ජායාරූපය: strategyandstorytelling.com වෙතිනි.
ලංකාව දීර්ඝකාලීනව ක්‍රම ක්‍රමයෙන් සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයකට ගොස් ඇති සමාජයකට හිමිකම් කියයි. මෙම අර්බුදය විවිධ පැතිවලින් මතු වනු දකින්නට ලැබේ. අධ්‍යාපනයෙහි ඇති අර්බුදයකි. පොදු ප්‍රවාහනයේ සෞඛ්‍ය සේවාවන්හි අර්බුදයකි. ආහාර හිඟයකි. බඩු මිල අහස් උසය. විරැකියාව පෘතූලය. මුදල අවප්‍රමාණ වෙයි. විදුලිය සහ ගෑස් හිඟයකි.
ඊට අමතරව සමාජමය පසුගාමීත්වය සහ ඒ පසුගාමීත්වයට පෙම් බැඳීම දැකිය හැක. පොදු මිනිස් අයිතීන් පිළිබඳ සාකච්ඡාවක් ලොකු හිඩසකි. පුරුෂාධිපතයික ආධිපත්‍ය ද මහ ජාතික ආධිපත්‍ය ද සමාජය වෙලා ගෙන තිබේ. නීතියෙහි ආධිපත්‍ය නැතිනම් නීතිය මත පාලනයක් නැති තරම්ය. රට හමුදාකරණයට නතු වෙමින් පවතී. රාජ්‍ය පාලනයට පැවිදි පාර්ශවයන්හි මැදිහත් වීම දිනෙන් දින ඉහළ යයි.
මේ සියලු අර්බූදයන්හි පිලිඹිඹුව ලෙස දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුදයක ලංකාව උග්‍ර ගිලී තිබේ.
නිදහස් දිනය අද හෙටය. නිදහසින් පසුව ලංකාව මෙවැනි අර්බුදයකට ගමන් කළේ කෙසේද යන්න බොහෝ දෙනා විමසති. ලියති. කියති. මෙවැනි පුළුල් සංවාදයක් ඇති වීම වැදගත් බව මගේ වැටහීමයි. එමෙන්ම එම සංවාදය එක පැත්තකින් පමණක් නොව විවිධ පැතිවලින් ගෙන සලකා බැලිය යුතු බව මගේ වැටහීමයි. දේශපාලන තලයේ ඇති අර්බුදය මේ සියල්ල යටපත් කර ගෙන ඇති බව සැබෑය. නමුත් සමාජයක් වශයෙන් සියලු දෙනාගේම අයිතීන් සහ තම සමාජ වටිනාකම් නැවත නැවත සාකච්ඡා කර මතුකර ගැනීමේ වැදගත් කමක් ද තිබේ.
නිදහසින් පසු ලංකාව මෙවැනි ක්‍රමවත් අගාධයක් දෙසට ගමන් කිරීමට නිදහසින් පසු ලංකාව පාලනය කළ එහි දේශපාලන බලය පවත්වාගත් අය සෑම කෙනෙකුම පාහේ අඩු වැඩි වශයෙන් කොටස්කරුවන් සහ වගකිවයුත්තන් බවට විවාදයක් නැත.
නිදහස් ලංකාවේ මුල්ම වකවානුවේ පැවතුණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්, ආයතන පද්ධතීන්, නීති ක්‍රමය ආදී තත්වයන් එතැන සිට නූතනත්වය දෙසට ගෙන යනවා වෙනුවට අප පාලකයින් කර ඇත්තේ තිබුණු තැනිනුත් සමාජය සහ එකී ආයතන රටාවන් ආපස්සට ගෙන යාමකි.
