Friday, April 26, 2024

‘අරගලය’ චෙක්මේට් ද? – ශ්‍රීන් සරූර්

අලුතෙන් පත් වූ අගමැති ලෙස රනිල් සිය පළමු සම්මුඛ සාකච්ඡාවේදී ගෝඨගෝගම ආරක්ෂා කරන බව පැවසූ අතර හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කළේ විරෝධතාවයන් ප්‍රචණ්ඩ නොවුණහොත් තව දුරටත් ඒවා පවත්වාගෙන යා හැකි බවයි.

හුස්ම හිර වෙලා මැරියන්!

මේ සියල්ල අතරතුර රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව එය බිඳ දැමීමට උපරිම උත්සාහයක් ගත්තේය. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කළ අතර ඔවුන් අවසාන වශයෙන් යොදාගත් උපක්‍රමය නිසා ඔවුන්ට කෙතරම් වැරදුනාද කිවහොත් ඔවුන්ට අවසානයේ සැඟවීමට සිදු වූයේ ඔවුන්ගේම ප්‍රතිවාදීන් සහ දෙමළ තරුණයින් බොහෝ දෙනෙකුට වදහිංසා පමුණුවා අතුරුදහන් කළ බව චෝදනා කරන ස්ථානයේය. එසේ අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ බිරිඳක් මෙසේ පැවසුවාය: “ඔවුන්ගේ නියෝගය මත මගේ සැමියාගේ හුස්ම හිර කර මැරුවා සේ ඔවුන්ද හුස්ම හිර වෙලා මැරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා”

“රනිල් අගමැතිකම ලබා ගනිමින් එක පහරකින් “ගෝඨා ගෙදර පලයන්” යන අරගලයේ  ප්‍රධාන ඉල්ලීමට විරුද්ධ වූවා පමණක් නොව එයට සහය පළ කරන විපක්ෂයේ ඒකාබද්ධ ස්ථාවරය හකුලා ඇත.”

ඝාතන සතියේ කර්මය පලදීම

රාජපක්ෂලාට බන්කර්වල සැඟවෙන්නට සිදු වූයේ ඔවුන් යුද අපරාධ සාක්ෂි මකා දැමීමේ උත්සාහයෙන් වන්නියේ බංකර්වල නවාතැන් ගනිමින් සිටි බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම දරුණු ලෙස තුවාල ලැබූ බොහෝදෙනෙක්, ඩෝසර් කර පාගා මරා දමා, වසර 13ක් ගත වූ සතිය තුළය. මෙය ස්වාභාවික යුක්තිය හෝ කර්මය හෝ විය හැකිය.

අරගලයට පින් සිදුවන්නට රාජපක්ෂ පවුල ලංකාවේ පිළිකුල්ම පවුල වූවා පමනක් නොව, මීට ටික කාලයකට පෙරදී ශ්‍රී ලංකාව බෙදීමට සැලසුම් කරනවායැයි හා කුමන්ත්‍රණය කරනවායැයි පැවසූ රටවල්වලට පලායාමට හා රටවල්වල ආරක්ෂාව පැතීමට ඔවුන්ගේ සමීපතයන් පත් කෙරූ තත්ත්වයක් නිර්මාණය වී ඇත.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ රාත්‍රියේ ද ගෝඨාගෝගමෙහි (GGG) සිටි තරුණයන් පෙර සේම දිගින් දිගටම තමන්ගේ ස්ථාවර සහ මූලික ඉල්ලීම වූ ‘ගෝඨා ගෙදර පලයන්’ (Gota go home) සහ ‘ඩීල් දේශපාලනය එපා’ (No deal politics) යනුවෙන් කෑ ගැසූහ. මෙය හා මෑතකාලීනව සිදු වූ ප්‍රචණ්ඩත්වයද, ආණ්ඩුවේ දේශපාලඥයන්ට එරෙහිව ජනතාව නීතිය අතට ගැනීම නිසා GGGහි ඉල්ලීම් හා කොන්දේසිවලට අනුකූලව මිස මේ අවස්ථාවේ රටෙහි අප්‍රසන්නම පුද්ගලයාගෙන් කිසිම තරාතිරමක් භාර නොගන්නා බව සජිත් ද අනුර ද සරත් ෆොන්සේකා ද ප්‍රකාශ කළහ.

