රටවැසි කණ්ඩායමක් වන අපි කොළඹ දී රැස්වී ලංකාවේ දැනට පවතින රජ්‍ය තන්ත්‍රයේ කඩා වැටීම හා ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම පිළිබඳව අපගේ බරපතළ අවධානය මෙසේ ප්‍රකාශ කර සිටිමු. මේ අතර ජනතාවගේ ක්‍රියාකාරී සහභාගිත්වයකින් තොරව නව ව්‍යවස්ථාවක් ගොඩනැගීමට රජය විසින් කරන උත්සාහය අතිශයින් අවදානම් සහගත ක්‍රියාවක් වන හෙයින් මේ පිළිබඳව ද රටේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
“අනාගත නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී අත්‍යාවශ්‍ය වූ මූලධර්මයක් වන්නේ රටේ සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන බවත්, අධිකරණය බලධාරීත්වයට මුළුමනින්ම යටත් බවත් යන මූලික සිද්ධාන්තය රටේ ප්‍රධාන විධායකයා ඇතුළුව සියල්ලන් කෙරෙහිම බලපෑ යුතුය බවය.”
කළ යුත්තේ කෙසේද?
රට වැසියන් වන අප ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විසින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට හා ප්‍රකාශයට පත් කර ගැනීමට යනවා යැයි කර ඇති ප්‍රකාශයක් නිසා බරපතළ කම්පනයකට පත් වී සිටිමු. ව්‍යවස්ථාවක් රටේ සියලුම ජනතාවගේ හා අනාගත පරම්පරාවේ ඉරණම තීන්දු කරන ඉතාමත් වැදගත් ලේඛනයක් වන හෙයින්, එය සකස් කිරීමේදී අනුගමනය කලයුතු ප්‍රතිපත්ථිය නම් එය රහසිගතව හෝ, හුදෙක් කෘතීම වශයෙන් කෙරෙන සාකච්ඡා මගින් ඉටු නොකළ යුතු කාර්යයක් බව ය.
කම්පනයට තවත් හේතුවක්
අපේ කම්පනයට තවත් ප්‍රධාන හේතුවක් නම් වර්තමාන ආණ්ඩුව 1978 ව්‍යවස්ථාවේ ආකෘතිය මත කරන්නට යන නව ව්‍යවස්ථාකරණය දැනට රටෙහි පවතින තත්වයට වඩා නරක තත්ත්වයක් උදා කිරීමට හේතු වේ යන බියය. එයට හේතුව නම් 1978 ව්‍යවස්ථාව මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ සියලුම මූලධර්මයන් උල්ලංඝනය කර ඇති ව්‍යවස්ථාවක් වන හෙයින් එය නුසුදුසු හා සාවද්‍ය වන්නා වූ නීතියක් වන නිසාය. 1978 ව්‍යවස්ථාව මගින් රාජ්‍යයේ ප්‍රධානීයා (විධායක ජනාධිපතිවරයා) නීතියෙන් ඉහලට සිටින්නාවූ හා අධිකරණයේ බලධාරීන්ත්වය යටත් නොවන්නා වූ පුද්ගලයෙකු සේ නෛතිකව තමන් පත්කොට ගෙන ඇතග එම නිසා 1978 ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍ර විරෝධි ව්‍යවස්ථාවකි. යමෙක් නීතියෙන් ඉහළින් පිහිටා සිටීම මගින් රට තුළ නීතිය මත පාලනය හා නීතියේ ආධිපත්‍යයය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් නිර්මාණය විය. මෙය නිර්මාණය වූ ආකාරය පසුගිය අවුරුදු හතළිහකට වැඩි කාලයේ අත්දැකීම් තුළ ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් වී ඇත. රටට හා එහි ජනතාවටත්, රටේ රාජ්‍ය තන්ත්‍රය නිසි ලෙස පවත්වා ගැනීමටත්, විධායක ජනාධිපතිවරයා නීතියෙන් ඉහලට ඔසවා තැබීම බලවත් බාධකයක් බවට පත්වී තිබෙන බව දැන් රට පුරාම සිදුවන සිද්ධීන් තුළින් ප්‍රකාශයට පත් වී ඇත. අනාගත නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී අත්‍යාවශ්‍ය වූ මූලධර්මයක් වන්නේ රටේ සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන බවත්, අධිකරණය බලධාරීත්වයට මුළුමනින්ම යටත් බවත් යන මූලික සිද්ධාන්තය රටේ ප්‍රධාන විධායකයා ඇතුළුව සියල්ලන් කෙරෙහිම බලපෑ යුතුය බවය.