“බුද්ධිමතුන් විසින් මෙම යටහත් පහත් භාවය විවේචනය කරමින් අලුත් මිනිසා බිහි කර ගැනීමට කටයුතු නොකරයි නම්, ඔවුන්ගේ පෑන නොහසුරවයි නම්, ඔවුන්ගේ වචන ඒ වෙනුවෙන් කැප නො කරන්නේනම් ඇත්තෙන්ම අද අපට සිදු වී තිබෙන්නේ පුළුල් බහුබහුජන ව්‍යාපාරයක් තුළ එම භාවිතාව ඇතිකර ගැනීමටයි.”
අපට බුද්ධිමතුන්ගේ සමාජ වගකීම තේරුම් ගැනීමට පහත දැක්වෙන උදාහරණයක් ගත හැකිය.
ලෝකය විශේෂයෙන්ම නූතන ලෝකය අද ගමන් කරන්නේ හතරවන කාර්මික විප්ලවය යැයි කියන කෘතිම බුද්ධිය, ස්වයංක්‍රීය රොබොටික් තාක්ෂනය සහ අන්තර් ජාලය මත පදනම් වූ තොරතුරු තාක්ෂණය හරහාය. සංවර්ධිත නිදහස් සමාජයන් මෙම සංවර්ධනයට සාපේක්ෂකව අඩුම තරමින් සමාජ සිතුවිලි දාමයන් සමගාමීව පවත්වා ගැනීමට වෙහෙස දරයි. නමුත් එය පහසු දෙයක් නොවේ. හතරවන කාර්මික විප්ලවය සීග්‍රගාමී එකකි. සමාජයට ඒ හා ගමන් කිරීමට නොහැකි තරම්ය. විටෙක එය මානව පැවැත්ම පවා අභියෝගයට ලක් කරයි. නමුත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් තුළ මේ පිළිබඳව කෙරෙන කතිකාවන් තුල මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනු නිරන්තර සංවාදයක් තිබේ.
එය සිදු වන්නේ මහත් සහ පෘතූල බුද්ධිමය සංවාදයක් තුලිනි.
ලංකාව තුළ මෙතෙක් වර්ධනය වූ දේශපාලන අර්බුදයට දේශපාලන බලධාරීන්, දේශපාලන පක්ෂ වගකිව යුතු බව සැබෑය. එමෙන්ම, ලංකා සමාජයෙහි ඇති බහුවිධ අර්බුදයන්ට බුද්ධිමතුන් දායකත්වයක් ද තිබේ. බොහෝ බුද්ධිමතුන් නින්දක ගැලී සිටී. එසේ නැත්නම් තව කොටසක් තමන්ගේ පෞද්ගලික වාසියට බුද්ධිය පැත්තකින් තබා බුද්ධියට නිගා දෙන ආකාරයකින් තමාව අලෙවි කර ගනී. බුද්ධිමතුන් සුලු පිරිසක් කොටසක් පිස්සු කෙළිති.
මේ අතර සමාජ ප්‍රගමනය වෙනුවෙන් විවිධාකාර ලෙසින් දායක වූ සහ දායක වන ශ්‍රාස්ත්‍රඥයින් සහ බුද්ධිමතුන්ද අප සමාජයේ සිටී. නමුත් ඔවුන් සුළුතරයකි.
අනෙත් අතට අප සමාජය මුහුණ දී සිටින බහුවිධ අර්බූදය විමසා බැලෙන සහ විසදුම් ගවේශණය කරන සංවාදයන් සිදු වන්නේ ඉංග්‍රිසි බසින් පමණි. ඉංග්‍රිසි මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍යන්හි කැරෙන සංවාදයන් සිංහල සහ දෙමළ බසින් ලියැවෙන ලිපි වලට වඩා අති විශාලය. මෙමගින් ද සිදුවන්නේ බහුතර ජනයාට ඉහළින් සිටින ප්‍රභූ බුද්ධිමත් ප්‍රජාවක් ඔවුන් විසින්ම නිර්මාණය කර ගැනීමයි. එය එක්තරා විදිහකට යටත් විජිතවාදයේම දිගුවකි.
