Monday, August 8, 2022

රනිල ශාඛයේ සාපය: අරගලය මෙතැනින් කොතැනටද? – රමිදු ලක්තිලක පෙරේරා

මැතිවරණයකින් පරාජය ලැබ, දේශපාලනයේ කුණු කූඩයට විසි වූ බංකොලොත් දේශපාලනඥයෙක්, අති මහත් බලතල සහිත විධායක ජනාධිපති ධූරයට පත්වූ විහිලුසහගත නිමේෂයක් අප ඉදිරියේ එලැඹ තිබේ. මෙම විධායක ජනාධිපති සිය වැඩ ඇල්ලුවේ මහා තේජෝ බල පරාක්රමයක් විහිදුවාලමිනි. මාස කීපයක් තිස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ කඳවුරු බැඳ උද්ඝෝෂණයේ නියුක්තව සිටි නිරායුධ විරෝධතාකරුවන් හමුදාව යොදා තිරශ්චීන ලෙස හේ විසුරුවා හැරියේ ඒකාධිපති මිලටරිවාදියෙක් ලෙස කුප්රකටව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ පූර්වේක්ෂණය නොකල සාහසික ස්වරූපයෙනි. මෙම ම්ලේච්ඡ පහරදීම හා ‘නීතිය හා විධානය පිහිටුවන්නෙමැ’යි හේ කරන පාරම් බෑම ආර්ථික ව්යසනයකට හසුවූ රටක අසහනයට පත් මහජනයා අභිමුව උල් දත් වවා ගැන්මට තමුන් සූදානම් බවට කරන අනතුරු හැගවීමේ සංඥාවකි.

මේ ගලා එන්නේ ප්‍රතිවිප්ලවයයි

ජූලි නම වන දා මෙරට ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ මහජන නැගිටීමක් අත් දැකීමෙන් පසුව මේ වනවිට අප මුහුණ පා සිටින්නේ කුමකටද? ජූලි නම වන දා ඇති වූ සංසිද්ධිය විප්ලවයක් නම්, මේ ගලමින් තිබෙන්නේ ප්රතිවිප්ලවයේ මහෝඝයයි. මහජන සමූහයා ලක්ෂ ගණනින් ඒකාත්මිකව අවුත් සර්වබලධාරී විධායක ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කිරීම වූ කලී මෙරට ඉතිහාසයේ පෙර නුවූ විරූ සංසිද්ධියකි. ප්රජාතන්ත්රවාදය යනු මහජන පාලනය නම්, ජූලි නම වන දා සිදුවූයේ ප්රජාතන්ත්රවාදය එහි සාරාර්ථයෙන්ම විකසිත වී නැගී සිටීමකි. මෙබඳු ප්රජාතන්ත්රයක් පාලක ප්රභූ ස්ථරයට මාරාන්තිකය. එබඳු සංසිද්ධියක් නැවත ඇති වීම වලක්වා ගැනීම කවර අරුතින් ගත්තත්, පාලක ප්රභූ ස්ථරය පැත්තෙන් තීරණාත්මකය. ජූලි නම වන දාට තුඩු දුන් මහජන ව්යාපාරය දුර්වල කොට, යලි පාලක ප්රභූ ස්ථරයේ ආධිපත්යය තහවුරු කරගැනීම සඳහා වූ ප්රති මෙහෙයුමක් දියත් වී තිබෙන්නේ මෙම පසුබිම තුලය.

අප විසින් නැගිය යුතු ප්රශ්නය මෙයයි ; ඓතිහාසික වූ දැවැන්ත මහජන නැගිටීමකින් පසුවත්, මෙබඳු ප්රතිවිප්ලවයකට පාර කැපුනේ කෙසේද? මෙම ප්රශ්නයට පිලිතුරු සෙවීමේ දී ජූලි නම වන දා නැගිටීමට පසුබිම් වූ මහජන ව්යාපාරයේ වූ ඇතැම් සීමාවන් පිලිබඳ අවංක සංගායනාවක් කරගැනීමට සිදුවීම වැලැක්විය නොහැක.

