මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය අම්බිකා සත්කුනනාදන් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කර්කෂ ප්‍රකාශය ” විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන් සහ සුළුතර ප්රජාවන්ගේ සාමාජිකයින් ඉලක්කකර ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පිළිබඳ පනත මෑත අතීතයේදී ශ්‍රී ලංකාව තුළ භාවිතකර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේදී මේ තත්ත්වය අනතුරුදායක ස්වභාවයක් ජනිත කරන” බව ඒකාබද්ධ සිවිල් සමාජ ප්රකාශණයක් සදහන් කරයි. මෙම ප්‍රකාශණයට පුද්ගලයින් 167 දෙනෙකු සහ සංවිධාන 47ක් අත්සන් කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය ශ්‍රී ලංකා බ්‍රිෆ් විසින් මෙයට පෙර පළ කරන ලදී.
සිවිල් සමාජ ප්‍රකාශය පහත පළවේ.
අම්බිකා සත්කුනනාදන් මහත්මිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදැකීම සඳහා වු සහයෝගීතා ප්රකාශනය
මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 පෙබරවාරි 4 වැනි දින විදේශ අමාත්‍යාංශයෙහි ප්‍රතිචාරය පිළිබඳව මෙහි පහත අත්සන්කර ඇති සිවිල් සමාජ සාමාජිකයින් සහ සංවිධාන දැඩි කනස්සල්ල ප්‍රකාශකර සිටින්නෙමු.
සත්කුනනාදන් මහත්මිය විසින් ස්වකීය ඉදිරිපත්කිරීමේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ රටක් වශයෙන් එහි පුරවැසියන් සඳහා ජාත්‍යන්තර සහ ජාතික බැඳීම් පිළිබඳව විවේචනාත්මක ඇගයීමක් සිදු කළ අතර, යුරෝපා සංගමයේ සාමාජික රටවලට නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
“දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් කෙරෙහි රජයේ ප්‍රතිපත්ති, රාජ්‍ය ආයතන සහ ඒවායේ භාවිතයන් මඟින් ඇතිවන විවිධාකාරවු බලපෑම් පෙන්වාදීම යම් ආකාරයකින් ‘ප්‍රජාවන් අතර වෛරය ඉස්මතු කෙරෙන’ සහ එමඟින් ‘සමාජ සංහිඳියාවට’ හානිදායක බව ඇඟවීමද බරපතල ගැටලුකාරී තත්ත්වයකි.”
ඉස්මතු කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් හරයාත්මකව කටයුතු කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම උදෙසා ප්‍රතිපත්තිමය පර්යේෂණ, උද්දේශන සහ රාජ්‍ය සේවය පිළිබඳව නිර්දෝෂී වාර්තාවක් ඇති පුද්ගලයකු කෙරෙහි දෝෂාරෝපණාත්මක ප්‍රතිචාරයක් දැක්වීමේ විකල්පය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තෝරාගෙන ඇත. දෙමළ ක්‍රියාකාරිනියකගේ සහ පර්යේෂකයෙකුගේ ස්වාධීන උද්දේශනය, එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකාරකම් හා බැඳි තත්ත්වයන් සමඟ සම තත්ත්වයෙහිලා සංසන්දයක් කිරීමට විදේශ අමාත්‍යාංශය විසින් ගන්නා උත්සහය හුදෙක් අසාධාරණ මෙන්ම දුෂ්ට හා බියකරුය.
දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් කෙරෙහි රජයේ ප්‍රතිපත්ති, රාජ්‍ය ආයතන සහ ඒවායේ භාවිතයන් මඟින් ඇතිවන විවිධාකාරවු බලපෑම් පෙන්වාදීම යම් ආකාරයකින් ‘ප්‍රජාවන් අතර වෛරය ඉස්මතු කෙරෙන’ සහ එමඟින් ‘සමාජ සංහිඳියාවට’ හානිදායක බව ඇඟවීමද බරපතල ගැටලුකාරී තත්ත්වයකි.
විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන් සහ සුළුතර ප්රජාවන්ගේ සාමාජිකයින් ඉලක්කකර ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පිළිබඳ පනත මෑත අතීතයේදී ශ්‍රී ලංකාව තුළ භාවිතකර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේදී මේ තත්ත්වය අනතුරුදායක ස්වභාවයක් ජනිත කරයි.