මෙසේ බුද්ධිමත් ප්‍රජාව නිහඬ, නින්දක ගිලී සමාජයක් එක තැන පල්වීම ඉතා සාමාන්‍යය. පසුගාමී ගෝස්තරවාදී දේශපාලනයක් පවතින රට තුළ බුද්ධිමතුන් සංවාදශීලී නොවේ නම් එළඹෙන ව්‍යවසනය පිළිබඳව සමාජ සංවාදයක් ඇති නොවේ. සෑම දෙයක් දෙසම උඩින් පල්ලෙන් බලන තත්ත්වයකට සමාජය ගමන් කරයි. එවිට නොදැනීම යටපත් කිරීම සහ දේශපාලන සහ සමාජමය ප්‍රශ්ණ දෙස විචාරශීලීව නොබලන නොදැකින සමාජයක් ඇති වෙයි. පවතින ඛේදජනක තත්වයන් සාමාන්‍ය දේ බවට පත්වෙයි.
අප මේ තත්වය වෙනස් කළ යුතුය.
එවැනි සමාජයක් ආපස්සට ගමන් කරීම නතර කළ නොහැක. සමාජයක් ඉබේම දිගටම සංවර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරනවා ඇතැයි සිතීම නිවැරදි නැත. ඒ ඒ අවධීන් වල පවතින අධිපතිවාදී දේශපාලන බලාධිකාරයන් සමාජය මත පටවන යටපත් කිරීම තුල සමාජයක් ආපස්සට ද ගමන් කළ හැක. ලංකාවෙි සිදුවී ඇත්තේ මෙවැන්නක් යයි මගේ වැටහීමයි.
සමාජයක ඉදිරි ගමනට එහි ඇති ගැටළු නිරාකරණය කරගෙන සමාජයක් ඉදිරියට සංවර්ධනය වීමට බුද්ධිමතුන් ගේ සහභාගීත්වය ඉතාම වැදගත්ය. ලෝකයේ සෑම රටකම පාහේ සමාජයක ඇති පසුබෑම, දුර්වලකම්, සහ සංවර්ධනය පිළිබඳ කාරණාවන් පිළිබඳව ඉදිරිගාමී දැක්මක් ඉදිරිපත් වන්නේ විවිධ තලයේ වැඩ කොටස් කරන බුද්ධිමතුන් අතිනි.
නමුත් ලංකා සමාජයේ පසුගිය වකවානුවේ මේ කාරණා පිළිබඳව දැනුවත් බවින් ඉදිරිපත් වන බුද්ධිමතුන් විරලය. ලෝකයේ සෑම රටකම පාහේ සමාජ ඉදිරි ගමන සඳහා අදහස් ඉදිරිපත් වන්නේ එවැනි බුද්ධිමතුන්ගෙනි. ප්‍රගතිශීලී සමාජ දේශපාලන ව්‍යාපාර එම මත ග්‍රහණය කරගෙන ඒවා රට තුළ ක්‍රියාත්මක කරවීම හෝ එම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කර වීමට පවතින රාජ්‍යයන්ට බල කිරීම සිදු කරයි. බුද්ධිමතුන් නිහඬ නම්, බුද්ධිමතුන්ට රටෙහි ඇති ප්‍රශ්න දකින්නට තරම් දැක්මක් හෝ අවශ්‍යතාවයක් නැත්නම්, රටේ සිදුවන සමාජ අසාධාරණය සහ පසුගාමිත්වය දෙසට රට ඇද ගෙන යාම විග්‍රහ කර මත ඉදිරිපත් කිරීමක් සිදු නොවේ නම් සමාජයක් එකතැන පල්වීම හෝ ක්‍රමයෙන් ආපස්සට ඇදීම වැලැක්විය නොහැක.