මේ අනුව රටේ ප්‍රධාන විධායක නිළධාරියාට හිමි මුක්තිය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දී පිළි පිළිගන්නා මුක්තියේ මූලධර්ම අනුව පිහිටුවිය යුතු අතර ඒ මගින් නීතියට වගනොකියන තනතුරක් ඇති කිරීම දැනටම ප්‍රකාශයට පත් වී ඇති බලවත් ව්‍යසනයන් තුලින් පෙන්නුම් කරන අතර, මීටත් වඩා ව්‍යසනකාරී තත්ත්වයක් රට තුළ ඇති විය හැකි බවද අප අවධාරණය කරන්නට කැමැත්තෙමු. රටේ ප්‍රධාන නිලධාරියා නීතියට ඉහළින් පිහිටවූ පසු රජයේ අනිත් මූලික අංශයන්ට, එනම් පාර්ලිමේන්තුවට හා අධිකරණයට ඔවුන්ගේ කාර්යයන් නීතිය මත පාලනය මූලධර්මයන් මත පිහිටා කිරීමට බැරි තත්වයක් ඇති වෙයි. මෙහි ප්‍රතිඵලය දැනටත් ප්‍රකාශ වී තිබෙන්නේ ලංකාව නීතියක් නැති තැනක්ය යන අදහස රටේ ජනතාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රකාශයට පත් වී තිබීම මගිනි. රටේ සමස්ත නීතිය ක්‍රියාවට දමන අංශයන් තුල මෙය ප්‍රකාශයට පත්වී ඇති අතර, එම නීතිය ක්‍රියාත්මක අංශයන් සරල කිරීමට මෙය හේතුවක් වී ඇත. මේ නිසා රටේ ජනතාවට ඔවුන්ට හිමිවිය යුතු ආරක්ෂාව අහිමි කොට ඇත. අනාරක්ෂිත භාවය පළල් වීම නිසාවටම ප්‍රජාත්‍රන්තවාදය හා ජනතාවගේ සියලුම අයිති අයිතිවාසිකම් හා නිදහස ද බරපතළ තර්ජනයට භාජනය වී ඇත.
මේ නිසා 1978 ව්‍යවස්ථායෙි 35:1* වගන්තියේ ඇති මුක්තිය හා අධිකරණයේ බළධාරීත්වයෙන් ප්‍රධාන විධායක නිළධාරියා මුදා තිබීම අනාගතයේ ඇති වන නව ව්‍යවස්ථාවක් තුල ඇතුලත් නොවිය යුතුය. මුක්තිය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල පමණක් රුදවිය යුතුය.
ජනතා පරමධිපත්‍ය තහවුරු කළ යුතුය
1978 ව්‍යවස්ථාවේ 4 වැන වගන්තියේ සඳහන් පරමාධිපත්‍යය පිළිබඳව වගන්තිය ඉතා සාවද්‍ය ලෙස සකස් කරන ලද්දකි. එය ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳව පවතින ප්‍රජාතන්ත්‍රවාදීවාදී සංකල්පය විකෘති කොට ඇත. එසේ විකෘති කොට ඇත්තේ ව්‍යවස්ථා මගින් නිර්මාණය කරනු ලබන නීතියේත් ඉහළ සිටින ප්‍රධාන විධායක නිලධාරියාගේ බලය වැඩිකර ගැනීම සඳහා ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ අදහස විකෘති ආකාරයකින් යොදවා ගැනීම සඳහාය. අනාගත ව්‍යවස්ථාවක ද මෙම 1978 ව්‍යවස්ථාවේ 4 වන වගන්තියේ සඳහන් ආකල්පය පවතින්නට ඉඩ හැරියොත්, 1978 ව්‍යවස්ථාවෙන් සිදු කරනු ලැබූ ජනතාව මර්දනය කිරීමේ ප්‍රතිපත්ති නැවතත් බලවත්ව ප්‍රකාශයට පත් වනු ඇත.
ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය වර්ධනය වූයේ රාජ්‍යත්වයට තිබුණු බලතල නැති කරමින්, එම බලතල ජනතාව අතට පත් කර ගනිමින්, ඒ තුළින් නව රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැගීම තුළිනි. රාජ්‍යත්වය තුළ පරමාධිපත්‍යය පැවතුණේ රජතුමාටය. ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් තුළ පරමාධිපත්‍ය පවතින්නේ ජනතාවටය. එය අහිමි කර ගැනීමේ හැකියාවක් ජනතාවට ද ඇත්තේ නැත. විධායකයට මොනම අවස්ථාවකදීවත් ජනතා භාරකාරත්වයේ ස්වාමිත්වය අත්පත් කරගත නොහැකිය. විධායකය හා සකළ රාජ්‍ය තාන්ත්‍රය ජනතාවගේ පරමාධිපත්‍යයට යටත් වී තිබීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ෂණය වෙයි.