මෙසේ සාකච්ඡා පවත්වාගෙන යන අවස්ථාවකදී රනිල් කිසිම පැකිලීමකින් තොරව එය භාර ගත්තේ ඇයි?ආර්ථික අර්බුදය විසඳීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම කඩිනමින් ගෙන ඒමට හැකියාව ඇති එකම දේශපාලනඥයා ඔහුද, නැතහොත් ජාත්‍යන්තර සමාජයේ වඩාත් ප්‍රසාදය ලත් පුද්ගලයා ඔහුද ?එසේත් නැතිනම් මෙතෙක් දුරට කඩිනමින් පැවතගෙන ආ අරගලය බලෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් නොව , නිහඬව කඩා බිඳ දැමීමේ හැකියාවක් පිලිබඳ ඔහුට විශ්වාසයක් තිබේද?

රාජපක්ෂලාට අවශ්‍ය රනිල්ගේ දක්ෂකම

රනිල්ගේ බෙදා සහ පහර දීමේ දක්ෂතාව පිළිබඳ රාජපක්ෂලා දනී. එක නායකත්වයක් යටතේ තනි මනසකින් තම අරමුණු ඉටුකරගැනීමට කටයුතු  වඩාත් භ්‍රාන්ත සහ දැඩි ලෙස ඒකාබද්ධ වූ එල්.ටී.ටී.ඊ. යට එරෙහිව ඔහු එය   කළේය. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නැඟෙනහිර කොටසේ සැඟවුණු දුක්ගැනවිල්ල රනිල් එම සංවිධානයේ එක්සත්කම බිඳ දැමීමට ක්‍රියාකාරීව භාවිතා කළේය. මෙය සංවිධානයේ බිඳ වැටීමට හේතු විය. මෙවැනි පසුබිමක , යුද්ධය ඉතා කුරිරු ලෙස අවසන් කර ජාත්‍යන්තරව අපකීර්තියට පත් වූ රාජපක්ෂලාට එරෙහිව වගවීම සහ යුක්තිය ඉටු කිරීමට සමහර දෙමළ නියෝජිතයින්ට පවා එකම ගැලවුම්කරුවා වූයේ රනිල්ය. මුස්ලිම් ජාතිකයන් පවා විශ්වාස කළේ රාජපක්ෂලාගේ ඉස්ලාම්භීතිකාවෙන් රනිල් ඔවුන්ව ආරක්ෂා කරනු ඇතැයි කියාය. නමුත් අවසානයේ සිදු වූයේ යහපාලන ආණ්ඩුව යටතේ තමන්ට එල්ල විය හැකි දරුණුතම ප්‍රහාරවලට මුහුණ දීමටයි.

ඔවුන්ගේ නොසැලුණු විශ්වාසය නිසාත් වඩා යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවීම නිසාත් අරගලයට සම්බන්ධ තරුණයන්ට ඔවුන්ට එරෙහිව සිදු වූ රාජපක්ෂ කූටෝපායන්ට ඔරොත්තු දීමට හැකි විය. අරගලය  රටේ විවිධ ප්‍රදේශවලට ද පැතිරිණි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් හිමි කරගෙන සිටි රාජපක්ෂලාට එහි සරල බහුතරයක්වත් තබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීමට අරගලයට හැකි වූයේ කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොරවය.කෙසේ නමුත්, පසුගිය මැයි 9වන දින දිග හැරුණු අවාසනාවන්ත වැනසීම හේතුවෙන් විවිධ ප්‍රජාවන්ගේ අරගල ඒකරාශී කර රටට නව බලාපොරොත්තුවක් ඇති කළ අරගලය සියුම් පරීක්ෂණයට ලක්ව ඇත.

