රටේ පැවැත්මට සහ ආර්ථිකයේ පුනර්ජීවනයට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර ආධාර ලබාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභීත උත්සාහයක් ගෙන ඇත. විදේශ ආධාර අත ළඟ බව ඔහු රටට සහතික වී තිබේ.
විශේෂ පණිවිඩයක්
ඔක්තෝම්බර් 6 වැනි දින පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සහය ලබා ගැනීමට තමන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගෙනහැර දක්වා ඇත.
චතුර්විධ උපාය
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිව්වැදෑරුම් උපායමාර්ගික සැලැස්මක් ජනාධිපතිවරයා විසින් එළිදක්වනු ලැබීය. පළමුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම; දෙවනුව, ජපානය, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සහ ණය ලබා දී ඇති පුද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ පොදු එකඟතාවකට පැමිණීම; තෙවනුව IMF වෙතින් සහතික කිරීමෙන් පසු IMF සහ වෙනත් රටවලින් ණය ආධාර ලබා ගැනීමෙන් ආර්ථිකය ස්ථාවර කිරීම.
සංවර්ධනය කරා
“ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු පොදු සැලැස්මක් හරහා රටේ ආර්ථිකය සංවර්ධිත මට්ටමකට නැංවීමට තමන් කටයුතු කරන” බව ඔහු පැවසීය.
පළමු පියවර
එහි පළමු පියවර මේ වන විටත් සාර්ථක වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා “දෙවැනි පියවර තැබීමට අවශ්‍ය අඩිතාලම දමමින් පවතිනවා” යැයි ද පැවසීය.
ප්‍රමාදය සහ අවිනිශ්චිත බව
කෙසේ වෙතත්, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම් යම් කොන්දේසි සපුරාලිය යුතු බැවින් එවැනි ආධාර ලබාගැනීමේ ප්‍රමාදයක් ඇති විය.
විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) ලබා ගැනීම සඳහා රජය IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ වැඩපිළිවෙලකට පැමිණ තිබුණද, විදේශ ණය තිරසාර බව සහතික කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව ප්‍රදර්ශනය කළ යුතු බැවින් එය ප්‍රමාද විය. මෙය දුෂ්කර කාර්යයක් බවට පත් විය.
දේශපාලන අස්ථාවරත්වය සහ දූෂණය
මිත්‍ර රටවල ආධාර සහ ජාත්‍යන්තර සංවිධාන සහ ආයතනවල මානුෂීය ආධාර තුළින් රට නොනැසී පවතී. කෙසේ වෙතත්, රජයේ දේශපාලන අස්ථාවරත්වය සහ දූෂණය හේතුවෙන් බොහෝ රටවල්, ජාත්‍යන්තර සංවිධාන සහ සමස්තයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව රටට උදව් කිරීමට මැලිකමක් දක්වන බවට ඉඟි තිබේ.
ජත්‍යන්තර සබඳතා
ශ්‍රී ලංකාව බොහෝ රටවල් සමඟ උණුසුම් සබඳතා පවත්වයි. අපි සියලු රටවල් සමඟ මිතුරු වීමටත් කිසිදු රටක් සමඟ සතුරු නොවිමටත් සමත් වී තිබේ.
විශේෂ සම්බන්ධතා
අපට ඉන්දියාව, චීනය සහ ජපානය සමඟ විශේෂ සබඳතා, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය සබඳතාවයක් සහ අප්‍රිකානු-ආසියානු රටවල් සමඟ නොබැඳි සබඳතා තිබුණි.
මෙම සුහදතාවය නිතර ප්‍රකාශ කර ඇත. මෙම අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය සහ චීන සබඳතා අපට විශේෂ වැදගත්කමක් දක්වයි. ඉන්දියාව ණය පහසුකම් සහ ආහාර සහ ඖෂධ තෑගි සඳහා සැලකිය යුතු ආධාර ලබා දී ඇත. එය තවදුරටත් ආධාර කිරීමට පොරොන්දු වී ඇත. වර්තමානයේ අපට අත්‍යාවශ්‍ය ඉන්ධන, ආහාර සහ ඖෂධ සපයන රටේ ගැලවුම්කරුවා ඉන්දියාවයි.
ජපන් ආධාර
කාලයක් තිස්සේ ප්‍රධාන ආධාර සපයන්නා වූ ජපානයෙන් බොහෝ දේ බලාපොරොත්තු විය. දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානය විනාශ වූ විගස සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී ජේ.ආර්.ජයවර්ධන ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් ජපානය දිගටම කෘතඥ වෙයි.
සැන් ෆ්‍රැන්සිස්කෝ
J.R ජයවර්ධන සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේ ගමන් මග වෙනස් කළේ යුද්ධය දිනූ බටහිර රටවල් ජපානයෙන් වන්දි නොඉල්ලන ලෙස පොළඹවා ගැනීමෙනි.
කෘතඥතාව
මෙය ජපන් ජාතිකයින්ගේ දිගුකාලීන කෘතඥතාව උපයා ගත් අතර එය බොහෝ ආකාරවලින් ප්‍රකාශයට පත් විය. ජපානය ශ්‍රී ලංකාවට ආධාර සපයන ප්‍රධාන මූලාශ්‍රයක් සහ සංවර්ධන හවුල්කරුවෙකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහල තිළිණ කිරීම ඒ කෘතවේදීත්වයේ සැලකිය යුතු සංකේතයකි.