1978 ව්‍යවස්ථාවේ 82 83 යන වගන්තිද එසේම සාවද්‍යය, වැරදි සහගතය. ඒ මගින් ව්‍යවස්ථාවක් පවා අහෝසි කිරීමේ හා නව ව්‍යවස්ථාවක් සාදා ගැනීමේ බලය පාර්ලිමේන්තුව වෙත පවරා ගෙන ඇත. ව්‍යවස්ථාවක් අහෝසි කිරීම හෝ නව ව්‍යවස්ථාවක් හදාගැනීම ව්‍යවස්ථාදායකයේ බලයේ යටතට වැටෙන්නේ නැත. ව්‍යවස්ථාදායකයට ඇත්තේ පවතිණ මූලික නීතිය යටතේ පනත් සකස් කිරීම පමණය. පනත් සකස් කිරීම හා ව්‍යවස්ථාවන් අහෝසි කිරීම හෝ ව්‍යවස්ථාවක් නැවත ගොඩනැගඟීම යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ කාර්යන් වේ. එම නිසා අනාගතයේ ඇතිවන ව්‍යවස්ථාවක දැනට 1978 ව්‍යවස්ථාවේ සඳහන් වන 82 83 වගන්තීන් මුළුමනින්ම උපුටා දැමිය යුතුය.
ව්‍යවස්ථා සම්පාදනය කාගේ වැඩක්ද?
ව්‍යවස්ථාව පිළිබඳ කාරණා ජනතාවගේ සෘජු සහභාගිත්වයෙන් සිදුවිය යුතු සුවිශේෂ කාර්යභාරයක් බව ප්‍රකාශයට පත් කොට යුතුව ඇත. එමෙන්ම ව්‍යවස්ථාවක මූලිකම අංගයන් එනම් ව්‍යවස්ථාවේ ප්‍රධාන මූලධර්ම කොයි ආකාරයකින්වත් වෙනස් කිරීමේ බලයක් කාටවත් පවතින්නේ නැත. එසේ කළහොත් මුළු රාජ්‍ය තන්ත්‍රය මෙන්ම සමාජයමත් විශාල අස්ථාවර තත්ත්වයකට පත්වෙයි. දැනට රටේ පවතින ව්‍යසනයට හා අස්ථාවර තත්වයට නෛතික පදනමක් ලෙස පවතින්නේ මෙම 82 හා 83 දරණ වගන්තීන් ව්‍යවස්ථාගතව තිබීමය.
1978 ව්‍යවස්ථාව හා ඊට පසුව සිදු වූ ව්‍යවස්ථා සංශෝධන මගින් නීති සකස් කිරීමේදි ජනතා සහභාගීත්වයට තිබූ ඉඩකඩ මුළුමනින්ම මෙන් වසා දමා ඇත. විධායකයේ ප්‍රධානියාගේ ( විධායක ජනාධිපති වරයාගේ) උවමනාවට අනුව ඕනෑම පනතක් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමේ හැකියාව දැන් පවතින ව්‍යවස්ථාව තුළ ඇත. මෙය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී සංකල්පයකි. සියලුම පනත් නිර්මාණය කිරීමේදී ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමටත්, එම පනත් පිළිබඳව තමන්ගේම මතයන් ඉදිරිපත් කිරීමටත්, වැරදි පනත් ගෙන ඒමෙදී ඒවායේ නීත්‍යානුකූලභාවය අධිකරණයක් ඉදිරියේදී විමර්ශනයට භාජනය කරවා ගැනීමත් ජනතාවට පවතින අයිතිය පරම අයිතියකි. එම අයිතිය සම්බන්ධයෙන් පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ව්‍යවස්ථා ගත විය යුතු අතර ඒ සඳහා දැනට පනත් ගත කොට ගෙන තිබෙන සීමාවන් ඉවත් කළ යුතුව ඇත.
රාජ්‍යක් පාලනය වන්නේ විවිධ ක්‍රියාදාමයන් හා විධික්‍රමයන් මගිනි. මෙම විධික්‍රමයන් නෛතිකව පවතින මූලධර්ම මත ගොඩ නගා ඇත. එම විධික්‍රමයන්ගේ අර්ථය වන්නේ රජය විසින් ගන්නා තීන්දූ හොඳින් සලකා බලා, ප්‍රඥාගෝචර හා විනාශකාරී නොවන ප්‍රතිපත්ති මගින් ක්‍රියාත්මක කරවා ගැනීම සඳහාය. මේ ප්‍රතිපත්තින් හා මෙම විධික්‍රමයන් ගෙන් පරිබාහිරව කටයුතු කිරීමට ප්‍රධාන විධායක නිළධාරියාට හෝ රජයේ වෙන කාට වුවත් අවස්ථාවක් ඇති වුවහොත් එය මගින් රට පුරාම විනාශයන් ඇති විය යුතු ආකාරය අප විසින් පසුගිය කාලය තුළ දැක ඇති අත්දැකීම් තුළින් පැහැදිලිව වෙයි.
