Friday, March 29, 2024

මේ රූපය ඔබ තුළ දනවන්නේ ආසාවක් ද? බයක් ද?

මීට කලින් දවසක ඔබ මේ රූපය දැක්කා නම් සමහර විට ඔබ කියාවී…

” කොහොමද කොල්ලන්ගෙ ගැම්ම… පිස්සු ආ කොර කොර.. නියමයි කොල්ලනේ… උඹලාට දලදා සමිඳු පිහිටයි…අයි ලවි යූ …මෙහෙම කොල්ලෙක් නම් හා අම්මෙ…” කියලා….

ඒත් ඊයේ ප්‍රතිචාරය ඔබේ ඊට වඩා වෙනස්

“කවු ද මේ?… මොකට ද මේ?….ඇයි මේ මූනු වහගෙන?…ඇයි බයික්වල නම්බර්ස් නැත්තේ?..ඇයි ඔය විදියට අපේ වටේ කැරකෙන්නෙ?…ඔය අපිට තර්ජනය කරනවා ද?”

මේ එකිනෙකට වෙනස් සිතීම් දෙක ඔබ තුළ ජනිත වන්නෙ ඔබ ඉන්න පිහිටුම අනුව…

හිතන්න ඔබ ඉන්නෙ වීඩියෝ ගේම් එකක් ප්ලේ කරමින්…මෙහෙහවමින්…ඔය රූපයේ ඉන්නෙ ඒ ගේම් එකේ ප්ලේයර්ස්ලා… ඔබට පුළුවන් ඒ අය මෙහෙයවන්න… ඔය තුවක්කුවලින් කැමති කැමති දිහාවකට වෙඩි තියන්න …පළමු ප්‍රතිචාරය දක්වන්නෙ ඒ වගේ හිතන අය…

ඊළඟට හිතන්න ඔබ මේ ඉන්න සාමාන්‍ය විදියට ජීවත්වෙනවා …හැබැයි ඔබ ඉන්නෙ වීඩියෝ ගේම් එකක් මැද්දෙ …ඒක ප්ලේ කරන්නෙ වෙන කවුරු හරි… ප්ලේයර්ස්ලා තමයි ඔය ඉන්නෙ…වෙන කවුරු හරි විසින් මෙහෙයවන තුවක්කු ඕනෑම අවස්ථාවක ඔබට එල්ලවෙන්නත් පුළුවන් …

හමුදාව කරන්නෙ රට රකින එක…රටට එදිරිවාදීකම් කරන ත්‍රස්තවාදීන් විනාශ කරන එක…ඒකයි අපේ සාමාන්‍ය පිලිගැනීම… මෙතැන “රට” කියන එක ටිකක් කාව්‍යාත්මක බවින් වැඩි වචනයක්…ඒ හින්දා ඒ වචනය අපිව ගඟේ යවනවා වැඩියි…අපි මෙහෙම කියමු…හමුදාව ආරක්ශා කරන්නෙ රට මෙහෙයවන රජය…හමුදාවේ ප්‍රධානියා කියන්නෙ රජයේ ප්‍රධානියා…හමුදාව විනාශ කරන්නෙ රජය විනාශ කරන්න උත්සාහ දරන ත්‍රස්තවාදීන් …ත්‍රස්තවාදීන් “ත්‍රස්තවාදීන්” ලෙස නම් කරන්නේ එම ත්‍රස්තවාදීන් විසින්ම නෙවෙයි… රජය විසින්…රජයට පෙනී යනවා නම් හෙට අපි ඔවුන්ගේ පැවැත්මට හානි පමුනුවනවා කියලා ඔවුන් අපව ත්‍රස්ත්වාදීන් ලෙස නම් කරනවා…හමුදාවට තියෙන්නෙ එතකොට ත්‍රස්ත්වාදීන් ලෙස සලකා අපට වෙඩි තියන්න…

රජය කියන්නෙ රටේ ලොකුම චන්ඩියා..

ලොකුම මැරයා…රජය අපිට ආයුධ තියාගන්න තහනම් කරලා එයාගෙ වටේ ඉන්න අයට ඒ කියන්නෙ හමුදාවට ආයුධ දීලා තියනවා… එයාව අපෙන් ආරක්ශා කරගන්නයි එහෙම කරන්නෙ… අපි එයාගෙ ආරක්ශාවට තර්ජනයක් කියලා එයාට හිතුනොත් අපිට හමුදාව දාලා වෙඩි තියනවා …ඒ හමුදාවට පඩි ගෙවන්නෙත් අපෙන් කප්පම් අරං….මේ ලැජ්ජා සහගත මැරකමේ ලොකුම ගොදුර තමයි හමුදාව… ඔවුන්ට සිද්ද වෙනවා ඔවුන්ගේ පුද්ගලික සතුරන් නොවන ඔවුන්ගේම පත්තියෙ මිනිස්සුන්ව මරන්න සහ ඒ අයගෙන් මැරුම් කන්න…සහ ආබාධිත වෙන්න…ඒ ඛේදනීය ජීවිත ඒවායෙ ඇත්ත තත්ත්වය තේරුම්ගන්නවා වෙනුවට අපි කරන්නෙ රට ගැන කාව්‍යෝක්ති ගොඩනගමින් දිව්‍යමය තත්ත්වයට ඔවුන්ව ඔසවා තබන එක…

ඒකෙන් වෙන්නෙ ඔවුන් තව තවත් අසරණ වෙන එක…පසුගිය රජය සමයේ අපි දැක්කා කොටුව ඉස්සරහ හමුදාවේ අයගේ උද්ඝෝශනයක් දින ගණනාවක් තිස්සෙ පැවැත්වුනා ..ඒක බලනකොට කටු ඇනෙනවා වගේ හැඟීමක් දැනිච්ච හුරතල් පෙනුමක් තියන නංගි කෙනෙක් එතනට ඇවිත් ඇස් කරකව කරකව ලස්සන කතාවක් කතා කරා…නංගිගෙ හුරතලෙයි… දෙවිවරු මහපාරේ වැඩ උන් අසරණ ලීලාවයි දැක්කම අපේ හදවත උනු වුනා… “අපි වෙනුවෙන් ජීවිතේ කැපකරපු දෙවිවරු මෙහෙම ඉන්නකොට ඒ නංගිට වගේ අපේ කටු ඇනුනෙ නැත්තෙ ඇයි?” කියන එක ගැන ලොකු වරදකාරි හැගීමක් අපිට ආවා…නංගි දවසින් ජාතියේ වීර දියණිය වුනා… අපි ආණ්ඩුව පෙරළුවා…ඊටපස්සෙ අපිට නංගිව හම්බවුනේ…ජයග්‍රාහී සාදයක “වැඩ කරන අපේ විරුවා” ගය ගය ඉද්දි… දැන් කෝ ඒ කටු ඇනුනු නංගි?…එතකොට කෝ ඒ පාරෙ හිටපු හමුදාව? …එයාලට ඉල්ලීම් ලැබුනා ද?…

ඔබට හමුවන හමුදාව දෙවියන් කර මුරුංගා අත්තෙ තියන්න එපා…ඔවුන්ට අවමන් කරන්නත් එපා…ඒ ඇඳුමට යටින් ඉන්න මනුස්සයාව තේරුම් ගන්න…

ඔබේ ඇඳුමට මුවාවී ඉන්න මනුස්සයාව ඔවුන්ට පෙන්වන්න…ඒ මනුස්ස හමුවීමට පමණයි ලොකුම මැරයා පරාජය කළ හැක්කේ.

By Chamara Guruge මුහුණු පොතිනි.

Archive

Latest news

Related news