Tuesday, July 16, 2024

කොවිඩ් එන්නත් සහතිකය පොදු ප්‍රවාහනයටත් අනීවාර්ය කරන ගැසට්ටුවක්; ක්‍රියාවට දැමීම ගැටළු සහගතයි!

ලබන අප්‍රේල් පළවනදා සිට ශ්‍රී ලංකාවෙහි කොවිඩ එන්නත් සහතිකය පොදු ස්ථානයන්ට ඇතුළුවීම සඳහා අනීවාර්ය කැරෙන අති විශේෂ ගැසට් පතුයක් නිකුත් කර තිබේ.

මේ අනුව පොදු ප්‍රවාහණ සේවය සඳහා ද එන්නත් කරන සහතිකය අනීවාර්ය වේ. මහජනයා ගැවසෙන ඕනෑම ස්ථානයකට ඇතුලු වීමට කොවිඩි එන්නත් සහතිකය  මෙමගින් අනීවාර්ය කර තිබේ.

මෙම රෙගුලාසිය මානව හිමිකම් කඩ කිරීමක් බවට නීතිවේදීන් ගණනාවක්ම ප්‍රකාශ කර තිබේ.

මෙම රෙගුලාසිය මෙරටට පැමිණෙන විදේශිකයින් සදහා අනීවාර්ය කෙරෙනු ඇත්ද යන්න අපහැදිළිය. මන්ද යත් සංචාරකයින්ද පොදු ප්‍රවාහණය පාවිච්චි කරන බැවිනි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් සහතිකය ඉලෙක්ට්‍රෝනිකව  බාර් කොඩ් එකක් ඇතිව සෑම දෙනාටම නිකුත් කර නැත. නිකුත් කළද  එවැනි ඉලෙක්ට්‍රෝනික සහතිකයක් පරීක්ෂා කළ හැකි නවීන ජංගම දුරකතනය ද මගී බස් රථවල නැත. මුද්‍රිත කොවිඩ් එන්නත් සහතිකය හොරට සකස් කර ගත හැකි බවත් එබැවින් මෙම රෙගුලාසිය ක්‍රියාවට නැංවීමට බැරි වනු ඇති බවත් වෛද්‍ය වෘත්තිකයකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසීය.

තවද මෙරට පොදු ප්‍රවාහණයේ ඇති අවුල් සහගත සහ මාෆියා පාලනය යටතේ මෙවැනි රෙගුලාසියක් ක්‍රියාත්මක කිරීම උගහට වනු ඇති බවත් කියැවේ.

සංවර්ධිත රටවල කොවිඩ් සහතිකය බාර් කෝඩ් එකක් ලෙස පරිහරණය වේ.

එම ගැසට්ටුවේ අදාල කොටස පහත දැක්වේ.

‘‘100. විධාන, මාර්ගෝපදේශ සහ චක්‍රලේඛ :- (1) සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධරයා විසින්,
ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වේ යැයි ඔහු විසින් සලකනු ලබන අවස්ථාවලදී. රෝග පාලනය සහ රෝග
වැළැක්වීමේ ආරක්ෂිත පියවරවලට අදාළ යම් නියමයන් සහ කොන්දේසි නිශ්චය කරමින් කලින් කලට යම් විධාන,
මාර්ගෝපදේශ, චක්‍රලේඛ, උපදෙස් හෝ නිල පුවත්පත් නිවේදන නිකුත් කරනු ලැබිය හැකි ය. ඒ රෝග පාලනය සහ
රෝග වැළැක්වීමේ ආරක්ෂිත පියවරවලට අදාළ යම් කාරණයක් ඇතුළත් විය හැකි යම් විධාන, මාර්ගෝපදේශ,
චක්‍රලේඛ, උපදෙස් හෝ නිල පුවත්පත් නිවේදන, සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධරයා විසින් නිශ්චය
කරනු ලැබිය හැකි පරිදි යම් කාලසීමාවක් සඳහා නිකුත් කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපනියෝගය යටතේ නිකුත් කළ යම් විධාන. මාර්ගෝපදේශ, චක්‍රලේඛ, උපදෙස් හෝ නිල පුවත්පත්
නිවේදනවලට අනුකූලවීම සෑම තැනැත්තකුගේම කාර්යය විය යුතුය.

101. (1) සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධරයා විසින් නිදහස් කර ඇත්නම් මිස, 2019 කොරෝනා
වෛරස් රෝගය (ක්‍දඩසා-19) ට එරෙහිව පූර්ණ එන්නත්කරණයක් කර තිබෙන බව ඔප්පු කිරීමට සාධක
නොමැතිව තැනැත්තකු යම් පොදු ස්ථානයකට ඇතුළු නොවිය යුතු ය.

සම්පූර්ණ ගැසට් නිවේදනය,

 

 

Archive

Latest news

Related news