Friday, March 29, 2024

අර්බූදය විසඳීම සදහා අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ පහක් ඇමෙරිකානු තානාපතිනිය අවධාරණය කරයි!

ඡායාරූපය: සංහිඳියා ක්‍රියාවලිය තුළ මහජන විශ්වාසය ගොඩනැගීම සඳහා යුදකරණය ආපසු හැරවිය යුතුය. (Photo credit @kumanan93)

සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා තිරසාර සහ සමෘද්ධිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා  අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ සමඟ බද්ධ කළ යුතු බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග්  පසුගිය සිකුරාදා (1) පවසා තිබේ.

” ලංකාව අනුගමනය කරන ප‍්‍රතිසංස්කරණ පියවරයන් මගින් මෙම අර්බුදයේ මූල හේතුවලට විසඳුම් සෙවීමට අවශ්‍ය වන අතර එමඟින්  අවසානයේ සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ යහපත සඳහා යහපාලනය සහ විනිවිදභාවය පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රමිතීන් ඇතුළත් කල්පවත්නා සහ තීරණාත්මක ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතුය.”

ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) 183 වැනි මහා සභා රැස්වීම අමතමින් ඇය මෙසේ පවසා ඇත: “සෑම දිනකම ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්මට දායක වන ඇදහිය නොහැකි දක්ෂතාවයන් සහ ආශ්වාදජනක උත්සාහයන් පිළිබඳ උදාහරණ මට සෑම දිනකම දක්නට ලැබේ.”

“එයට දේශපාලන ස්ථාවරත්වයක් සහ හදිසි ක්‍රියාමාර්ගයක් ද අවශ්‍ය වේ,” ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය පුනර්ජීවනය කිරීමට ගත යුතු යැයි සිතන ප්‍රධාන පියවර පහක් ද, සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි දිගුකාලීන විසඳුම් ගොඩනඟා ගත යුතු බව ද ඇය සඳහන් කළාය.

“පළමුව ණය අර්බුදය විසඳිය යුතුයි. IMF වෙත ගොස් ණය සහ නීති උපදේශකයින් බඳවා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අපි සාදරයෙන් පිළිගනිමු. ඒවා ධනාත්මක පියවරයන්. එහෙත් ශ්‍රී ලංකාව නැවත තිරසාර ආර්ථික වර්ධනයක් කරා ගෙන ඒම සඳහා කළ යුතු තවත් බොහෝ දේ ඇත. සාකච්ඡා සාර්ථක වුවහොත් මෙය ශ්‍රී ලංකාවේ 17 වැනි IMF පැකේජය වනු ඇත. එය අන්තිම බව සහතික කර ගනිමු. ශී‍්‍ර ලංකාව අනුගමනය කරන ප‍්‍රතිසංස්කරණ පියවරයන් මගින් මෙම අර්බුදයේ මූල හේතුවලට විසඳුම් සෙවීමට අවශ්‍ය වන අතර එමඟින් රට අවසානයේ සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ යහපත සඳහා යහපාලනය සහ විනිවිදභාවය පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රමිතීන් ඇතුළත් කල්පවත්නා සහ තීරණාත්මක ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතුය.

“සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කළ යුතු අතර දණ්ඩමුක්තියේ සංස්කෘතිය අවසන් කළ යුතුය.”

තානාපතිනි ජූලි චුන්ග්

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවල නිරත වන බැවින්, සියලුම ණය හිමියන්ට සාධාරණව හා සංසන්දනාත්මකව සැලකීම අතිශයින් තීරණාත්මක ය.

ඇය දෙවනුව සඳහන් කළේ මිනිසුන් වෙනුවෙන් ආයෝජනය කිරීමේ වැදගත්කමයි. ඇයට අනුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් යුත් ශ්‍රම බලකායක් තිබීම අත්‍යවශ්‍ය වන අතර කාන්තාවන් සැබැවින්ම  නායකත්ව භූමිකාවන්හි සිටීය යුතුය.

විරෝධතා දැක්වීමේ අයිතිය සහ දණ්ඩ මුක්තිය ඉවත් කිරීම

“සාමය සහ ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යය, සැමගේ මානව හිමිකම්වලට ගරු කිරීම, සමාන නියෝජනයක් සහ විනිවිදභාවයෙන් යුත් රජයක් වැනි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කළ යුතුය. මෙම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බිඳ වැටෙන විට, පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ ස්වාධීන පුවත්පත් විසින් මේ රටේ නායකත්වය සහ භාරකාරත්වය සම්බන්ධයෙන් රජයේ වග විම තහවුරු කළ යුතුය.

සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කළ යුතු අතර දණ්ඩමුක්තියේ සංස්කෘතිය අවසන් කළ යුතුය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සංහිදයා ක්‍රියාවළිය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ඒම සඳහා තවදුරටත් ප්‍රතිසංස්කරණ ඇතුළුව සාධාරණ යුක්තිය පසිඳලීමේ පද්ධතියකට සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රවේශය සහතික කිරීම සඳහා විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වන ස්වාධීන ආයතන සහ සංහිඳියා ක්‍රියාවලිය තුළ මහජන විශ්වාසය ගොඩනඟන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සුළුතර සහ කුඩා පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන රාශියක් සමඟ සම්බන්ධ වන්න.

තෙවනුව, පුද්ගලික අංශයේ දියුණුව සඳහා ව්‍යාපාරික පරිසරය සහ ආයෝජන රාමු පරිසරය වැඩිදියුණු කළ යුතුය. ආයෝජකයින් ශ්‍රී ලංකාවේ අවස්ථා සොයමින් රටට අත්‍යවශ්‍ය විදේශ ප්‍රාග්ධනය ගෙන්වා ගන්නා විට රතු පටි (එනම් නිලධාරීවාදී බාධක) අඩුකර ඔවුන්ට අසාධාරණ බාධාවක් ඇති නොවීමට වගබලා ගැනීම වැදගත්ය.

2020 දී ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 13 ක් වූ අතර, ඒ වන විට රට තුළ සක්‍රීය එක්සත් ජනපද ආයෝජන ඩොලර් මිලියන 274 ක් දක්වා ගෙන එයි.

හතරවනුව, හරිත තාක්‍ෂණය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීමට ශ්‍රී ලංකාව මේ මොහොත ප්‍රයෝජනයට ගත යුතුය.

“දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක කොටසක් ලෙස 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිය නිෂ්පාදනයෙන් සියයට 70ක් කරා ළඟා වීමට ශ්‍රී ලංකාවේ ඉලක්කය අපව දිරිමත් කරයි.”

ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයට අපනයන සහ ආයෝජන වර්ධනය කළ හැකි බව ද ඇය පැවසුවාය.

එක්සත් ජනපද-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනක් පමණ වේ. එක්සත් ජනපද ඇස්තමේන්තු අනුව, එක්සත් ජනපදයට ශ්‍රී ලාංකික අපනයනකරුවන් අවම වශයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 180,000 කට සෘජු රැකියා සපයයි.

(සිලෝන් ටුඩේ පුවත් පතෙතහි පළවූ ලිපියක සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් මගිනි)

Archive

Latest news

Related news