ප්රතිමෙහෙයුමේ ප්රධාන උපාය මාර්ගික ප්රවේශය

මෙම ප්රතිමෙහෙයුමේ ප්රධාන උපාය මාර්ගික ප්රවේශය නම් මහජන අරගලය කැරලිකාරී සුලුතරයක කුමන්ත්රණයක් ලෙසට චිත්රණය කිරීමයි. උද්ඝෝෂණ ව්යාපාරය තුල සිටින වඩා රැඩිකල් කණ්ඩායම් වෙන් කොට, ඒවායේ භූමිකාව අතිශයෝක්තියෙන් යුක්තව හුවා දක්වා, විරෝධතා ව්යාපාරය ඔවුන්ගේ දුෂ්ට සැලැසුමක කොටසක් ලෙසට හුවා දැක්වීම මේ අනුව සිදු වේ. මින් අපේක්ෂා කරන්නේ විරෝධතා ව්යාපාරයට සහයෝගය දැක්වූ මාධ්යමික කොටස් නිෂ්ක්රීය කිරීමය, ඔවුන් විරෝධතා ව්යාපාරයෙන් වෙන් කොට ගැනීමය. මෙලෙස විරෝධතා ව්යාපාරය බෙදන අතර, වඩා රැඩිකල් කොටස් දඩු කඳේ ගැසීම සඳහා මෙහෙයුමක් දියත් වී තිබේ. අන්තර් විශ්ව විද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීම, ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී පක්ෂය යන පක්ෂවල තරුණ ක්රියාකාරීන්ට එරෙහි නීති ක්රියාමාර්ග ගැනීම ආදිය තුල ප්රකාශමාන වන්නේ මෙම කුප්රකට ප්රති මෙහෙයුමයි.
අප විසින් නැගිය යුතු ප්රශ්නය මෙයයි ; ඓතිහාසික වූ දැවැන්ත මහජන නැගිටීමකින් පසුවත්, මෙබඳු ප්රතිවිප්ලවයකට පාර කැපුනේ කෙසේද? මෙම ප්රශ්නයට පිලිතුරු සෙවීමේ දී ජූලි නම වන දා නැගිටීමට පසුබිම් වූ මහජන ව්යාපාරයේ වූ ඇතැම් සීමාවන් පිලිබඳ අවංක සංගායනාවක් කරගැනීමට සිදුවීම වැලැක්විය නොහැක.
මෙරට ආර්ථික අර්බුදයේ පීඩාව පලල් මහජනතාවට දරුනු ලෙස දැනෙන්ට පටන් ගත් පෙබරවාරි මාසයේ සිට රට තුල ඇති වූ විරෝධතා ව්යාපාරයේ ප්රවණතා දෙකක් අපට සලකුණු කල හැක. පලමු ප්රවණතාවය සංවිධානාත්මක පක්ෂ හා කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලැබු විරෝධතාවයන්ය. පෙබරවාරි මාසය වන විට, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් රට පුරා විවිධ විරෝධතා සංවිධානය වු අතර, නුගේගොඩ නගරයේ පැවැති අති විශාල උද්ඝෝෂණයක් තුලින් ආණ්ඩුව පලවා හැරීමේ අරගලයක අවශ්යතාවය ඔවුන් ප්රකාශයට පත් කලේය. අප්රේල් මස, කිසිදු සංවිධානයක මෙහෙයවීමෙන් තොරව තැන තැන මතු වූ, ඉක්බිති ගෝල්ෆේස් පිටිය කේන්ද්ර කොට ගෙන ප්රකාශමාන වූ මහජන විරෝධතාවය අනෙක් ප්රවණතාවයයි. මෙම ප්රවණතාවය තුල ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, ශිෂ්ය ව්යාපාරය ඈ විවිධ සංවිධානාත්මක බලවේග ක්රියාත්මක වූ බව සැබෑ නමුදු එය මූලික වශයෙන් ‘නිර්පාක්ෂික’ ව්යාපාරයක් විය. එනම්, කිසිදු සංවිධානාත්මක බලවේගයක මෙහෙයවීමෙන් පිටස්තරව පැන නැංග ව්යාපාරයක් විය.
අප්රේල් මසට පසුව මහජන ව්යාපාරය ඉදිරියට ගලා ගියේ මෙම ප්රවණතා දෙකෙහිම සංකලනයක් ලෙසය. නිර්පාක්ෂික විරෝධතාවය එක් අතකින් යන අතර, සංවිධානාත්මක වෘත්තීය සමිති ව්යාපාරය විසින් කැඳවූ මහා වැඩවර්ජනය හා හර්තාල් ව්යාපාරය හරහා අනෙක් අතින් සංවිධානාත්මක දේශපාලන බලවේග මහජන විරෝධතාවය සංවිධානය කිරීමේ ව්යායාමයක නියුක්ත විය. මැයි 9 දා මහින්ද රාජපක්ෂගේ මැරයන් ගෝල්ෆේස් පිටියට පහර දීම, ඊට ප්රතිචාරීව රට පුරා ස්වයංසිද්ධව ඇති වූ ආණ්ඩු පාක්ෂික මන්ත්රීවරුන්ගේ නිවාස ගිනි තැබීමේ විරෝධතාවය සහ ඉක්බිති එම විරෝධතාවය සංවිධානාත්මක පක්ෂවල ක්රියාවක් ලෙසට හංවඩු ගසමින් ආණ්ඩුව දියත් කල මර්දනය අබියස සංවිධානාත්මක බලවේගවල යම් පසුබෑමක් දක්නට ලැබුණි.