ලංකාවේ දේශපාලනයට අද වන විට සිදු නොවිය යුතු ආකාරයෙන් බලපෑම් කිරීමක් බෞද්ධ භික්ෂූන් වෙතින් සිදු වෙයි. ඔවුන් වැඩවසම් සමාජ වටිනාකම්, පසුගාමී සමාජ චාරිත්‍ර සහ වටිනාකම් වලට ආවඩමින් එදෙසට සමාජය ගමන් කරවීමට රාජ්‍යට බල කරයි. රාජ්‍යය නායකයින් උපදෙස් ගන්නේ ඉතාම පසුගාමී, බොහෝ අවස්ථාවල බෞද්ධ චීවරයටවත් නොසුදුසු මහණුන්ගෙන්ය. ඇත්තෙන්ම ලංකා සමාජයේ සමාජ දේශපාලනය මෙම චීවරධාරීන් ගෙන් ගලවාගැනීම අද යුගයේ ඇති ප්‍රධානතම අභියෝගයකි.
බුද්ධිමතුන් මේ කාරණා සම්බන්ධයෙන් සමාජ සංවාදයක් ඇති කිරීමට එඩිතර නැත්නම්, බුද්ධිමතුන් හිඟ වුවත් පුළුල් සමාජ බලවේගයකට මෙම අභියෝගයට මුහුණ දිය හැක. දිය යුතුය. එසේ නැතිව අපට අද රට පත් වී ඇති මේ අර්බුදයන්ගෙන් මිදිය නොහැක.
ලංකාවේ පවතින වත්මන් තත්වය තුළ පුළුල් බහුජන ව්‍යාපාරයක වැදගත්කම මේ අනුසාරයෙන්ද මතු වෙයි. බහුජන ව්‍යාපායන්හි ශ්‍රාස්ත්‍රඥයින් නැති මහජන බුද්ධිමතුන් යැයි හැදින්වෙන පිරිස් බොහෝ වෙති.
කුඩා ජන කණ්ඩායම් වල අයිතීන් තහවුරු කිරීම, ස්ත්‍රීන්ට සමාන අයිතීන් ඇති කර ගැනීම, රට තුළ නීතිය මත පාලනය ඇති වීම මෙන්ම නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් සමාන බව වැනි කාරණා පුළුල් බහුජන ව්‍යාපාරයන් විසින් සමාජ සංවාදයන් ලෙස මතු කරගත යුතුය. ජනතා පරමාධිපත්‍යය යන වචනය පැහැදිලිව තේරුම් ගැනීම ද මෙම සංවාදය තුල ඉස්මත්තට ගත හැකිය.
ඒ වාගේම සමාජය තුළ පුළුල් සංවාදයක් ඇති විය යුතු ප්‍රධානම කාරණයක් වන්නේ නූතනත්වය සහ පසුගාමීත්වය අතර දෝලනය වන සමාජය එතනින් එහාට ගෙන යාම සිදුවිය හැක්කේ කෙසේද යන්නයි.
මා මෙයින් අදහස් කරන්නේ 1833 කෝල්බෲක් කොමිසම මගින් රාජකාරි ක්‍රමය අවලංගු කර ලංකාවේ මිනිසුන් නිදහස් පුද්ගලයන් බවට පත් කරන ලද නමුත් එම නිදහස එම නිදහස යන්න පුද්ගල නිදහස සමග එකට තේරුම් ගෙන තිබෙන ආකාරයත් නිදහසින් පසු එම ක්‍රියාදාමය සිදුවී ඇත්තේ කෙසේද යන්නත් අප සංවාද කළ යුතු බවයි.
දැනට දින දෙක තුනකට ප්‍රථම නලින් ද සිල්වා මහතා ලංකාවේ පවතින අර්බුදය පැහැදිලි කරමින් පවසා තිබුණේ “ ලංකාවේ ඇති මෙම සමාජ ආර්ථික අර්බුදයට මූලික හේතුව අපේ කුල ක්‍රමය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් නැති කිරීමයි”. කියාය. මෙසේ නලින් ද සිල්වා කියන ආකාරයට නිදහස් මිනිසුන් ඇතිවීම වරදකි. රදළයින්ගේ වහලුන් ලෙස සිටි, ඉඩම්වලට බැඳුණු හෝ කිසියම් රාජකාරියකට බැඳුණු මිනිසුන්,( ඉඩම් වහලුන්) සිටින සමාජයක් මෙවැනි යුගයක දී පවා මහාචාර්යවරයකු මෙසේ පසසන්නේ ඇත්තෙන්ම ලංකා සමාජය නූතනත්වය කරා ගමන් නොකිරීම හේතුවෙනි.
