රාමුව සඳහා පදනම විය යුතු යැයි අපි අවධාරණය කරන අතර, බදු මුදල් ඇතුළු දේශීය ආදායම් වැය කෙරෙන රජයේ වියදම් ලේඛනය වහා සමාජය හමුවේ තබන මෙන්ද අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
මාධ්‍ය නිවේදනයකි