රසායනික පොහොර අත්දැකීම
මේ සඳහා පවතින ඉතා බලවත්ම ප්‍රකාශනය නම් හදිසියේ ලංකාවේ රසායන පොහොර මුළුමනින්ම තහනම් කළ යුතු යැයි ගන්නා ලද තීරණයයි. එමෙන්ම කොවිඩ් -19 පිළිබඳව එන්නත් ලබා දීමේදී ප්‍රථමයෙන් අවුරුදු 30 හා 60 අතර අයට ලබාදීමට ගත් තීන්දුව, ලෝකයේ පිළිගත් සම්ප්‍රදායට අනුව මුලින් එම එන්නත් අවුරුදු 60 සිට ඉහල වයස් කණ්ඩායම් වලට ලබා නොදීමත් මගින් සිදු වූ ජීවිත හානියද අප විසින් අත්දැක ඇත. මේ ආකාරයට විශාල පරිමාණ විනාශකාරී සිදුවීම් පසුගිය කාලය පුරාම වාර්ථා වී ඇත. මේවාට හේතුව ලෙස පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පිළිගත් මූලධර්මයන් මත පිහිටවූ විධික්‍රමයන් නොතකා ගන්නා අත්තනෝමතික තනි තීරණ මගිනි. එසේ අත්තනෝමතිකව තනි තීරණ ගැනීමේ හැකියාව මුළුමනින් ම අහෝසි කොට දැමිය යුතුව ඇත.
නව ව්‍යවස්ථාවක ඉතා ප්‍රධාන අරමුණක් විය යුතු වන්නේ දූෂණය නැති කිරීමය. දූෂණය පදනම වන්නේ පිළිගත් විධික්‍රමයකට අනුව රාජ්‍ය තන්ත්‍රයේ කටයුතු නොකිරීම මගිනි. රටේ සමස්ත ජනතාව රට පුරා වෙන කිසි කාලයකටත් වඩා පැතිරී ඇති විශාල දූෂණය තදබල ලෙස හෙළා දැක ඇතත්ල එය නතර කිරීමට සුදුසු වන්නා වූ නීති පද්ධතියක් හා එම නීතින් ක්‍රියාවට දැමීමේ හැකියාවක් ලංකාව තුළ පවතින්නේ නැත. එය ඇති කර ගන්නා තුරු රටේ ආර්ථික ප්‍රගතියක් ඇති කිරීමටවත් අනික් අතින් රට තුළ නීතිය ආරක්ෂා කිරීම මගින් ජනතාව ආරක්ෂා කර දීමටවත්, ස්ථාවර සමාජයක් පවත්වාගෙන යාමටත් බැරිය.
ඉඩම් අයිතිය සහ ව්‍යවස්ථාව
පවතින ව්‍යවස්ථා සම්ප්‍රදාය තුලින් ඇති වී ඇති තවත් තත්ත්වයක් නම් ජනතාවගේ ඉඩම් පිළිබඳව ඇති විශාල ව්‍යාකූලත්වය හා අවධානයයි. විවිධාකාර මාර්ග වලින් රටවැසියාගේ දේපල බලයෙන් පැහැරගැනීමක් රජය විසින් මෙන්ම, සමහර බලවත් කණ්ඩායම් විසින් ද කරනු ලබයි. උදාහරණයක් වශයෙන් යුද්ධ කාලය වශයෙන් හඳුන්වනු ලබන අර්බුදකාරි කාලය තුළදී යුද්ධමය අවශ්‍යතාවයන් මත උතුරේ හා නැගෙනහිර ඉඩම් පවරා ගැනීමක් සිදුවිය. එහෙත් යුද්ධය හමාර වී කාලයක් ගත්වී ඇතත්, එම ඉඩම් නැවත එහි හිමිකරුවන්ට පවරා දීමක් සිදුවී ඇත්තේ නැත. එමෙන්ම රටේ වෙනත් ප්‍රදේශ වලත් බලයෙන් ඉඩම් පැහැර ගැනීම මෙන්ම විවිධ ව්‍යාපාරයන් කිරීමේ ව්‍යාජ අරමුණෙන් විශේෂයෙන්ම ගොවි ජනතාවට ඇති ඉඩම් පවරා දීම පිළිබඳ තර්ජනය ද අද ඉතා ප්‍රබලව පවතින ප්‍රශ්නයක් බවට පත් වී ඇත. මෙවැනි ප්‍රශ්න ඇති නොවන ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඉඩම් පිළිබඳව ප්‍රශ්න නිර්වචනය කොට ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ව ඇත.
