“ගෝටා ඔයා ගෙදර යන්න” තරුණ විරෝධතාවයන්ට මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂ හදිසි නීතිය සහ ඇදිරි නීතිය පනවා කොළඹට යුද හමුදා කැඳවූ කළ යුදකරණයක ජායාවක් දැක ගැනීමට දකුණේ ජනයාට හැකි විය.
ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කිරීමේ එක් මෙවළමක් ලෙස යොදා ගත්තේ යුදකරණයයි. ඔහු ලෝකයේ කිසිම රටක නොවූ ලෙස කොවිඩ් වසංගකය පාලනය කිරීම පවා යුද හමුදාපතිට බාර දුන්නේ්ය. තනිකරම කොවිඩි පාලනය යුදකරණය කරන ලදී.
යුද හමුදා නිලධාරීන් ආර්ථිකය සම්බන්ධ ජනාධිපති බලකායන්ට පත් කළේය. අඩුව වශයෙන් දුසිම් දෙකක් වත් විශ්‍රාමික යුද නිලධාරීන් සිවිල් පරිපාලනයට පත් කරන ලදී.
යුද හමුදාව යටතේ ලක්ෂයක් සේවයට බඳවා ගෙන අතිරේත නොනිල බල සේනාවක් ගොඩ නැගීමට ගෝඨාභය පියවර ගත්තේය.
ඒ සියලු දෙනා මෙන්ම වැඩසටහන්ද සර් මෙන්ම අසාර්ථක විය. දැන් ශ්‍රවේන්ද්‍රගේද පස්සා පැත්ත බිම ඇනි තිබේ.
රාජ්‍ය පරිපාලනය යුදකරණය කිරීම උතුරු නැගෙනහිර යුදකරණයේ දිගුවකි. එය ගෝඨාභයගේ බියකරු සිහිනය විය.
යුද්ධය අවසන් වී දශකයකටත් වඩා කාලයක් ගතවී ඇති අද පවා උතුරු නැගෙනහිර, විශේෂයෙන්ම උතුරුකරයෙහි පවතින්නේ දරුණු යුදකරණයකි. යුද හමුදා සහ සන්නද්ධ රථ යාපනයේ පාරවල ගමන් නොකරන දවසක් නැත.
ලංකාවේ ජනගහනය ලක්ෂ 227කි. මෙරට සක්‍රීය ත්‍රිවිධ හමුදා බලය 255,000කි. සමාන්තර හමුදා බලය 92,000කි. අතිරේක බල සේනා 5,500කි.
2022 වර්ශය සඳහා ආරක්ෂක වැය රුපියල් බිලියන 373කි. එය 2021ට වඩා සියයට 14ක වැඩිවීමකි. එය රජයේ සමස්ත විියදමින් සියයට 10ක් ඉක්මවයි. එය අධ්‍යාපනයට සහ සෞඛයට කරන වියදමට මෙන් දෙගුණයකට ආසන්නය.
රාජ්‍ය වියදම්වලට සාපේක්ෂකව ලෝකයේ සාමන්‍ය යුද වියදම සියයට 6.5කි.
යුද්ධය අවසන් වී 13න වසරක් ගත වී ඇතත් ලංකාව යුද වියදම් හෝ යුද සේනා බලය අඩු කර නැත.
ශ්‍රී ලංකා යුද හමුදාවට බල සේනා නොහොත් ඩිවිෂන 19ක් තිබේ. ඉන් 16ක්ම ස්ථාන ගත කර ඇත්තේ උතුරු නැගෙනහිර පෙදෙස් වලය. (2015)
2022 වර්ශයේදී ශ්‍රී ලංකාවේ යුද හමුදාව සමීක්ෂනයට භාජනය කරන ලද රටවල් 142ක් අතුරින් 79වන ස්ථානයෙහි සිටියේය. (www.globalfirepower.com)
ආරක්ෂක අමාත්‍යාංශයට අය-වැයෙන් හිමිවන රහසිගත වැය ශීර්ෂය අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ශයට වඩා වැඩි බව කියනු ලැබේ. මෙම වැය ශිර්ෂයෙන් කරනු ලබන වියදම් විගණනයකට අයත් නොවන අතර සිවිල් ජනයාගෙන් ලබා ගන්නා බුද්ධි තොරතුරු වලට සහ සිවිල් බුද්ධි සමාජිකයනට ගෙවනු ලබන්නේ මෙමගින් යැයි කියනු ලැබේ. සහරාන් ගේ කණ්ඩායමට කරන ලද ගෙවීම් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ද එම ගෙවීම් මෙම ගිනුමෙන් කරන ලද බැවින් යැයි කියනු ලැබේ. සමහර උතුරෙහි බෞද්ධාගමිකකරණයට ද මෙම මුදල් යෙදවෙනවා විය හැකිය.
මෙම අරමුදල ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට සහ ආරක්ෂක ලේකම්වරයාට පාවිච්චි කළ හැකි බව කියන නමුත් ඒ පිළිබඳ නිශ්චිත විස්තර නැත.