මර්මස්ථාන අල්ලා ගැනීමෙන් පසු…

ජූලි 9 නැගිටීම ඇති වූයේ එබඳු පසුබිමක් තුලය. ගාලු මුවදොර අරගලකරුවන් විසින් කැඳවූ බව කියන නමුත්, ජූලි 9 විරෝධතාවය සඳහා වගකීම ගත හැකි කිසිවෙක් නොවීය. මෙය ප්රධාන වශයෙන් සාංසිද්ධික නැගිටීමකි. සිය ප්රශ්න විසඳීමෙහිලා අසමත් පාලන තන්ත්රය කෙරෙහි වූ කෝපයෙන් දැවෙමින් සිටි ජනයා ලක්ෂ ගණනින් කොලඹ නගරයට පැමිණියේ තමාගේම වූ ආවේගයෙන් රත්වී ගෙනය. ඔවුන්ට නායකත්වය දුන් කිසිවෙක් නොවීය. ඔවුන් මෙහෙයවූ කිසිවෙක් නොවීය. අප විසින් අන් තැනෙක පෙන්වා දී තිබෙන ලෙස, මෙම මහජන නැගිටීමේ කේන්ද්රයේ සිටියේ නව ලිබරල් ආර්ථිකය විසින් නනන්තාර කොට දමා තිබෙන අවිධිමත් අංශයේ සේවා නියුක්ත, අවිධිමත් ශ්රමික පන්තියයි. වෙඩි පහරට නිර්භය ලෙස පපුව පාමින්, රාජ්ය බලයේ වැදගත් සංකේත තුනක් සියතට ගැන්මට අභීත ලෙස පෙරමුණට ආවේ මූලික වශයෙන් මෙම අවිධිමත් නිර්ධන ජනකායෙන් සමන්විත වූ බහුජන ශ්රේණීන්ය.
ජනපති මැඳුර, ලේකම් කාර්යාලය හා අරලිගය ගහ මන්දිරය අත්පත් කරගත් ඉක්බිති කල යුත්තේ කුමක්ද? මහජන නැගිටීමේ ඇචිලිස් විලුඹ මෙම අවස්ථාවයි. මෙම අරගලය ‘නිර්පාක්ෂික’ ස්වරූපයක් ගත් නිසා, ඊට පුලුල් බහුජන කොටස් පලල් වශයෙන් ඇදී ආ බව සැබෑවකි. එහෙත් අරගලයේ සීමාව ද ‘නිර්පාක්ෂික’ ස්වරූපය තුල තීරණය විය. ඉක්බිති කල යුතු දෙයක් කිසිවෙක් නොදත්හ. ජූලි 13 වන දා ඉල්ලා අස්වන බව කියමින් ගෝඨාභය රාජපක්ෂ තෙමේ කල් ගත්තේය.