අපරාධ පරීක්ෂන සහ ව්‍යවස්ථාව
අපරාධ පරීක්ෂණ ක්‍රමය දේශපාලන අවශ්‍යතාවයන් අනුව හැඩගස්වා ගැනීම නිසා පොදුවේ සියලුම රට වැසියන්ටත් විශේෂයෙන්ම විරුද්ධ මත දරන පුද්ගලයන් හා කණ්ඩායම් වලටත් මාධ්‍යයටත් ඉතා බරපතළ තර්ජනයක් එල්ලවී ඇත. රටවැසියාගේ සිතීමේ අයිතිය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමූහිකව රැස්වීමේ අයිතිය හා විවිධ කණ්ඩායම් වශයෙන් සංවිධානය වීමේ අයිතිය ආදිය ද ඉතා බරපතළ තර්ජනයන්ට පසුගිය කාලය තුළ එල්ල වී ඇත්තේ ඒවා වැලළැක්වීමට ප්‍රමාණවත් වන්නා වූ ව්‍යවස්ථා ප්‍රතිපත්තීන් නොමැති නිසාය. අනාගතයේ දී ඇති වන ව්‍යවස්දීථාවක දී මෙම තර්ජනයන් ඉවත් වන ආකාරයටත් ජනතාවගේ නිදහස ආරක්ෂා වන ආකාරයටත්, නීතිය හා සාධාරණ තත්ත්වයක් මත කාර්යක්ෂමව ක්‍රියා කරන අපරාධ පරීක්ෂණ ක්‍රමයක් ඇති කර ගැනීම සම්බන්ධව මූලික අවධානයක් දිය යුතුව ඇත.
අධිකරණ ස්වධීනත්වය සහ ව්‍යවස්ථාව
1978 ව්‍යවස්ථාව මගින් ලංකාවේ අධිකරණයට සලකා ඇත්තේ ඉතාමත් සාහසික ආකාරයෙනි. අධිකරණයේ බලය යටපත් කිරීමට හා හීන කිරීමට ව්‍යවස්ථාථාව තුළ යොදා ඇති උපක්‍රම ගණනාවකි. එහි පළමුවන ප්‍රකාශනය නම් ලංකාවේ අධිකරණය කටයුතු කරන්නේ පාලිමේන්තුවේ පරමාධිපත්‍යය යටතේ යැයි ප්‍රකාශයට පත් කිරීමය. මෙම උපක්‍රමයේ අරමුණ වූයේ, ලංකාවේ අධිකරණ බල බෙදීම න්‍යාය යටතේ පවතින රාජ්‍ය අනිත් අංශ දෙකට සමාන නැති බවය. මෙයින් වක්‍රාකාරයකින් ප්‍රකාශයට පත් කලේ අධිකරණයට හිමිව ඇත්තේ විධායකයට හා ව්‍යවස්ථාධායකයට අඩු බලයක් බවය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රාජ්‍ය සෑදෙන්නේ ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය යන කොටස් තුනෙනි. මෙම කොටස් තුනටම ඇත්තේ එක සමාන තත්ත්වයකි. එමෙන්ම රාජ්‍යයේ ස්ථාවරභාවය රඳවා ගැනීම සඳහා එම සම තත්ත්වය අ ත්‍යාවශ්‍යය. එම අංශ තුනටම අයිති වූ ස්වාධීනතාවයන් ඇත. එම ස්වාධීනතාවයම අධිකරණයටත් ඇත.
බලය බෙදීම යන්නෙන් අදහස් කරන්නේ ප්‍රධාන අංශ තුනක් තුළ බෙදී යන බලය මගින් එහි එක් අංශයක් හෝ රටේ නීතියට විරුද්ධව හා රටේ ස්ථාවරත්වයට හෝ ප්‍රගතියට විරුද්ධව කටයුතු කරයි නම්, එම වැරදි වැලැක්වීමය. මෙහිදී රටේ පවතින සියලුම නීතීන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හා නීතියේ පදනම යන රාමුව තුල සිදුවිය යුතු යන සංකල්පය මත පිහිටා එසේ නොවන යම් පනතක් ඇති වුවහොත් එය නිශ්ප්‍රභා කර දැමීමේ බලය අධිකරණයට ඇත. මෙම බල තුලනය නැති වුවහොත් එයින් දෙදරා යන්නේ රටේ ස්ථාවරත්වයේ පදනම ය. එසේ සිදු වූ එක රටක උදාහරණයක් වශයෙන් පසුගිය කාලය තුළ ලංකාවේ සිදු වූ සිදුවීම් ජාත්‍යන්තර සැලකිල්ලට යොමු වී ඇත.