අරගලය වලපල්ලට යැවීමේ රනිල් කාරිය

රාජපක්ෂලාට කිරීමට නොහැකි වූ තරුණ පරපුර ගැඹුරු අඳුරු වළකට යැවීමේ අතිවැදගත් කාර්ය භාර , එය කිරීම වඩාත් සුදුසු පුද්ගලයා හා එය කිරීමට ලක ලෑස්ති සහයකයා ලෙස රනිල්ට ලැබෙන්නේ මෙවැනි පසුබිම තුළ ය.තමන්ගේම ඡන්ද කොට්ඨාශයෙන් පවා මුළුමනින්ම ප්‍රතික්ෂේප වූ මිනිසෙක් අගමැති තනතුරට පත් කිරීමට ගෝඨාට සහ අනෙකුත් රාජපක්ෂ වංශිකයන්ට තිබූ හදිසියෙන් පෙන්නුම් කරන්නේ තමන්ගේ බලය රඳා ගැනීමට ඔවුන් තරුණ ව්‍යාපාරය දුර්වල කිරීමට ක්‍රියා කරන ආකාරයයි. රනිල් අගමැතිකම ලබා ගනිමින් එක පහරකින් “ගෝඨා ගෙදර පලයන්” යන අරගලයේ  ප්‍රධාන ඉල්ලීමට විරුද්ධ වූවා පමණක් නොව එයට සහය පළ කරන විපක්ෂයේ ඒකාබද්ධ ස්ථාවරය හකුලා ඇත.

මිරිහාන විරෝධතාකරුවන්ට ආණ්ඩුව පහර දුන් අවස්ථාවේදී , විරෝධතාකරුවන් (ඉස්ලාමීය) අන්තවාදීන් බව කියා සිටියේය. අරගලයට සහයෝගීව සිටි ඉඳ හිට අරගලයට පැමිණි ඇතැමුන් මේ වන විට අරගලයේ සිටින අයද අන්තවාදීන් දැයි (මෙවර සිංහල අන්තවාදීන්!) විවාදයට කරති! මෙය කිසිම පදනමක් නැති ප්‍රකාශයකි.

පද්ධතිමය දේශපාලන වෙනසෙහි මෙවලම

සමාජ මාධ්‍යයෙහි ද සාමකාමී අරගලයේ කොටස්කරුවන් වී සිටින විවිධ කණ්ඩායම්වල පණිවිඩ විවිධාකර වේ. අද පවතින තත්ත්වයට අනුව පිට පළාත්වල ජනතාව මුහුණ දෙන ඉතා දැඩි ගැටලු සාකච්ඡා මේසයට ගෙන ඒමට බොහෝ දෙනා දරන උත්සහය අවධාරණය වන්නේ නැත. මා දුටු කරුණු 8 ක යෝජනාව සහ එය ඉදිරිපත් කළ ආකාරය මසක් පුරාවට දිගහැරුණු  අරගලය තුළ මතු කළ දෑ සමඟ අනුනාද නොවුන අතර ඇතැමුන් දමිළ ජනතාවගේ හඬ සහ උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නද අරගලයේ කොටසක් ලෙස මතු කරන ලෙස ඉල්ලා සිටියි. තවද, ඔබ ඔබගේ ඉල්ලීම් අලුතෙන් පත් කරන ලද අගමැතිවරයාට ඉදිරිපත් කරන හැඟීමක් ද දැනේ. ඔහු අනිවාර්යයෙන්ම මෙවැනි දුර්වල වීමකට සහ පසුබැසීමට කැමති වනු ඇත. අරගලයේ ඉන්න ඔබ එයට ඉඩ නොදෙන්න! ඔබ සියලු දෙනා සමාජයේ ප්‍රතිමූර්තියන් වන අතර අපි සැවොම දීර්ග කාලයක් තිස්සේ අපේක්ෂා කරන පද්ධතිමය දේශපාලන වෙනසෙහි මෙවලමයි. ගාලුමුවදොර තුළ සිදු වන මෙම ව්‍යාපාරය ඒ බලාපොරොත්තුව සංකේතවත් කළ අතර, එය ජනිත කළ කම්පනය බාධක නොතකා බොහෝ ඈතට පැතිර ගිය බව පැහැදිලියි.