මෙම රහසිගත වැය ශීර්ෂය යටත් විජිතවාදයේ ප්‍රතිපලයකි. එනමුත් දැන් බොහෝ බ්‍රිතාන්‍ය යටත් විජිතව තිබු රටවල් මෙම වැය ශීර්ෂය විගණනයට යටත් කර තිබේ. ඉන්දියාවෙහි මෙන්ම බ්‍රිතාන්‍යයෙහිද දැන් මෙම වැය විගණනයට යටත්ය.
යුද කරණය යනු හුදෙක් ප්‍රමාණාත්මකව කොතරම් යුද සේනා කිසියම් ප්‍රදේශයක ස්ථාන ගත කර ඇත්ද යන්න පමණක් නොවේ. සිවිල් පරිපාලන කටයුතු කොතරම් දුරට යුද හමුදාවන්හි බලපෑමට ලක්ව ඇත්ද යන්න ද තිරනාත්මක සාධකයකි.
උතුරු පලාතෙහි ආණ්ඩුකාරවරුන් ලෙස හිටපු යිද ප්‍රධානීන් පත් කළ අවස්ථාද තිබේ.
මෙම පැතිරුණු යුදකරණයේ ප්‍රතිවිපාක සමාජයේ සෑම අංශයකම විහිදී තිබේ. නිරන්තරයෙන් මාර්ගවල, වෙලඳ පොලවල සහ පාසල්වල හමුදා භටයින් මුණ ගැසෙන විට දෙමළ ජනතාවට තමන් සහ තම දරුවන් ගැන ඇති වන්නේ බියකි.
යුද කරණය දෘශ්‍යමානව මෙන්ම යටි බිමිගතවද පවතී. හිටපු එල්ටීටිඊ සාමාජික සාමාජිකාවන්ගේ දුරකථන අංක යුද හමුදාව ලබා ගනී. නිරන්තරයෙන් ඔවුන්ගෙන් විස්තර විමසයි. එමෙන්ම එවැනි පිරිස් යුද හමුදා ගොවිපලවල සේවයට බඳවා ගෙන තිබේ. තවත් පිරිසක් යුද හමුදාවේ බුද්ධි අංශ සමඟ සම්බන්ධය. උතුරු නැගෙනහිර සිදුවන ඕනෑම විරෝධතා පැමක් පිළිබඳව යුද හමුදා බුද්ධි අංශ සොයා බලන අතර එම සිදුවීම් වීඩියෝ කර ගන්නේ ප්‍රසිද්ධීයේය.
උතුරු නැගෙනහිර යුදකරණය බලහත්කාරී බෞද්ධාගමිකකරණය හා සම්බන්ධය. නැගෙනහිර පලාතේ පුරාවස්තු පිළිබඳ සෙවීමට පත් කරන ලද ජනාධිපති කාර්‍ය සාධක බලකාය මූලික වශයෙන් සමන්විත වූයේ බෙෘද්ධ භික්ෂූන් සහ යුද නිලධාරීන්ගෙනි.
උතුරුකරයෙහි බෞද්ධ පුරාවස්තු අයත් වන්නේ දෙමළ බෞද්ධ සංස්කෘතියටය. නමුත් ඒ සියල්ල දැන් යුද හමුදාවේ ආරක්ෂාව ඇතිව ගොඩ නගමින් සිටින්නේ ආක්‍රමණික ආගමක් ලෙසය. තනි භික්ෂුවක සහ යුද හමුදා කඳවුරක් ඇති පන්සල් තවමත් උතුරෙහි පිහිටුවමින් තිබේ.
උතුරෙහි ඇති සෑම යුද හමුදා කඳවුරකම වාගේ බෝගසක් සහ පන්සලක් ඉදිකර තිබේ. බෝගසක් වැවූ පසු එය සදාකාලික වෙයි. අද දෙමළ බෞද්ධයින් විරලය. එනමුත් සිංහල බෞද්ධ යුද හමුදාව එම ප්‍රදේශයන්හි විශාල සහ ස්ථිර කඳවුරු පිහිටුවා ගෙන පදිංචි වී සිටී.
උතුරු නැගෙනහිර සිවිල් සමාජ සංවිධාන බිය වැද්දවීම, නිරන්තර සෝදිසිය සහ සීමා පැනවීම ද යුදකරණයේ තවත් අංශයකි. එවැනි සංවිධාන ඉදිරිපිට හමුදා බුද්ධි අංශ විසින් පවත්වාගෙන යනු ලබන ත්‍රීරෝධ රථ නතර කර තබන බවටද වාර්තා පළ විය.
දකුණු බද පලාත්වලදී ත්‍රිවිධ හමුදාව පාසල් උත්සව, ක්‍රීඩා තරඟ යනාදිය සංවිධානය කරන්නේ නැත. පාසල්වලට ගොස් දේශන දෙන්නේ නැත. දුප්පත් පාසල් ළමයින්ට පොත පත බෙදා දෙන්නේ නැත. දුප්පත් පවුල්වලට සහනාධාර බෙදා දෙයි. මිලිටරි වෙසක් උත්සව සංවිධානය කරන්නේ නැත. එවැනි ක්‍රියා අයත් වන්නේ සිවිල් පරිපාලනයටය.