ප්‍රභූ පෙළෙන්තිය හැරී පහරදීම

මේ අතර පාලක ප්රභූ ස්ථරය වේගයෙන් ක්රියාත්මක විය. ජනාධිපති මන්දිරය විනාශ කරන ‘කඩාකප්පල්කාරීන්’ පිලිබඳ පුවත් සංස්ථාපිත ජනමාධ්ය හරහා නැවත නැවත විකාශනය විය. කඩාකපල්ලකාරී ක්රියාවලට විරෝධය පල කරමින් නීතිඥ සංගමය බඳු මධ්යම පාන්තික වෘත්තීක සංවිධාන මාධ්ය නිවේදන නිකුත් කරන්ට වන්නේය. අරගලයේ සටන් පාඨය වූයේ ගෝඨාභය ඉල්ලා අස්වීමය. ගෝඨාභය රෙජිමයේ බලය රඳා පැවැති අනෙක් ප්රධාන කුලුණ වන පාර්ලිමේන්තුව සම්බන්ධව කිසිදු ඉල්ලීමක් නොවීය. ගෝඨාභය ඉල්ලා අස්විය. පොහොට්ටු පක්ෂයේ බහුතරයෙන් යුක්ත පාර්ලිමේන්තුව නැගිටීමේ උණුසුම පහව යන තෙක් සතියක් කල් මැරුවේය. ඉක්බිති, නින්දා සහගත ලෙස, අති බහුතර ඡන්දයෙන් රනිල් වික්රමසිංහ විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගත්තේ මහජන මතය පිලිබඳ තමුන් අබ මල් රොනක තැකීමක් නොකරන බවට ප්රසිද්ධියේ විදහා පාමිනි.
බලය ගත් රනිල් වික්රමසිංහ සාර්ථක ලෙස ප්රතිවිප්ලවය දියත් කොට තිබේ. මැයි 9 දා ගෝල්ෆේස් විරෝධතාවයට ආණ්ඩුවේ මැරයන් පහර දුන් විට රට පුරා දහස් ගණන් ජනයා ඊට විරෝධය පල කොට නැගී සිටියද, පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලය අසබඩ සිටි විරෝධතාකරුවන් තිරශ්චීන ලෙස මර්දනය කල අවස්ථාවේ එබඳු මහජන විරෝධයක් ඇති වූයේ නැත. එක් අතකින්, රනිල් වික්රමසිංහගේ ඊනියා බටහිර සම්බන්ධකම් හරහා ආර්ථික අර්බුදය විසඳන බවට වන ප්රතිඥාව මත මතවාදීමය ලෙසත්, අනෙක් අතින් විරුද්ධ වන අයට නිර්දය ලෙස පහර දීමට තමුන් සූදානම් බවට කරන තර්ජනය හරහා මර්දනකාරී ලෙසත් සමාජය හීලෑ කරගැනීමේ උත්සාහයක ආණ්ඩුව නියුක්තව සිටී.
විප්ලවයක් සාර්ථක වන්ට නම්, අතරමග නතර විය නොහේ. එක්කෝ එය ජයග්රහණය කරා ඉදිරියට යා යුතුය. නැතිනම් පරාජය වන්ට සූදානම්ව සිටිය යුතුය.
ගෝඨාභය රෙජිමයට එරෙහි අරගලය තාර්කික අවසානය දක්වා ගෙන යාමට නම්, මතු කල යුතුව තිබූ සටන් පාඨය වූයේ ගෝඨාභය ඉල්ලා අස්වී, පවතින පාර්ලිමේන්තුව විසුරුවා හල යුතු බවට වූ සටන් පාඨයයි. ගෝඨාභය පමණක් ඉවත් කොට, ඔහුගේ පක්ෂයට බහුතරය හිමි පාර්ලිමේන්තුවට නිදැල්ලේ යාමට ඉඩ හැරීම අතිශය මාරාන්තික වරදකි. එම වරදේ වාසිය ගත් ප්රභූ සංස්ථාපිතය, එකී බහුතරය යොදාගෙන මේ වනවිට ප්රතිප්රහාරය දියත් කොට තිබේ. මෙම ප්රතිප්රහාරයට අරගලයේ පැවැති අසංවිධිත ස්වරූපය වාගේම, අරගලයේ පැවැති ඉල්ලීම්වල සීමාසහිතභාවය ද දායක වී ඇත.