චීනය
ඒ හා සමානව, කොමියුනිස්ට් චීනය සමඟ එක්සත් ජනපදයේ වෙළඳ තහනම නොතකා චීනයට රබර් ලබා ගැනීමට හැකි වූ සහල්-රබර් ගිවිසුමක් අත්සන් කළ 1952 එක්සත් ජාතික පක්ෂ රජයට චීනය සැමවිටම කෘතඥ වී තිබේ. මෙම ඓතිහාසික ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගියදා පිරිනැමුණු සහල් ප්‍රදානය මෙම කෘතවේදීත්වයට සාක්ෂියකි.
BMICH
සිරිමාවෝ මැතිනියගේ පාලන සමයේදී දැවැන්ත බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) සම්පූර්ණයෙන් ත්‍යාග කිරීම දෙරට අතර අඛණ්ඩව පැවති මෙම සුහදතාවයට සාක්ෂියකි.
දැඩි සබඳතා
එසේ නම් මෙම තීරණාත්මක අවස්ථාවේදී ආධාර ලබාගැනීමේ ප්‍රමාදයක් ඇත්තේ ඇයි? පසුගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ඇමරිකාව, ජපානය සහ ඉන්දියාවට හිරිහැර කළේය. එබැවින් විදේශ ආධාර සැලකිය යුතු ලෙස අහිමි විය.
පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය ජපානය සමඟ සුහද සබඳතා පළුදු කළේය. මෙම රජය විසින් ජපන් මොනෝරේල් ව්‍යාපෘතිය අවලංගු කරන ලද අතර එය බොහෝ දුරටම ප්‍රදානයක් වූ අතර එය මගින් කොළඹ මාර්ග තදබදය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමට ඉඩ තිබුණි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම ජපානයට සහ ඉන්දියාවට පැවරීමේ ගිවිසුම ද එම රජය අවලංගු කරන ලදී – එය රටේ බාහිර මූල්‍යවලට ප්‍රතිලාභ ගෙන දෙන්නට ඉඩ තිබූ තවත් ව්‍යාපෘතියකි. මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝණය කිරීම් ඇති විට ආධාර සඳහා ඉක්මන් හිතකර ප්‍රතිචාරයක් අපේක්ෂා කළ හැකිද?
එක්සත් ජනපදය
2019 ජනාධිපතිවරණය ආසන්නයේ, එක්සත් ජනපද මිලේනියම් කෝපරේෂන් ව්‍යාපෘතිය (MCC) රට බෙදීමට හේතු වනු ඇතැයි යන ව්‍යාජ බිය පොහොට්ටුව පක්ෂය ඇවිස්සීය. මෙම MCC ව්‍යාපෘතිය අත්හැර දැමීම නිසා රටට දායාද වීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 477ක පාඩුවක් සිදු විය.
වාසනාවකට මෙන්, ජනාධිපති වික්‍රමසිංහ මෙම තත්වයන් වෙනස් කර ඇති අතර මෙම රජයන් ඔවුන්ගේ සහය ලබා දීමට පොරොන්දු වී ඇත. කෙසේ වෙතත්, ඔවුන් දැන් අලුත් කණස්සල්ලක් දකවන බව පෙනේ.
මානව හිමිකම්
සැළකි්ල්ලට ලක්වන නව කරුණූ කාරණා ඇත. මානව හිමිකම් උල්ලංඝණය කරමින් මෑත කාලීන මර්දනකාරී ක්‍රියාමාර්ග අපට ආධාර දෙන පරිත්‍යාගශීලීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්ව ඇත. සැප්තැම්බර් 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (UNHRC) යෝජනාව මෙම කණස්සලට කාරණා සංකේතවත් කරයි. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උල්ලංඝණය වීම සම්බන්ධයෙන් විදේශීය ආණ්ඩු කිහිපයක් ද කනස්සල්ල පළ කර ඇත.
අවසන් වචන
සෑම දෙයක්ම සලකා බැලූ විට සැලකිය යුතු විදේශ ආධාර ළඟදීම නොලැබෙනු ඇත. විදේශ ණය ගෙවීමේ තිරසාර බව ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය, මානව හිමිකම් කඩකිරීම් සහ යහපාලනය නොමැතිකම සහ දූෂණය, අපේක්ෂා කරන විදේශ ආධාර ප්‍රමාද කරයි.
බොහෝ රටවල් සමඟ සුහදතාවය සහ මිත්‍රත්වය තිබියදීත්, රටේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මානුෂීය සැලකිල්ලක් තිබියදීත්, ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අත්‍යවශ්‍ය විදේශ අරමුදල් වෙත ප්‍රවේශ වීම සඳහා අපගේ රට තුළ ප්‍රශ්ණ විසදා ගැනීම ඉතා වැදගත් වේ. විදේශ ණය තිරසාර බව පෙන්නුම් කිරීම, මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ දූෂණය අවම කිරීමට පියවර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිය සැලකිය යුතු ජාත්‍යන්තර ආධාර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.
ජනතාව අතර වැඩිවෙමින් පවතින දරිද්‍රතාවය, මන්දපෝෂණය සහ කුසගින්න පිළිබඳ ගැටලු සමනය කිරීම සඳහා මිත්‍ර රටවල් සහ යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන (WFP) වැනි ජාත්‍යන්තර ආයතනවලින් රටට මානුෂීය ආධාර අඛණ්ඩව ලැබෙනු ඇත.
(සන්ඩේ ටයිමිස් පුවත් පතට ආර්ථික විශලේෂකයකු වන නිමල් සඳරත්න විසින් ලියන ලද Uncertainties and impediments for obtaining international assistance නම් ලිපියෙහි සංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් මගිනි)