අධිකරණයට විනිශ්චයකාරවරුන් පත්කිරීමේ කාර්යය ජනාධිපතිතුමාගේ අණ පරිදි කිරීමට ඉඩ හැරීම තුළින් සිදු වී තිබෙන්නේ හුදෙක්ම වෘත්තිමය පදනම් ඔස්සේ අදාළ කාර්යයට සුදුස්සන් තෝරා ගැනීමට ඇති හැකියාව නැති වී යාමය. ඉන්දියාවේ මෙන් ලංකාවේ ද අධිකරණයට විනිශ්චයකාරවරුන් පත්කිරීම අධිකරණය තුළින්ම සිදු කෙරෙන්නේ නම් ඒ මගින් අධිකරණයට පරිබාහිර වූ කරුණු වළක්වා, හුදෙක්ම අධිකරණ කර්තව්‍යයට සුදුසු වන විනිශ්චකාරවරුන් පත්කර ගැනීමට හැකිවනු ඇත. ඉන්දියාවේ රාජ්‍යයේ ප්‍රධානියාට හිමි වෙන කාර්යය නම් ශේෂ්ඨාධිකරණයේ විනිශ්චය කාර මඩුල්ලක් විසින් සියලු කරුණු සලකා බලා පත් කරනු ලබන විනිශ්චකාරවරුන් නිල වශයෙන් පත් කිරීම පමණකි. එහෙත් ලංකාවේ ව්‍යවස්ථාව තුළ මෙම ක්‍රමය ඉතා විශාල වශයෙන් නැති කර දමා ඇත.
අධිකරණය සතු විය යුතු පසු විමසීම් බලය ද නැති කොට ඇත. පසු විමසීfම් බලය නම් යම් පනතක් නීත්‍යානුකූල ද නැද්ද යන කරුණ රට වැසියෙකු විසින් අධිකරණය අවධානයට පත් වන විට, අධිකරණය එය නීත්‍යානුකූල ද නැද්ද යන්න පිළිබඳව කරන ප්‍රකාශයකි. එය නීතියානුකූල නැත්නම් එය නිශ්ප්‍රභා කිරීමේ බලය ද අධිකරණයට ඇත. විධායකයේ බොහෝ විට නීති නොවන හා නීතියට පටහැනි දේ විවිධ පනත් හෝ ගැසට් පත්‍ර මගින් නීතියානුකූල සේ හුවා දැක්වීමට උත්සාහ කරයි. මේ මගින් කරන්නේ රටේ පනත් රටේ නීතියට විරුද්ධව මර්ධන හස්තයක් බවට පත්කර ගැනීමය. මෙය වළක්වාලීමේ යුතුකම ඇත්තේ අධිකරණයට ය.
සියලුම මානව අයිතිවාසිකම්වල අවසාන ආරක්ෂකයා අධිකරණය වෙයි. අධිකරණය දුර්වල කිරීම වනාහි සියළුම මානව හිමිකම් දුර්වල කර දැමීමක් වෙයි. අවසාන වශයෙන් නීතියේ ආරක්ෂකයා ද, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසාන වගකියන්නාද අධිකරණය වෙයි. ඒත් මේ සියළුම බලතල දැන් විධායකය විසින් තමන් වෙත හිමිකර ගෙන ඇත. මේ තත්ත්වය වෙනස් නොකොට ලංකාවේ ස්ථාවර සමාජයක් හා ශිෂ්ඨ සම්පන්න සමාජයක් පවත්වාගෙන යා නොහැකිය.
කථනයේ අයිතිය පදනමය
කථනයේ අයිතිය, රැස්වීමේ අයිතිය, සංවිධානය වීමේ අයිතිය යන අයිතීන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම පදනම වෙයි. ඇත්තෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන අවසාන අත්තිවාරම වන්නේ කථනයේ අයිතියයි. එය සීමා කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම මුළු සමාජය කෙරෙහිම ඉතා විනාශකාරී ප්‍රතිඵල ලබා දෙයි. යම් ආරක්ෂක හේතුන් නිසා කථනයේ අයිතියට යම් සීමාවක් ඇති කළ යුතුය. එහෙත් ප්‍රධාන වන්නේ හා පළමු තැන දෙන්නේ කථනයෙන් නිදහස ආරක්ෂා කිරීමට යන සංකල්පයටය. කථනයේ නිදහසට බාධකයක් නොකෙරෙන සේ ආරක්ෂාව පිළිබඳ නීතීන් පවත්වාගෙන යාම රජයක යුතුකම වෙයි. ආරක්ෂක නීතිය රැකීමේ මුවාවෙන් රටේ නිදහස යුක්තිය සඳහා අයිතිය හා සමානාත්මතාවය හා සහෝදරත්වයත්වය නැතිවන ආකාරයකට කටයුතු කළහොත්, ඒ මගින් කෙරෙන්නේ නීතියේ අරමුණු ඉටුවීමට වඩා නීතියේ අරමුණු විනාශ කර දැමීමය. ලංකාවේ පසුගිය කාලය තුළ සිදුවී තිබෙන්නේ මෙම මර්ධනකාරී ක්‍රියා පිළිවෙත ය.