නිර්පාක්ෂික වැඩපිළිවෙලේ සීමා

ගෝල්ෆේස් අරගලකරුවන්ගේ ක්රියාකාරී සැලැස්ම ලෙසට එලි දක්වා තිබෙන වැඩපිලිවෙලේ තිබෙන සීමාව ද මෙම පසුබිම තුල පැහැදිලිව නිරීක්ෂණය කල හැක. එම සැලැස්ම කිසිදු තැනක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඉල්ලීම ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට, රනිල් වික්රමසිංහ ජනපති කිරීමට තරම් නිර්ලජ්ජිත වූ වත්මන් පාර්ලිමේන්තුවෙන් දහනම වන සංශෝධනය යලි බලාත්මක කිරීම, ධනපති ව්යාපාරිකයන්ට වැඩියෙන් බදු ගැසීම මතු නොව ජනතාවාදී නව ව්යවස්ථාවක් වසරක් තුල සම්මත කිරීම ආදී වූ ප්රගතිශීලී ප්රතිසංස්කරණ ඉටු කරගැන්මට එය අපේක්ෂා කරයි. නව ව්යවස්ථාවක් සම්මත කරගැන්ම කෙසේ වුව, අඩුම තරමින් රටට හිරිකිත නොවූ ජනපති කෙනෙක් පත්කරගැන්ම තරම්වත් දෙයක් මෙම පාර්ලිමේන්තුවෙන් ඉටු කරගත නොහැකි බවට වූ යථාර්තය සම්බන්ධයෙන් එම සැලැස්ම අන්ධය.
ජූලි 9 මහජන නැගිටීමට පසුබිම් වූයේ ගරා වැටෙමින් පවතින ආර්ථික තත්වයයි. ස්වෛරීත්ව ණය අර්බුදයක් නිසා ඇති වූ මේ ව්යසනය, ගෝලීය ධනවාදයේ පරිධියේ පවතින රටක් ධනවාදයේ අර්බුදය අත් දකිමින් සිටින ආකාරයයි. රනිල ශාඛයේ පිබිදීමට මෙම අර්බුදය සමනය කල නොහේ. මෙය තව කාලයක් තිස්සේ අල්ලා සිටින්ට නියමිත අර්බුදයකි. මේ නිසාම අරගලයේ ඊලග අදියරක් ඒම වැලැක්විය නොහේ. අරගලයේ ඊලග රැල්ල එන විට, පලමු රැල්ල තුල පැවැති ප්රධානතම දුබලතාවය වන ; නිශ්චිත දේශපාලන සන්ධානයක මග පෙන්වීම නොමැති වීම නම් වූ දුර්වලතාවය අතික්රමණය කරගැන්ම අතිශය තීරණාත්මකය.
මේ සම්බන්ධයෙන් සමෝසම වගකීමක් ඊනියා නිර්පාක්ෂිකත්වයකට ලොල් කරන විරෝධතාකාමීන්ට වගේම, සාංසිද්ධික මහජන නැගිටීම් සමග නිර්මාණශීලී ලෙස මුහු වීම සම්බන්ධයෙන් සංවිධානාත්මක දේශපාලන හා වෘත්තීය සමිති බලවේගවලටත් පවතී. අනෙක් අතට, පවතින පාර්ලිමේන්තුවෙන් රැඩිකල් ප්රතිසංස්කරණ ඉටු කරගැනීම බඳු මනෝරාජික අදහස් පසෙක ලා, පවතින පාර්ලිමේන්තුව නිශේධ කල හැකි මැතිවරණයක් වහා කැඳවන ලෙසට ඉල්ලා සිටීම අරගලයේ දෘෂ්ටියෙන් ගත්කල වඩාත්ම තාර්කික සටන් පාඨය වන්නේය.

Ramindu Lakkhika Perera Face book page වෙතිනි.

Archive

Latest news

ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.

නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...

පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.

බැසිල් රාජපක්ෂ විසින් බෑගවල දමා  බාර දුන්  කේටි ගණනක මුදලක් එල්ටීටීඊ සංවිධානයට ලබා දීමට මැදිහත් කරුවකු වූ වර්තමාන මහජන ආරක්ෂක ඇමති එනම් පොලිසිය බාර...

රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම

ඡායාරූපය: රනිල් රාජපක්ෂ මර්දනයට එරෙහි විරෝධය දෙස් විදෙස් ක්‍රියාවලියකි. ( ඡායාරූපය- @Amaliniii) රනිල් රාජපක්ෂ ඊයේ එනම් 05දා අරගලකරුවන් කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී ඔවුන්ට...

2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය

දිනයකට තනතුරට පත් (වෘත්තීය සමිති මර්දන) ජනරාල් සමන් රාජපක්ෂ පසු දා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ජෝශප් ස්ටාලින්ට ඇප ලබා දෙන බවත් ජෝශප් වෙනුවෙන් තමා...

Related news

ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.

නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...

පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.

බැසිල් රාජපක්ෂ විසින් බෑගවල දමා  බාර දුන්  කේටි ගණනක මුදලක් එල්ටීටීඊ සංවිධානයට ලබා දීමට මැදිහත් කරුවකු වූ වර්තමාන මහජන ආරක්ෂක ඇමති එනම් පොලිසිය බාර...

රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම

ඡායාරූපය: රනිල් රාජපක්ෂ මර්දනයට එරෙහි විරෝධය දෙස් විදෙස් ක්‍රියාවලියකි. ( ඡායාරූපය- @Amaliniii) රනිල් රාජපක්ෂ ඊයේ එනම් 05දා අරගලකරුවන් කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී ඔවුන්ට...

2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය

දිනයකට තනතුරට පත් (වෘත්තීය සමිති මර්දන) ජනරාල් සමන් රාජපක්ෂ පසු දා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ජෝශප් ස්ටාලින්ට ඇප ලබා දෙන බවත් ජෝශප් වෙනුවෙන් තමා...