එසේ නැත්නම් නූතනත්වය සහ ගැති යටහත් සුවච කීකරු භාවයට හුරු වූ, තම දෑත් බැඳි යදමට පෙම්කරන ඇබ්බැහිය අතර දෝලනය වන සමාජයක් නිසාවෙනි. වන්දිභට්ටයින් ගෙන් යුත්, බලවතාගේ ආධිපත්‍යයට හිස නමන, කොන්ද කෙළින් තියාගෙන ජීවත් වීමට පුරුදු නැති, උඩුකය වැසීමටත් අවසර නැති ( ස්ත්‍රීනට පවා) සමාජක්‍රමයක් මෙවැනි මහාචාර්යවරයකු පසසයි නම් සමාජයේ රජවරුන්ට ආවැඩීමත්, නායකයින්ට වැඳ වැටෙන නිලධාරින් සහ මිනිසුන් සිටීමත් පුදුමයට කරුණක් නොවේ.
බුද්ධිමතුන් විසින් මෙම යටහත් පහත් භාවය විවේචනය කරමින් අලුත් මිනිසා බිහි කර ගැනීමට කටයුතු නොකරයි නම්, ඔවුන්ගේ පෑන නොහසුරවයි නම්, ඔවුන්ගේ වචන ඒ වෙනුවෙන් කැප නො කරන්නේනම් ඇත්තෙන්ම අද අපට සිදු වී තිබෙන්නේ පුළුල් බහුබහුජන ව්‍යාපාරයක් තුළ එම භාවිතාව ඇතිකර ගැනීමටයි. මෙම සියලුම කාරණා සම්බන්ධයෙන් පුළුල් ආකාරයෙන් සමාජ සංවාදයක් සමාජයේ මතු කර ගැනීමද පුළුල් බහුජන ව්‍යාපාරයක් ඉදිරියේ ඇති අභියෝගයකි.
සියලුම මිනිස් අයිතීන් ව්‍යවස්ථාවන් හි වචන සංදර්ශනයක් නොවී එම ව්‍යවස්ථාවන් හි ඇති මූලික අයිතීන් මොනවාද යන්න පොදුවේ මහජනතාවගේ මනසට ඇතුල් වීම සඳහා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතා පරමාධිපත්‍ය යන්න ජනතාවට වටහා ගැනීමට, එය වචන හරඹයක් නොව මිනිසුන්ගේ අයිතිය බව වටහා ගැනීමට, සමාජය තුළ කරන විවෘත පැතිරුණු සංවාදයක් ඇතිකර ගැනීම අද පුළුල් බහුජන ව්‍යාපාරයක ප්‍රධාන කටයුත්තකි.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කළ හැකි වන්නේ තමන්ගේ අයිතීන් මොනවාදැයි හඳුනාගත් ජනතාවක් සිටී නම් පමණි. දේශපාලන නායකත්වයෙන්, දේශපාලන අධිකාරයෙන් රටේ ජනතාවගේ උවමනාවන් රාජ්‍ය ලවා කරවා ගැනීමට නම් එම අයිතීන් හඳුනාගත්, තම අයිතීන් වෙනුවෙන් නොබියව පෙනී සිටින ජනතාවක් බිහිකළ ගත යුතුය. එය කරගත හැකි වන්නේ සමාජය පුරා පැතිරී ගිය පුළුල් බහුජන ව්‍යාපාරයක් තුළින් දිගින් දිගටම සමාජය තුළ කරන සංවාද තුළින් ඒ දැනුවත් බව ජනතාවට ඇති කිරීම තුළින් පමණි.
02.02.2022