රාජ්‍ය ආයතනයක් විසින් භයානක අන්දමේ ඉඟි ලබාදෙමින් සෘජුව අදහස් ඉදිරිපත් කරන සිවිල් සමාජ සාමාජිකයින් ඉලක්කකර ගැනීම වු කලී හුදෙක් විරුද්ධ මත සහ ප්රකාශනයේ නිදහස යටපත් කිරීමට කරනු ලබන බියගැන්වීමක් වශයෙන් අපි සලකන්නෙමු.
ප්‍රමුඛතාගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය හෙවත් ඨීඡූ වෙළඳ වරප්‍රසාද රඳවාගැනීම හෝ අහිමිකර ගැනීම සම්පූර්ණයෙන්ම පදනම්වී ඇත්තේ කම්කරු අයිතිවාසිකම්, මානව හිමිකම්, පාරිසරික ආරක්ෂාව සහ යහපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙහි ක්‍රියාකලාපය පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීම මතය. මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටීම වූ කලී ශ්‍රී ලංකා ආර්ථිකයට තීරණාත්මක වන ප්‍රමුඛතාගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය හෙවත් ජීඑස්පී වෙළඳ වරප්‍රසාදය අනතුරේ දැමීමට හේතු වන්නේය යන තර්කය ඉතාම වංක අදහසකි.
රාජ්‍ය ආයතනයක් විසින් භයානක අන්දමේ ඉඟි ලබාදෙමින් සෘජුව අදහස් ඉදිරිපත් කරන සිවිල් සමාජ සාමාජිකයින් ඉලක්කකර ගැනීම වු කලී හුදෙක් විරුද්ධ මත සහ ප්රකාශනයේ නිදහස යටපත් කිරීමට කරනු ලබන බියගැන්වීමක් වශයෙන් අපි සලකන්නෙමු.
විදේශ අමාත්‍යාංශය විසින් කරන ලද මෙවැනි ප්‍රකාශයන් ඔස්සේ ප්රජාතන්ත්රවාදය සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ස්වාධීන මැදිහත්කරුවෙකු ලෙස සිවිල් සමාජය සම්බන්ධවීම සීමාකිරීමට සහ බලපෑමට ලක්වූ ප්රජාවන්ගේ හා පුද්ගලයින්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටීම අඩපණ කිරීමට හේතුවන බවට අපි විශ්වාස කරන්නෙමු.
සත්කුනනාදන් මහත්මිය මෙන්ම සිවිල් සමාජයේ බොහෝ දෙනෙක් සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරීන් සඳහා පවතින සන්දර්භය පිළිබඳව මෙන්ම සිවිල් ක්‍රියාකාරීත්වය යටපත් කිරීමේ අරමුණ සහිත නව නීතියක තර්ජනය සම්බන්ධයෙන්ද ස්වකීය කනස්සල්ල පළ කරති. වින්දිතයන්වී දිවි ගලවාගත් පුද්ගලයන්ට, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට, ජනමාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ සංවිධානවලට එරෙහිව රජයට සම්බන්ධ පාර්ශව විසින් දිගින්දිගටම සිදු කරනු ලබන හිරිහැරකිරීම් පිළිබඳව අපි දැඩි කනස්සල්ලෙන් යුතුව මෙහිදී සටහන් කරන්නෙමු.
සිවිල් සමාජයට සුදුසු සන්දර්භයක් නිර්මාණය කිරීම සඳහා හුදෙක් සිවිල් සමාජය හවුල්කරුවෙකු ලෙස සලකන බවට ප්‍රකාශ කිරීම සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය නව අමාත්‍යාංශයක් වෙත මාරුකිරීමට වඩා පුළුල් ක්‍රියාදාමයක් අවශ්‍ය වේ. මේ පිළිබඳවත්, සත්කුනනාදන් මහත්මිය විසින් ඉස්මතු කරන ලද අනෙකුත් හරයාත්මක කරුණු පිළිබඳවත් රජය සමඟ අවංක, ප්‍රතිපත්තිමය පදනමක් මත සහ සාධනීය සංවාදයක නිරතවීමට අපි තවදුරටත් කැමැත්තෙන් සිටින්නෙමු. කෙසේවෙතත්, විදේශ අමාත්‍යාංශය විසින් මේ ආකාරයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉලක්කකර ගැනීම විශ්වසනීයත්වයක් හෝ පැහැදීමක් ඇති නොකරයි.
විදේශ අමාත්‍යාංශයේ මෙම ප්‍රකාශය අපි හෙලාදකින අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය සහ සැබෑ සංහිඳියාව ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමේ ක්‍රියාවලීන්හි යෙදී සිටින අම්බිකා සත්කුනනාදන් මහත්මිය සහ අනෙකුත් සියලුම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සහයෝගීතාවෙන් සිටින්නෙමු.