පරිසරය සහ ව්‍යවස්ථාව
රටේ පරිසරය විනාශ වී යාම රට පුරාම පැතිරී ඇති අතර මෙයද ආණ්ඩුවට පරිසරය ආරක්ෂා කිරීම සඳහා නිසි නීති නිර්මාණය කර ගැනීමට හා ඒවා සාර්ථකව ක්‍රියාවට දැමීමට නොහැකි වීම නිසා සිදුවෙන විනාශයක් බව ඉතා පැහැදිලිව පෙනී යයි. භූමිය, වනාන්තර, ජල මාර්ගයන් හා ජීවීන් ආදී සියල්ල ඉතා විශාල විනාශයකට මුහුණ දෙමින් පවතී. මේවා ආරක්ෂා කළ යුතු රාජ්‍ය අංශයන්ට ලැබිය යුතු සහයෝගය රජයෙන් ලැබී නැති නිසා එම රාජ්‍ය අංශයන්ගේ කාර්යක්ෂමතාවය හා නිදහස අර්බුදයට ගොස් ඇත. නව ව්‍යවස්ථා නිර්මාණයේ දී පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව පැවතිය යුතු කොන්දේසි ඉතා තරයේ ප්‍රකාශයට පත් කල යුතුව ඇත. එවැන්නක් ලංකාව තුළ මේ දක්වා සිදු වී නැත.
ලංකාවේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය තුළ ඔවුන්ගේ රාජකාරි කිරීම සම්බන්ධයෙන් නිදහස නැතිකම නිසා විශාල බියක් පවතී. ඔවුන්ගේ කටයුතු නිසි නීති රීති යටතේ කිරීමට නොහැකි වීමට එක් කරුණක් වී ඇත්තේ විධායකය විසින් එය ඔවුන්ගේ කටයුතු කෙලින්ම පාලනය කිරීම සඳහා කරන ඇඟිලි ගැසීම් නිසා ය. නිලධාරී තන්ත්‍රයට නිසි ලෙස නිසි ස්වාධීනත්වයකින් මෙන්ම, කැප කිරීමකින් යුතුව තමන්ගේ රාජකාරි කිරීමට බැරි වූ විට රටේ පවතින සියලුම ක්‍රියාදාමයන් හා සියලුම සේවාවන් විශාල අර්බුදයකට පත් වෙයි. එවැනි තත්ත්වයක් දැන් ලංකාවේ ඇත. ස්වාධීන නිලධාරී තන්ත්‍රයකට පදනම සළසන්නේ නීතිය මත පාලනය යන සංකල්පයයි. එම සංකල්පය තරයේ ක්‍රියාවට දැමීමක් නොසිදු වීම තුළින් ප්‍රකාශයට පත්වන්නේ වන්නේ ලංකාවේ ව්‍යවස්ථා නීතියේ ඇති විශාල අඩුපාඩුවකි.
අනාගතයේදී ඉතා විශාල ආහාර හිඟයක් ඇති වීම පිළිබද තර්ජනයක් නිර්මාණය වී ඇති බවත්ල ඒ මගින් මන්දපෝෂණය හා බොහෝවිට සාගතයක් පවා ඇතිවීමට ඉඩකඩ ඇති බවත් දැන් ලංකාවේ ඉතා බැරෑරුම්ව සාකච්ඡා වන කරුණකි. ඉදිරි මාස ගණන් තුළ දී මෙය සිදුවිය හැකි යැයි විවිධ අංශවල විද්වතුන් විසින් පෙන්වා දී ඇත.
ඉහත සඳහන් කරුණු වලින් පෙන්වාදී ඇත්තේ ලංකාව මුහුණ දෙන ඉතා අවදානම් සහගත තත්ත්වයයි. ව්‍යවස්ථාවක් සාදන අවස්ථාව වන්නේ මේ සියලුම කාරණා ඉතා ඕනෑකමින් සලකා බලා එම තත්වත්වයන්ට විසඳුම් සෙවිය හැකි මූලික නීතී රාමුව ගොඩනගා ගැනීමය. එය කළ හැක්කේ මහජනතාවට එම කටයුත්තට සහභාගී වී ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට හා වෙනත් ආකාර වලින් සහභාගිවීමට ඉඩකඩ තිබෙනතාක් පමණය. මේ සඳහා ජනතාවට අවස්ථාව ලබා දීම රටේ අනාගතය පිළිබඳව තීන්දු කරන ඉතා ප්‍රධාන සාධකයකි.