අපි සියලු දෙනාට පොදු වූ සහ තදින් විශ්වාස කරන මූලික ප්‍රතිපත්ති සහ ඉලක්ක වලින් ඈත් වුවහොත් එයින් ප්‍රකාශ වන්නේ විකෘති පණිවිඩයකි , එනම් අප සටන් කරන දේවල් අපි ලබාගත් පසු , අපි කිසිම තැකීමකින් තොරව ඒවා අනුමත කර එමඟින් අපගේ මූලධර්ම සහ ඉලක්ක හෙළා දමන බවයි. ඉදිරියටත් මෙම ප්‍රවේශය අනුගමනය කළහොත්, පවතින තත්වය පිළිගත හැකි එකක් බව සිතා අපි බලාපොරොත්තු සුන් කර ගැනීමට පවා ඉඩ ඇත. අපි පෙනී සිටින්නේ පවතින තත්ත්වය වෙනුවෙන් නොවේ, අපි පෙනී සිටින්නේ අපේ රටට හා අපේ ජනතාවට අප්‍රමාණ දුක් ගැනවිලි ගෙන ආ පුද්ගලයන් කණ්ඩායම වෙනුවෙන් නොවේ.

අවිහිංසාවාදී සහ ජාතිවාදී විරෝධී ස්ථාවරය

අපි විවිධ ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. දුර බැහැර ප්‍රදේශ තුළ දීර්ඝ කලක් පුරාට නොසලකා හැර දැමූ ගැටළු ඇති අතර, ඒවායින් සමහරක් සමස්තයක් ලෙස අපි සියලු දෙනා හසු වී ඇති ජාතික ව්‍යසනයේ යටි තලයෙහි පවතී. මහජන නියෝජිතයන් පත් කරන්නේ කොළඹ පමණක් නොවේ. මැතිවරණයක් සහ නව ක්‍රමයක් එහි ද ස්ථාපිත කළ යුතු බව අපි පවසමු. මේ රටට සිදු වූ සියලු දේට 225+1 වගකිව යුතුයි.

ඒ සඳහා අපගේ ඡන්දදායකයන් වගකිවයුතු පුරවැසියන් බවට පත් කිරීමට ඔබට සිදුවනු ඇත. ඔබත් තේරී පත්වන නියෝජිතයන් වීමට තරඟයේ සිටිය යුතුයි.  ඔබේ අවිහිංසාවාදී සහ ජාතිවාදී විරෝදී ස්ථාවරයන් මේ රටේ සහ එහි දේශපාලනයේ කාලීන අවශ්‍යතාවයයි. ඔබ පතන හා ඔබ දහඩිය මහන්සියෙන් ලබා ගැනීමට සටන් කරන එම පද්ධතිමය වෙනස හා වෙනස්කම් සමඟම එක්සත් වන නව ශ්‍රී ලාංකික සංස්කෘතිය ඇති කිරීමට මෙම විරෝධතාව පවත්වාගෙන යාමට ඔබට දිගුකාලීන උපාය මාර්ගයක් අවශ්‍ය වේ. එයත් ගාලුමුවදොරට පමණක් සීමා නොවී වෙනත් ප්‍රදේශයන්හිද, දිළිඳු, ආන්තික හා වෙනස් කොට සැලකීම්වලට ලක්වූවන් සමඟ ද නැගී සිටීමට හා අඛණ්ඩව පවත්වා ගෙන යාමට වග බලා ගත යුතුය . මේ චෙක්මේට් එකෙන් නිදහස් වී මේ රටේ නායකයන් වැරදි පරම්පරාව අවුල් කරපු හැටි පෙන්වන්න.

Archive

Latest news

Related news