Signatories;
Individuals
1. A.R.A. Ramees
2. Ainslie Joseph – Convenor, People's Movement for Good Governance
(PeMOGG)
3. Amalini De Sayrah
4. Ameena Hussein
5. Ameer Faaiz
6. Aneesa Firthous
7. Anithra Varia
8. Anthony Jesudasan
9. Anthony Vinoth
10. Anuratha Rajaretnam
11. Anushani Alagarajah
12. Anushaya Collure
13. Aruni Jayakody
14. B. Gowthaman
15. Bhavani Fonseka
16. Bisliya Bhutto
17. C. Ranitha Gnanarajah, AAL
18. Chamila Thushari
19. Chandra Devanarayana
20. Channaka Jayasinghe
21. Chintaka Rajapakse
22. Chulani Kodikara
23. Damaris Wickremesekera
24. Dammika Munasinghe – Secretary, Joint Development Officers Centre
25. Deekshya Illangasinghe
26. Deshamanya Godfrey Yogarajah
27. Dharsha Jegatheeswaran
28. Dinushika Dissanayake
29. Dorin Rajani
30. Dr. Dinesha Samararatne
31. Dr. K. Guruparan, Attorney-at-Law
32. Dr. Kalana Senaratne – University of Peradeniya
33. Dr. Kaushalya Ariyarathne
34. Dr. Mahendran Thiruvarangan – University of Jaffna
35. Dr. Nimalka Fernando, Attorney-at-Law
36. Dr. Paikiasothy Saravanamuttu
37. Dr. Radhika Coomaraswamy
38. Dr. Ruvan Weerasinghe
39. Dr. Sanjana Hattotuwa
40. Dr. Thusiyan Nandakumar
41. E.M.S.N. Ekanayaka
42. Erandika de Silva – University of Jaffna
43. Ermiza Tegal
44. Faizun Zackeriya
45. Farah Mihlar
46. Farzana Haniffa
47. Fathima Majitha
48. Francis Costa Priyankara
49. Francis Raajan
50. Gehan Gunatilleke
51. Harindrini Corea, Attorney-at-Law
52. Herman Kumara
53. Hilmy Ahamed
54. Hyshyama Hamin – Women's Rights Activist
55. Indunil Usgoda Arachchi
56. Iromi Perera
57. Ishara Danasekara
58. J. Yardsan Figurado
59. Jaabir Raazi Muhammadh
60. Jake Oorloff
61. Jayani Abeysekara
62. Jehan Jegatheesan
63. Joanne Senn
64. Juwariya Mohideen
65. K. Aingkaran, Attorney-at-Law
66. K. Nihal Ahamad
67. K.J. Brito Fernando
68. K.S. Ratnavale, Attorney-at-Law
69. K.Thananjan
70. Kalani Subasinghe
71. Kamala Vasuki – Batticaloa
72. Kumaran Nadesan
73. Kumudini Samuel
74. Lahiru Perera – Family Rehabilitation Centre
75. Lakkitha Samarakone
76. Lakshman Gunasekara – Journalist
77. Lal Wijenayake – Convenor, Lawyers For Democracy
78. Linus Jayatilake – President, United Federation of Labour
79. Lucille Abeykoon
80. Luwie Ganeshathasan
81. M. Kusum Silva – Citizens Committee, Gampaha District
82. M.A. Wahid
83. Mahaluxmy Kurushanthan
84. Maithreyi Rajasingam, Attorney-at-Law
85. Mario Arulthas
86. Mario Gomez
87. Marisa de Silva
88. Michael Joachim
89. Mike Gabriel
90. Mirak Raheem
91. N.M. Saroor
92. Nagulan Nesiah
93. Nethmini Medawala, Attorney-at-Law
94. Nilshan Fonseka
95. Nurun Anberiya Hanifa
96. P. Muthulingam
97. P.M. Mujeebur Rahman, LLB
98. P.N. Singham
99. Pasan Jayasinghe
100. Peter Rezel
101. Philip Dissanayake
102. Prabodha Rathnanaya, AAL
103. Prabu Deepan
104. Priyatharshiny Rajendran
105. Prof. Arjuna Parakrama – University of Peradeniya
106. Prof. Maithree Wickramasinghe
107. Prof. Shamala Kumar – University of Peradeniya
108. Prof. Sumathy Sivamohan – University of Peradeniya
109. Puni Selvaratnam
110. Raghu Balachandran
111. Ramalingam Sivapragasam
112. Ramani Muttettuwegama, Attorney-at-Law
113. Rehab Mahamoor
114. Rev. Fr. Nandana Manatunga
115. Rev. Fr. Terence Fernando
116. Rev. Sr. Noel Christine Fernando
117. Rohana Hettiarachchi
118. Rohini Hensman – Writer, Researcher and Activist
119. Ruki Fernando
120. S. Kamalakanthan – Social Activist
121. S. Ratnajeevan H. Hoole – Formerly of the Election Commission and UGC,