පසුගිය කාලය පුරාම වැරදි ව්‍යවස්ථාවක් නිසා මහා කම්කටොලු වලට හා විනාශයන්ට මුහුණ දුන් ජනතාවගේ කොටසක් වන අපි ඉතා උවමනාවෙන් හා වගකීමෙන් යුතුව පහත සඳහන් ඉල්ලීම් ආණ්ඩුව හා ජනතාව වෙත ඉදිරිපත් කරමු.
දැනට පවතින 1978 ව්‍යවස්ථාව මුළුමනින්ම අහෝසි කළ යුතුය. එය පවතින දිනයක් දිනයක් පාසාම රටට අති විශාල විනාශයන් සිදු කරනු ඇත.
ඒ වෙනුවට හදන ව්‍යවස්ථාව 1978 ව්‍යවස්ථාවේ ආකෘතිය හැටියට හා මූලධර්ම මත පදනම් නොවිය යුතුය. ඇත්තෙන්ම එම ව්‍යවස්ථාවේ ආකෘති හා මූලධර්ම මුළුමනින්ම අවලංගු කොට අහෝසි කර දැමිය යුතුය.
ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ කාර්යය කිසියම් පක්ෂයකට හිමි කරුණක් නොවෙයි. එම නිසා හුදෙක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබා ගැනීම මත ව්‍යවස්ථා සම්පාදනය කිරීම ලෝකයේම ව්‍යවස්ථා පිළිබඳ සම්ප්‍රදායට මුළුමනින්ම පටහැනියි. එමෙන්ම එය අතිශයින් ම විනාශකාරීයි. එම නිසා රහසිගත ආකාරයකින් පිටස්තර පුද්ගලයන් ලව්වා ව්‍යවස්ථාවක් ලියවගෙන ඒවා හදිසියේ නීතිගත කලහොත් එයින් රටට වන විනාශය අතිමහත්ය. එම ව්‍යායාමය වහා නතර කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබඳව ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය වන්නේය. ජනතාවගේ ඉරණම තීන්දු කරන ඉතාමත් තීරණාත්මක සාධකය ලෙස සඳහන් කළ හැකි රටේ ව්‍යවස්ථාව, ඔවුන්ගේ මුළුමහත් සහයෝගය මත පිහිටා කල යුතුය. මෙය වඩාත් තීරණාත්මක එකක් වන්නේ අද මුළු රටම මුහුණ පා ඇති විශාල විනාශකාරී තත්ත්වය යටතේය. මේ නිසා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබඳව ජනමත විචාරණයක් වහා කැඳවන ලෙස අප ඉල්ලා සිටිමු.
ජනමත විචාරණයකට ප්‍රශ්ණ
මෙම ජනමත විචාරණයේ දී ජනතාව විසින් ඔවුන්ගේ මතය ප්‍රකාශ කළ යුතු කරුණු ගණනාවක් ඇත. එහි පළමු ප්‍රශ්නය නම් ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? එම ව්‍යවස්ථාව හුදෙක්ම හා අංග සම්පූර්ණව ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් විය යුතුද යන කරුණයි.
දෙවනුව එම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම පාර්ලිමේන්තුව තුළින් කළ යුතුද, නැතහොත් ව්‍යවස්ථා සභාවක් මගින් කළ යුතුද යන්නය.
තුන්වනුව එම ව්‍යවස්ථා සභාවට අයත් විය යුතු වන්නේ කවුද?. මෙය ජනතාව විසින් පත් කරගත් නියෝජිතයින් විසින් කරගත යුතු වන අතර, එය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අතින් සිදු නොකළ යුතුය. මේ ජනමත විචාරණය සඳහාම, රටේ පිළිගත් හා වගකීමක් දැරීමට හැකි යැයි තෝරා ගත් කණ්ඩායමකින් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කරගත යුතුව ඇත. එම ව්‍යවස්ථාධායක සභාව විවෘතව සමස්ත ජනතාව ඉදිරියේ විවෘත භාවයකින් මෙම ව්‍යවස්ථාව නිර්මාණය කළ යුතු වේ. මේ පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මෙම ව්‍යවස්ථා සභාව ක්‍රියා කල යුතු ආකාරය නීර්ණය කල හැකිය.
දෙසැම්බර් 13 2021 කොළඹදීය
නීතිඥ බැසිල් ප්‍රනාන්ද විසින් බෙදා හරින ලද ලිපියකි.