දකුණූබද පලාත්හිදී එවැනි කටයුතු කරන්නේ පොලිසියයි. පොලිස් රාජකාරි යුද හමුදාවට පැවරීම යුදකරණයේ බියකරු ළකුණකි. පොලිසිය සහ ත්‍රිවිධ හමුදා යනු එකිනෙකට වෙනස් රාජකාරී සහිත සංවිධානයන්ය. නිතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම පොලිසියට අයත් අතර ත්‍රිවිධ හමුදාවන්ට අයත් වන්නේ ජාතික ආරක්ෂාවයි.
උතුරු නැගෙනහිර සංචාරක හෝටල් ගණනාවක්ද ත්‍රිවිධ හමුදාවට අයත්ය. එවා සතු විශාල ගොවිපලවල්ද තිබේ.
යුදකරණයේ තවත් අංශයක් වන්නේ දෙමළ ජනයාගේ ඉඩම් ආරක්ෂක හමුදා විසින් අල්ලාගෙන සිටීමයි. මෑතදී පවා තවත් ඉඩම් අල්ලා ගැනීසට දරණ ලද ප්‍රයත්නයන් ගණනාවක්ම වාර්තා විය.
මේ සියල්ල සිවිල් පරිපාලනයට යටත් විය යුතු ක්‍රියාාකරකම්ය.
නමුත් උතුරෙහි එවැනි සිවිල් කටයුතුවලට ත්‍රිවිධ හමුදා මැදිහත් වෙයි. එය පැහැදිලිවම සිවිල් පාලනය යුදකරණය කිරීමකි. සිවිල් පරිපාලනයට යුද හමුදාව මැදිහත් වීම උතුරුකරයේ නිරන්තරයෙන් සිදුවන අතර දැන් එය ස්ථිර පිළවෙතක් තරමට මුල් බැසගෙන තිබේ.
මෙම යුදකරණයට ලක්ව ඇති දරුණුම ප්‍රදේශයක් වන්නේ යුද්ධයේ අවසන් සටන් සිදු වූ මුලතිව් ප්‍රදේශයයි. එහි යුද හමුදා භටයින් 60,000ක් රඳවා තිබේ. එය මෙරට සමස්ත යුද බලයෙන් සියයට 25ක් තරම්ය. මුලතිව්හි ජනගහණය 130,000ට මදක් වැඩිය. එය රටෙහි ජනගහනයෙන් සියයට 0.6කි. මෙම සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ එහි සෑම වැසියන් දෙනෙකුටම යුද හමුදා සෙබළකු සිටින බවයි. මේ එහි වාඩිලා ඇති ගුවන් සහ නාවික හමුදාවන්ට අමතරවය.
එමෙන්ම මුලතිව්හි අක්කර 30,000ක් යුද හමුදාව යටතේ ඇතැයි වාර්තා වේ.එල්ටීටඊය සතුව තිබු සහ රජයේ අනෙක් ඉඩම් බොහෝ දුරටම හමුදා පාලනයට බාර දී තිබේ.
යුදකරණය විසින් මෙරට දෙමළ ජනයාගේ මුලික අයිතීන් පාගා දමන අතර බියමුසු පරිසරයක් ඇති කර තිබේ. බොහෝ වාර්තා පෙන්වා දෙන්නේ යුදකරණයේ සැබෑ තත්වය සොයා ගැනීම ඉතා දුෂ්කර බවයි.
යුදකරණය මහා පරිමාණ මානව හිමිකම් කෙළෙසීමකි. එහි තවත් ඛේදවාචකයක් වන්නේ මෙරට සිංහල ජනමාධ්‍ය මෙම බියකරු යුදකරණය නිහඩතාවයේ කුමන්ත්‍රණය මිගින් යටපත් කර දැමීමයි.
ලීටර් පහේ ඇද වී ගිය ප්ලාස්ටික් බෝතලයකට දැමු නාගයකුට වැඳ පුදා ගැනීමට ජනයා පොලිම් ගැස්ස වූ, ධම්මික පැනිය බිමට දස දහස් ගණනින් පොර කැවූ සහ රාජපක්ෂ ප්‍රචාරයට මුලා කර කහ ඇදගෙන මැච් බැලීමට දහස් ගණන් යැවූ රටක උතුරේ පවතින සැබෑ යුද කරණය වසං කිරීම ජඩ මාධ්‍යට එතරම් කජ්ජක් නොවේ.
යුද වියදම් අවම කිරීම ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින අර්බූදයෙන් ගොඩ ඒමට ගත යුතු එක් පියවරක් වන නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් ඒ ගැන කතා නොකරන්නේ ද ජනප්‍රිය දේශපාලනයේම ගමන් කරන නිසාය.
– සුනන්ද දේශප්‍රිය