Friday, March 29, 2024

“පාස්කු ඉරිදා ප්‍රහාරය කුමන්ත්‍රණයක්; ඒ පිටුපස ඇති සත්‍යය සෙවීමට ක්‍රමවේදයක් සකස් කරන්න” – කාදිනල් මැල්කම් රංජිත් එක්සත් ජාතීන්ට කියයි.

(ජිනීවා 07 මාර්තු 2022) 2019 වසරෙහි අප්‍රේල් 21 දා සිදු කළ පාස්කු ඉරිදා ප්‍රහාරය 269 දෙනෙකු බිලි ගත්තේය. ඔයට විදේශීය රටවල් 14ක පුද්ගලයින් 49 දෙනෙකු ඇතුළත් විය. 500කට වඩා පිරිසකට තුවාල සිදු විය.

මුලින් පෙනෙන්නට තිබුනේ ප්‍රහාරය හුදෙක්ම ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවයි. එසේ නමුත් පසුව සිදු කරන ලද ගවේෂනයන් පෙන්වා ලන්නේ එය විශාල දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි.

අපගේ සහ  යුක්තිය සොයා යන සිවිල් සංවිධානයන්ගේ අනවරත ආයාචනයන් නොසළකා පසුව බලයට පත් ආණ්ඩුව වින්දිතයිනට යුක්තිය ඉටු කිරීමට අසමත්ව තිබේ. ප්‍රහාරයන් පිටුපස වූ සත්‍ය අනාවරණය කර වගකිව යුත්තන්ට නඩු පවරනු වෙනුවට යුක්තිය ඉල්ලා සිටින පිරිස් බිය ගැන්වීමට සහ තර්ජනයට ලක් කිරීමට ප්‍රයත්නයක් ගැනෙමින් තිබේ.

මේ වනාහී විපතට පත් වින්දිතයින්ගේ මූලික අයිතිවාසිකම් දරුණු ලෙස කෙලෙසීමක් බැවින් පසුගිය වසරෙහි මානව හිමිකම් කවුන්සලිය විසින් දියත් කරන ලද සාක්ෂි එක්රැස් කර ගැනීමේ ක්‍රියාවලිය දිගටම කර ගෙන යෑමට සහ  පාස්කු ඉරිදා සමූල ඝාතනයන් පිටුපස ඇති සත්‍යය අනාවරණය කර ගැනීම සහතික කැරෙන ගවේශණයක් සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමටත් දිගටම සහාය දෙන ලෙස  අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සියලු සාමාජික රටවලින් ඉල්ලා සිටිමු.

කාදිනල් මැල්කම් රංජිත්, අදරදගරු, කොළඹ

07.03.07

ශ්‍රී ලංකාව පිළිබඳ  සම්පූර්ණ සාකචජාව මෙම දිගුවෙහි ඇත. කාර්දිනල්වරයාගේ කතාව විනාඩි 54.38 සිට ආරම්භ වේ.

https://media.un.org/en/asset/k1m/k1mkrqz7th

Archive

Latest news

Related news