and Michigan State University
122. S.C.C. Elankovan – Lawyer and Development Consultant
123. S.M. Anifa
124. S.T. Ganeshalingam
125. Sabra Zahid
126. Safana Gul Begum
127. Sajini Fernando, AAL
128. Sakuntala Kadirgamar
129. Sampath Samarakoon – Editor, vikalpa.org
130. Sandun Thudugala
131. Sanjula Pietersz, AAL
132. Sarah Arumugam, AAL
133. Sarala Emmanuel – Researcher
134. Selvaraja Rajasegar – Editor, maatram.org
135. Senaka Perera, AAL
136. Senel Wanniarachchi
137. Shafinaz Hassendeen
138. Shalomi Daniel
139. Sharmaine Gunaratne, AAL
140. Sheila Richards
141. Shivantha Rathnayake
142. Shreen Saroor
143. Shyamala Gomez
144. Sirany Thevakumar – Rights based activist
145. Srinath Perera – General Secretary, Free Trade Union Centre
146. Stella Victor
147. Sunanda Deshapriya – Journalist, Writer and Human Rights Activist
148. Sunil Shantha Ganewaththa
149. Suren D. Perera, AAL
150. Suresh Fernando, Attorney-at-Law
151. Swasthika Arulingam
152. Sylvester Jayakody – General Secretary, Ceylon Mercantile Industrial and
General Workers Union (CMU)
153. Tanuja Thurairajah
154. Tehani Ariyaratne
155. Thiagi Piyadasa – Lawyer and Researcher
156. Thyagi Ruwanpathirana – Researcher
157. Tisaranee Gunasekara
158. Vanie Simon
159. Ven. Fr. Samuel J. Ponniah
160. Visakha Tillekeratne – Independent Activist
161. Yamini Ravindran – Attorney-at-Law and Campaigns Director,
Minormatters
Organisations
1. Adayaalam Centre for Policy Research (ACPR)
2. Affected Women's Forum (AWF)
3. Alliance for Minorities
4. Batticaloa District Civil Society Activists Union
5. Centre for Human Rights and Development (CHRD)
6. Centre for Policy Alternatives (CPA)
7. Civil and Political Rights Amayam, Batticaloa
8. Committee for Protecting Rights of Prisoners
9. Dabindu Collective Sri Lanka
10. Families of the Disappeared (FoD)
11. Forum for a Plural Democracy
12. Forum for Affected Families, Mannar
13. Human Elevation Organisation (HEO)
14. Human Rights Office (HRO), Kandy
15. Institute of Social Development (ISD)
16. International Centre for Ethnic Studies (ICES)
17. Law and Society Trust (LST)
18. Lawyer's Forum for the People
19. Mannar Social and Economical Development Organisation (MSEDO)
20. Mannar Women's Development Federation (MWDF)
21. Movement for Land and Agricultural Reform (MONLAR)
22. Movement for Plantation Peoples' Land Rights (MPPLR)
23. Muslim Women’s Development Trust (MWDT)
24. National Fisheries Solidarity Movement (NAFSO)
25. NGO National Action Front (NNAF)
26. People for Equality and Relief in Lanka (PEARL)
27. People's Action For Free and Fair Elections (PAFFREL)
28. People’s Alliance for Right to Land (PARL)
29. People’s Collective for Climate Justice, Batticaloa
30. Plantation Rural Education and Development Organisation (PREDO)
31. Praja Abhilasha Network
32. Revolutionary Existence for human Development (RED)
33. Right to Life Human Rights Centre (R2L)
34. Rural Development Foundation
35. Samadana/m
36. Savistri National Women's Movement
37. Social Institute for Development of Plantation Sector (SIDPS)
38. Sri Lanka Young Journalists' Association
39. Suriya Women's Development Centre
40. Tamil Civil Society Forum (TCSF)
41. Upcountry Civil Society Collective (UCSC)
42. Viluthu
43. Voices Movement
44. Women and Media Collective (WMC)
45. Women for Justice and Peace in Sri Lanka
46. Women's Action Network (WAN)
47. Women’s Organisation Working on Disability