Friday, March 29, 2024

“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂඥ යාන්ත්‍රණයක් පිහිටුවන්න” – නුවන් බෝපගේ ජිනීවාහිදී

වර්තමාන අර්බුදයට මුලික වූ යුද සමයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියා සහ ආර්ථික අපරාධ සම්බන්ධයෙන්  මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයන් සම්බන්ධයෙන් සාක්ෂි සංරක්ෂණය කිරීම සඳහා දැනට පවතින යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ  ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ යාන්ත්‍රණයක් වැනි නව මුල පිරීම් අනුගමනය කරන ලෙස පසුගිය 12වැනි දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසි වාරය අමතමින් අදහස් දැක් වූ නීතිඥ නුවන් බෝපගේ ඉල්ලා සිටියේය.

එම කතාවෙහි සංහල පර්වර්ථනය පහත දැක්වේ:

ශ්‍රී ලංකාව සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක ය. මහ කොමසාරිස්වරියගේ වාර්තාව පැහැදිලි කරන පරිදි,  පෙර නොවූ විරූ වර්තමාන ආර්ථික අර්බුදය දිගු කාලීන ගැටලු හේතුවෙන් ඇති වී තිබෙන්නකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය හරහා ප්‍රධාන වගවීමේ ක්‍රියාවලීන්, නීතියේ ආධිපත්‍යය සහ  යුද කාලීන කුරිරු කම්වලට වගවීම වැළැක්වීමට ආණ්ඩුව දරන උත්සාහයේ කොටසක් ලෙස ස්වාධීන මානව හිමිකම් ආයතන ක්‍රමානුකූලව කඩාකප්පල් කිරීම, දූෂණය, හිතාමතාම බලය අනිසි ලෙස භාවිතා කිරීම,  වත්මන් අර්බුදයේ මූලය වන ආර්ථිකයේ වැරදි කළමනාකරණය සඳහා දීර්ඝ කාලීන කොන්දේසි නිර්මාණය කළේය.

ඒ අතරම, ඉහළ යන ණය මධ්‍යයේ කරනු ලබන අසමාන මිලිටරි වියදම්, ආහාර, බලශක්තිය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ඉතිරි කළේ සම්පත් ස්වල්පයකි.

ආර්ථික අර්බුදය හමුවෙහි මහජන විරෝධතාවලට ආණ්ඩුව දක්වන ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරය, ජනාධිපති වික්‍රමසිංහගේ පරිපාලනය යටතේ අර්ථවත් මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ වගවීම පිළිබඳ අපේක්ෂාවන් සඳහා කිසිදු ශුභ වාදයකට ඉඩක් නොතබයි.

නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සාමකාමී විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කවුන්සිලයේ 50 වැනි සැසියේදී ලංකාණ්ඩුව  ප්‍රකාශයට පත් කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) තාවකාලික තහනමක් ප්‍රකාශයට පත් කරන ලදී. එම තහනම නොසළකා පසුගිය දා පැවති විරෝධතාවලට සම්බන්ධ යැයි  වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු කිහිප දෙනෙකු වික්‍රමසිංහ පරිපාලනය විසින් එම පනත යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගෙන ඇත.

මේ අතර, අතුරුදහන් කරවීම්වලට ලක්වූවන්ගේ පවුල් සිය ආදරණීයයන්ගේ ඉරණම දන්වන ලෙස ඉල්ලමින් දින 2000කට අධික කාලයක් පුරා අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන වින්දිතයින් නිත්‍ය හිරිහැරවලට සහ බිය ගැන්වීම්වලට මුහුණ දී තිබේ.

මෙම සන්දර්භය තුළ, වර්තමාන අර්බුදයට මුලික වූ යුද සමයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියා සහ ආර්ථික අපරාධ සම්බන්ධයෙන්  මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයන් සම්බන්ධයෙන් සාක්ෂි සංරක්ෂණය කිරීම සඳහා දැනට පවතින යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ  ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ යාන්ත්‍රණයක් වැනි නව මුල පිරීම් අනුගමනය කිරීම හරහා වර්තමාන තත්වය සියුම්ව නිරීක්ෂණය කරන සහ  වගවීම වැඩි දියුණු කරන යෝජනාවක් කවුන්සිලය විසින් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඔබට ස්තුතියි.

මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA) / 2022 සැප්තැම්බර් 12 වෙනුවෙන්  නුවන් සංජීව බෝපේගේ විසින් කරන ලද කතාවේ පිටපතෙහි සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

Archive

Latest news

Related news