බහිනවද? පල්ලම්

1081

පුරා පෙරුම්
නැතිවම යට ඇඳුම්
පතා පැතුම්
ඇඳ සීතාඹර ඇඳුම්

පුදා පිදුම්
දම දමා සත්තම්
දමා මල්දම්
ගැසී සැම තැන රවුම්

දියසේන නම්
ආර්ථිකේ මැල්ලුම්
කුමරා මම වෙම්
බැහැලු දැන් හෙලවුම්

හඬක් පිපිරුම්
පෙන්නුවත් පකුම්
නඟා ඇරඹුම්
නැහැලු කිසි විසඳුම්

පොරක් මනරම්
දන වැඳ වැඳුම්
රටක් කරවම්
සහන විසඳුම්

දෙසා පාරම්
කලත් ඉල්ලුම්
ගති ජනවරම්
දුන්නෙ විස ඳුම්

සදා මල්කම්
කලත් ගෙරවුම්
දවා පන්දම්
ලක්ෂෙ හැරවුම්

දෙසා විරුකම්
ඇවිත් තෙරපුම්
ඇඳි රජ ඇඳුම්
රෙද්දෙලු රෙවුම්

සොයා බැලුම්
කරපු සෙල්ලම්
නැතිව ගේම්
වෙලා ලෙල්ලම්

ගණන් දුසිම්
වෙනු පෙර සල්ලම්
දුනි අවලම්
බහිනවද? පල්ලම්

කරල සොරකම්
වැඩිය දැඟලුම්
අමන ජඩකම්
කලොත් දඬුවම්!

මරි මෝඩකම්
ගහේ එල්ලුම්
දුන්න පුරසාරම්
සැපට පැද්දුම්!

කරා සිය ගිණුම්
උගෙන මේ පාඩම්
යැවී ලොකු ගෙවුම්
මෙහෙම ගොන්කම්

පීරා එම ගිණුම්
යලිත් මම නම්
ගෙනෙව් රන් පවුම්
මතු බවෙත් නොකරම්!

ග්‍රේෂන් ඒ. පීරිස්

අප්‍රියෙල් 07, 2022 – පැරිසියේ සිට