Saturday, April 20, 2024

ලක්ෂයක් කොළඹට ; විරෝධතා හමුවේ දිගටම පරාද වූ රාජපක්ෂ හොර දෙටු නඩය අදත් පරදිනවා – රජිත් කීර්ති තෙන්නකෝන්

කොළඹ කොටුව පොලීසිය කරන්න හදන්නේ මොකක්ද?

පොලීසිය කළේ මොකක්ද?

කොළඹ ගොල්ෆෙස් උද්ඝෝෂණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් නැත. ඊයේ අලුත්කඩේ අංක 7 උසාවියේ ප්‍රභාකරන් මහෙස්ත්‍රාත් තුමා වෙත යොමු කළ පළමු ‘බී‘ වාර්තාව (පළමු කමෙන්ට් එක බලන්න) මගින් පොලීසිය විසින් ඉල්ලූ නියෝග ගරු අධිකරණය ලබා දුන්නේ නැත.

පසුව, දෙවන ‘බී‘ වාර්තාවට අනුව කොළඹ මාර්ග කිහිපයක උද්ඝෝෂණ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා දී ඇත. මේ වන විට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග රැසක ජී.අයි.පයිප්ප බට යොදා මාර්ග වසා දමා ඇත්තේ ඒ අනුවය.

අධිකරණ නියෝගයට කොම්පඤඤ්වීදිය දෙසින් වන මාර්ග අයත්වන්නේ නැත. එබැවින් එම ක්‍රියාමාර්ග සැලසුම් කළ පරිදිම පැවැත්වීමට බාධාවක් නැත. නීති සහාය සඳහා ස්වෙච්ඡා කණ්ඩායම් මේ වන විට සුදානමින් ඇත.

අන්තර් විශ්වවිද්‍යා ශිෂ්‍ය බලමණ්ඩලය, ලේඛක හා පොත් ප්‍රකාශකයින්ගේ එකමුතුව, රඹුක්ක ප්‍රහාරයට ලක් වූ ජනතාව, ගොවි සංවිධාන එකමුතුව, සහ තවත් සංවිධාන දවස පුරා උද්ඝෝෂණවලට එක්වීමට නියමිතය.

අද උද්ඝෝෂණයට ලක්ෂයකට වැඩි පිරිසක් එක් වෙතැයි අපේක්ෂා කරන බව පෙනේ. නමුත්, වැදගත්ම කරුණ වන්නේ පසුගිය මාසය පුරාම අනපේක්ෂිත සිදුවීම්වලින් රට පුරා උද්ඝෝෂණ පිරීයාම ය.

• හිරුණිකා ගේ මිරිහානේ ගමන ජනාධිපතිවරයාගේ ගේට්ටුව අසලට යන තෙක් කිසිවෙකුත් දැන සිටියේ නැත.
• හිරුණිකා ගේ යාපනය උද්ඝෝෂණයට පැන්න ආවා කල්ලි නායකයා කාන්තාවන්ගෙන් කුටි කෑවේය.
• අනුරාධපුර ඥානාක්කාගේ නිවස හිරුණිකා ප්‍රමුඛ කාන්තාවන් වටලනවා කිසිවෙකු දැන සිටියේ ද නැත.
• මිරිහානේ උද්ඝෝෂණයට පහරදීම මහා විනාශයකින් කෙළවරවන බවත්, එය නීතිඥවරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ගේ සමාජ මැදිහත්වීමකට හේතු විය හැකි බවත් කිසිවෙකුත් පූර්ව කථනය කළේ ද නැත.
• අප්‍රේල් 9 උද්ඝෝෂණය හෙවත් ගොල් ෆෙස් වාඩිලෑම පොඩි එවුන්ගේ සිල්ලර වැඩක් ලෙස විපක්ෂය, ජවිපෙ, පමණක් නොව ආණ්ඩුව ඇතුළු බොහෝ දෙනා ද සැලකුවේය.
• ඉතිහාසය පුරා වෙඩි තබා, ගිණි තබා ජාම බේරාගත් ආණ්ඩුවේ මැරයින් හා රඹුක්කන මැරයින් ලේ මතින් අරගල මර්ධනයට දැරූ උත්සාහය සාර්ථක වූවේ ද නැත.
• ලංකාවේ ලොකුම පාතාල කණ්ඩායම, 2019 කිරිබත් බලකාය, මාර්ග වසමින් කළ විරෝධය පසුවදා අකුලා ගැනීමට සිදු විය.
• ජනාධිපති කාර්යාලයට ප්‍රොජෙක්ටර් ගසන බව වත්, එයින් මිදීමේ සරළ මාර්ගයවත් කිසිවෙකුට අවබෝධ වූවේ නැත.
• පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුව වටේ පොලිස් බැරියර් දමා මාර්ග වැසුවාට උද්ඝෝෂකයින් එහි ගියේ ද නැත.
• පසුව ද, සමාජ මාධ්‍ය කැළඹු ග්‍රැෆික් චිත්‍රය (ගෝඨා ගෝ හෝම් ප්‍රක්ෂේපනයක් ලෙස සිදු කළ පෝස්ටරය) මිලියන 14 ක් ප්‍රචාරය වන තෙක් එහි ප්‍රකාශිතය ගැන අවබෝධයක් ලැබුණේ නැත.
• අවසානයේ, ඊයේ සවස අරලියගහ මන්දිරයට අවමගුල් පෙරහැරක් ගොස් සුදු කොඩි වතාවත් ඉටු කරන තෙක්ම එය වැලැක්වීමට ද කිසිවෙකුට හැකිවූවේ නැත.

සාගතයෙන් සිටින නැතිවන්නට දෙයක් නැති මිනිසුන් අදත් රට පුරාම උද්ඝෝෂණයට එක් වනු ඇත. ඔවුන් පාරට බැස ඇත්තේ සාත්තරකාරයින්ගේ නැකත්වලට නොවේ. සෙනසුරු මාරු නැකතට ද නොවේ. අගමැති – ජනපති පත් කිරීමේ දේශපාලන ගේමට ද නොවේ.

අදට වඩා යහපත් හෙටක් දිනාගැනීම සඳහා ය!

කොටුවේ ජනාධිපති නිල නිවස අසල සියළුම බැරියර්වලට යකඩ උල් හයිකර ඇත.

අවුරුදු 20 ක් විශ්වවිද්‍යාලයේ සිටි මම දන්නා අන්දමට නම් අන්තරයට පොලීසිය කවදාවත් බය නැත. හැමදාම කළේ පහරදීම පමණ ය. අද තත්වය වෙනස්ය.

මේ උද්ඝෝෂණය යුක්රේන යුද්ධයෙන් පසුව අද ලෝකයේ වැඩි දෙනො ගේ අවධානය යොමු වූ විරෝධතා ව්‍යාපාරය යි. දැනටමත් විදේශ

ජනමාධ්‍ය කොළඹ සිට ‘ලයිව් ටු එයාර්‘ විකාශන ආරම්භ කර ඇත.

මල මෙතනය! දැන් ඇවිත් නටන්න!!

 

Archive

Latest news

Related news