Tuesday, July 16, 2024

රාජපක්ෂ කලු සල්ලි තිබෙන බව කියන උගන්ඩාව මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සාදු ලේඛනගත කෙරේ

ඡායාරූපය: මහින්ද රාජපක්ෂයට උගන්ඩාවේ සිට ජෙට් යානය ගෙන ආ එරට කලක් එල්ටීටීඊයට ආයුධ සැපයු බව කියන  ලාංකික තානාපති වන වේලුපිල්ලේ කනනාදකන් රාජපක්ෂගේ අතින් අල්ලා ගෙන යයි.

රාජපක්ෂවරුන්ගේ සැඟවූ මුදල් ඇති රටක් ලෙස චෝදනා කැරෙන උගන්ඩාව මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අන්තර් ජාතික වශයෙන් අසාදු ලේඛන ගත කර තිබේ. මේ බව වාර්තා වූයේ රට තුල නැගී එන විරෝධතා හමුවේ රාජපක්ෂවරුන් රහසේ අලුත් අව්රුද්ද සැමරෑ ඊයේ දිනයේදීය.

මේ අතර,බොහෝ දුරට දේපළ වෙළඳාම් සමාගම්, බර ඉංජිනේරු සහ කොන්ක්‍රීට් නිෂ්පාදන ඒකක වන උගන්ඩාවේ අගනුවර වන කම්පාලා පදනම් කරගත් සමාගම්වල මණ්ඩලයන්හි රාජපක්ෂ පවුල නම් කර ඇතැයි ඩේකන් හෙරලඩ් නම් ඉන්දියානු පුවත්පත ඊයේ වාර්තා කර තිබුණි.

 

එම ලිපිය නම් කර තිබුණේ රාජපක්ෂවරුන්ගේ ගමනාන්තය උගන්ඩාවද? කියාය.

උගන්ඩාවේ ශ්‍රී ලාංකික තානාපති වන වේලුපිල්ලේ කනනාදකන් මහින්ද රාජපක්ෂගේ ගජ මිතතුරකු වන අතර මෑතදී මහින්ද රාජපක්ෂට ඉන්දියාවේ තිරුපති  කෝවිලට යෑමට උඩන්ඩාවෙහි ඇති ජෙට් යානයක් රැගෙන ආවේ ද ඔහුය.

මෙම ජෙට් යානයේ හිමිකරු කව්දැයි සඳහන් කිරීමට නොහැකි බව රාජපක්ෂ සමඟ එම ගමනට එක්වූ  යෝෂිත රාජපක්ෂ කීවේය. එම ජෙට් යානය උගන්ඩාවේ සිට එන අතරමඟදී අයබදු නැතිව කලු සල්ලි තැන්පති කළ හැති සැන් මැරිනෝ දූපතට ද ගොඩ බැස තිබුණි.

මෙයට මාසයකට ඉහතදී ලංඩනයේ සිට පවත්වා ගෙන යන ලංකා දවස නම් වෙබ් අඩවිය කම්පාලි නුවර රාජපක්ෂලා සතු මහත් ධනයක් ඇති බවට දීර්ඝ සවිස්තරාත්මක වාර්තාවක් පළ කළේය. එම ලිපියේ වූ චෝදනාවන්ට රාජපක්ෂවරු පිළිතුරු දුන්නේ නැත.

වේලුපිල්ලේ කනනාදකන් ගෙන සුඛෝපභෝගී පුද්ගලික ආ ජෙට් යානය

එම ලිපිය ලියන නීනා ගෝපාල් සදහන් කරන්නේ කම්පාලා නුවර ප්‍රකට ව්‍යාපාරිකයකු, මෙම වේලුපිල්ලේ කනනාදකන් රාජපක්ෂවරුන් සමඟ හාද වීමට පෙර එල්ටීටඊයට ආයුධ සැපයූ බව එහි ප්‍රසිද්ධ රහසක් බව තමන්ට කී බවයි.

මෙම වේලුපිල්ලේ කනනාදකන් සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් හදුන්වා තිබුණේ වංචාකාරයකු සහ මුදල් ගසාකන්නකු ලෙසය.  ඔහු මරා සමඟ තිරුපති කෝවිලටද ගියේය.

උගන්ඩාවේ මූල්‍ය අංශය යුරෝපා සංගමය විසින් දැනටමත් අසාදු ලේඛනගත කර තිබේ.

ඊයේ වාර්තා වූයේ  උගන්ඩාවේ  මූල්‍ය කර්මාන්තය ගෝලීය අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) අලු ලැයිස්තුවට ඇතුලත් කර ඇති බවයි. දැන් එය කලු ලැයිස්තුවට ඇතුලත් කිරීමේ අනතුරට මුහුණ පා සිටී.

මෙයින් අදහස් කරන්නේ උගන්ඩාවෙන් ආරම්භ වන හෝ උගන්ඩාවේ මූල්‍ය පද්ධතිය හරහා සිදු කරන ලද ගනුදෙනු සහ රටෙන් හෝ රටෙන් මුදල් සිදු කිරීම, ජාත්‍යන්තර පද්ධතිවල වැඩි පරීක්ෂාවකට ලක්වන බවත් එමඟින් ව්‍යාපාරික ගනුදෙනු අවසන් කිරීම ප්‍රමාද වීමට හේතු වනු ඇති බවත්ය.

උගන්ඩාව අන්තර් ජාතික ත්‍රස්තවාදයට මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පවතින බවට එම අන්ර් ජාතික සංවිධාන චෝදනා කරයි.

“Blacklist” වෙත පහත හෙලීම වැළැක්වීම සඳහා, උගන්ඩාව 2022 මැයි වන විට සංශෝධිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

Archive

Latest news

Related news