Thursday, July 18, 2024

රාජපක්ෂ තිරුපති ගිය යානයේ පැයක කුලිය රු.1.340.000; දවසක මිලියන 32යි!

ඡයාරූපය, රත්මලාන ගුවන් තොටු පළෙහි නවතා තිබූ මෙම ජට් යානයේ අංකයෙන් එහි වත ගොත සොයා ගෙන තිබේ්.

අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය දා තිරුපති වන්දනාවෙහි ගිය පුද්ගලික ජෙට් යානය කුලී පදනම මත ලබා ගන්නේ නම් පැයකට එක්සත් ජනපද ඩොලර් 6.700 ක් හෙවත් රුපියල් 1.340.000ක් බව වාර්තා වේ.

මෙම යානය රාජපක්ෂවරුන් සමඟ දිනක් රැදී සිටියෙ නම් එහි කුලිය එක්සත් ජනපද ඩොලර් 160,000 හෙවත් රුපියල් මිලියන 32ක් වේ.

මෙම ජෙට් යානය ලියා පදංචි කර ඇත්තේ බදු නොගවා සිය ධනය තැන්පත් කළ හැකි (Tax haven) සැන් මැරීනෝ නම් කුඩා යුරෝපිය දූපතෙහිය. මෙම ජෙට් යානය සුපිරි ධනවතුන්ට කුලියට දෙන එකක් බවද සඳහන් වේ.

‘T7-JSG’  ලෙස  ලියාපදිංචි වී ඇති Legacy 600 JetSetGo Aviation Services Private Limited හි ඇති බොහෝ ගුවන් යානා වලින් එකක් බව “ද මොර්නිං” පුවත් පත වාර්තා කරයි. මෙය ඉන්දීය සමාගමක් වන අතර එහි අධ්‍යක්ෂ මන්ඩලයේ ඉන්දීය සුපිරි ක්‍රිකටි ර්‍කිඩක යුවරාජ් සිං ද සිටී.

අගමැති රාජපක්ෂගේ සමබන්ධිකරණ ලේකම් ලෙස අගමැති ධුරයේ නොනිල වැඩ බලන්නා වන යෝශිත රාජපක්ෂ “ද මොර්නිං” පුවත්පතට කියා ඇත්තේ මෙම ජෙට් යානය තාත්තාගේ මිතුරකු විසින් නොමිලයේ ලබා දුන් බවත් එම මිතුරාගේ නම තමා නොදන්නා බවත්ය.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් යටතේ මහජන නියෝජිතයිනට ලබා දෙන මෙවැනි පරිත්‍යාග සම්පූර්ණයෙන්ම පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතුය. ඒ සඳහා මෙම රහසිගත මිත්‍රයා කවරකුද යන්න හෙළිදරව් කළ යුත්තේ එහි කිසිදු ලැදියාවන් අතර ගැටුමක් නැති බව තහවුරු කිරීම පිනිසය.

තවද තාත්තාගේ මිතුරා තමා දන්නේ නැතැයි පුතා විසින් කීම ද හාස්‍ය ජනක කතාවකි. ඉන් පෙනෙන්නේ සැඟවීමට යමක් මෙම තිරුපති වන්දනා ගමනට යොදා ගත් ජෙට් යානයට අදාළව ඇති බවයි.

වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් අගමැතිවරයකු විසින් මෙවැනි තොරතුරු සැඟවීම බන්ධනාගාර ගත වීමට තරම් අපරාධයකි.

Archive

Latest news

Related news