Saturday, April 27, 2024

ජපානය, කසල ට්‍රක් රථ සඳහා යාපනය මහ නගර සභාවට දුන් මුදල් ආපසු ඉල්ලයි!

ව්‍යාපෘතිය වසර තුනකට වැඩි කාලයක් ප්‍රමාද වීම නිසා, ප්‍රතිචක්‍රීයකරණය සඳහා අපද්‍රව්‍ය එකතු කරන ට්‍රක් රථ හතරක් ආනයනය කිරීම සඳහා වැය වූ, තමන් දුන මුදල මුදල ආපසු ගෙවන ලෙස ජපාන තානාපති කාර්යාලය යාපනය මහ නගර සභාවෙන් (JMC) ඉල්ලා තිබේ.

ට්‍රක් රථ හතර ආනයනය කිරීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 14.3 (ඇමරිකානු ඩොලර් 83,432) ආපසු ගෙවන ලෙස තානාපති කාර්යාලය සභාවට ලිඛිතව දන්වා ඇත.

“මෙම ව්‍යාපෘතිය කාලසටහනට වඩා වසර තුනක් ප්‍රමාද වී තිබීම සහ ඔබට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ගැන කණගාටුයි,” ව්‍යාපෘතිය අවලංගු කිරීම පිළිබඳව තානාපති කාර්යාලය නගරාධිපති වී. මනිවන්නන් වෙත දැනුම් දී තිබේ.

උතුරට අවශ්‍ය තරම් ආධාර  නොලැබෙන බවට බොහෝ දේශපාලනඥයින් චෝදනා කරන නමුත් දකුණෙහි දීම උතුරෙහිද දේශපාලනඥයින්ගේ අසාර්ථක බව මෙමගින් පෙනෙන බව විචාරකයෝ පවසති. උතුරු පලාත් සභාව පවා සිය ගණනින් යෝජනා සම්මත කිරීම හැරුණ විට මධ්‍යම රජයෙන් ලද මුදල් පවා අවසානය තෙක් පාවිච්චි කළේ නැත බවටද චෝදනා එල්ල විය.

මෙකී වාහන හතර මිලදී ගැනීමට සහ ගොඩබෑම, ආනයනය, රේගු නිෂ්කාශනය සහ ගෘහස්ත ප්‍රවාහනයට අදාළ වියදම් පියවා ගැනීම සඳහා ලබා දුන් මුළු මුදල රුපියල් 14,329,446 ආපසු ගෙවන ලෙස තානාපති කාර්යාලය JMC වෙතින් ඉල්ලා සිටි ඇත.

2019 අප්‍රේල් මාසයේදී, ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලාභ නොලබන හස්තයක් වන ජපන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවර්ධනය සඳහා වූ සංගමය (SPJD), ප්‍රාදේශීය සභා විසින් පරිත්‍යාග කරන ලද ට්‍රක් රථ හතරක් ලබා දීම සඳහා JMC සමඟ “ප්‍රතිචක්‍රීකරණය කිරීම උපකරණ ලබා ගැනීමේ ව්‍යාපෘතිය” ගිවිසුමකට එළඹියේය.

හවුල්කාර ගිවිසුමේ දී, වාහන ඵලදායි ලෙස භාවිතා කිරීම සහ ස්වයං නඩත්තුව පිළිබඳ දේශීය කාර්ය මණ්ඩලය සඳහා පුහුණුවක් ලබා දීමට අමතරව, අවශ්‍ය ප්‍රතිසංස්කරණය සහ පරීක්ෂාවෙන් පසු වාහන හම්බන්තොටට ප්‍රවාහනය කිරීමට එකඟ වී තිබුණි.

2019 දී ගිවිසුමට අත්සන් කළ හිටපු නගරාධිපති එම්මානුවෙල් ආර්නෝල්ඩ් චෝදනා කර ඇත්තේ  පාර්ශ්වයම එකඟ වූ පරිදි ව්‍යාපෘතිය කඩිනම් කිරීමට යාපන මහ නගර සභාවෙහි වත්මන් පරිපාලනය අපොහොසත් වී ඇති බවත් එසේ කිරීමට අපොහොසත් වීම අවසානයේ ව්‍යාපෘතිය අවසන් කිරීමට හේතු වූ බවත්ය.

මෙම  ව්‍යාපෘතිය අවලංගු කිරීම සිදුව ඇත්තේ අප්‍රේල් මාසයේදී රජය ණය පැහැර හැරීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙරට ක්‍රියාත්මක වූ  ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ව්‍යාපෘති අත්හිටුවීමත් සමඟය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය පිළිබඳ මාර්ග සිතියමක් සකස් කරන තෙක් ව්‍යාපෘති දොළහක් පමණ නවතා දැමූ බව පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

( සන්ඩේ ටයිම්ස් හි පළ වූ ලිපියක කරුණූ ඇසුරිණි)

Archive

Latest news

Related news