Saturday, April 27, 2024

බහිනවද? පල්ලම්

පුරා පෙරුම්
නැතිවම යට ඇඳුම්
පතා පැතුම්
ඇඳ සීතාඹර ඇඳුම්

පුදා පිදුම්
දම දමා සත්තම්
දමා මල්දම්
ගැසී සැම තැන රවුම්

දියසේන නම්
ආර්ථිකේ මැල්ලුම්
කුමරා මම වෙම්
බැහැලු දැන් හෙලවුම්

හඬක් පිපිරුම්
පෙන්නුවත් පකුම්
නඟා ඇරඹුම්
නැහැලු කිසි විසඳුම්

පොරක් මනරම්
දන වැඳ වැඳුම්
රටක් කරවම්
සහන විසඳුම්

දෙසා පාරම්
කලත් ඉල්ලුම්
ගති ජනවරම්
දුන්නෙ විස ඳුම්

සදා මල්කම්
කලත් ගෙරවුම්
දවා පන්දම්
ලක්ෂෙ හැරවුම්

දෙසා විරුකම්
ඇවිත් තෙරපුම්
ඇඳි රජ ඇඳුම්
රෙද්දෙලු රෙවුම්

සොයා බැලුම්
කරපු සෙල්ලම්
නැතිව ගේම්
වෙලා ලෙල්ලම්

ගණන් දුසිම්
වෙනු පෙර සල්ලම්
දුනි අවලම්
බහිනවද? පල්ලම්

කරල සොරකම්
වැඩිය දැඟලුම්
අමන ජඩකම්
කලොත් දඬුවම්!

මරි මෝඩකම්
ගහේ එල්ලුම්
දුන්න පුරසාරම්
සැපට පැද්දුම්!

කරා සිය ගිණුම්
උගෙන මේ පාඩම්
යැවී ලොකු ගෙවුම්
මෙහෙම ගොන්කම්

පීරා එම ගිණුම්
යලිත් මම නම්
ගෙනෙව් රන් පවුම්
මතු බවෙත් නොකරම්!

ග්‍රේෂන් ඒ. පීරිස්

අප්‍රියෙල් 07, 2022 – පැරිසියේ සිට

 

Archive

Latest news

Related news