Friday, April 26, 2024

ආණ්ඩුව විවේචනය කළැයි ආණ්ඩුවේ රූපවාහිනී මාධ්‍යවේදිනියක් දොට්ට!

ඡායාරූපය‍: පාරමී නිලේප්ති රණසිංහ (Para Nileptha Ranasinghe)

පාරමී නිලේප්ති රණසිංහ නම් ජාතික රෑපවාහිනී මාධ්‍යවේදිනිය ෆේස් බුක් සටහවක් තබමින් ශ්‍රී ලංකික ජීවිතය ගැන සංවේදී වීම නිසා තමාට රූපවාහිනිී භූමියට ඇතුලු වීම තහනම් කොට ඇතැයි ප්‍රකාශ කර තිබේ.

මෙම පියවර පැහැදිළිවම අදහස් දැක්වීමේ නිදහස කෙළෙසීමක් බව මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති.

එම ෆේස් බුක්  සටහන පහත දැක්වේ.

පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.
අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්රයක් හෝ සංවේදී වීම නිසාවෙනි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි.
හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය.මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි…
සදාකල් යෙහෙන් වැජඹේවා.
නැවතුමක් නොවේ හැරවුමක් පමණි……..
තහනමට හේතු වූ සටහන:

Archive

Latest news

Related news