Friday, March 29, 2024

තරුණයින් 11 පැහැරගෙන ඝාතනය කිරීමේ සැකකරු නේවි සම්පත්ටත් ඇමෙරිකාව සම්බාධක පනවයි.

ඡායාරූපය: හිටපු කොප්රල් සුනිල් රත්නායක සහ ලුතිනන් කර්නල් චන්දන හෙට්ටිආරච්චි සහ ඔවුන්ගේ පවුල්වලට මෙම සම්බාධඛ පනවා තිබේ.

අදට  යෙදෙන ජගත් මනාව හිමිකම් දිනයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අන්තර් ජාතික අපකීර්තියට පත් වූවේය. ඒ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජය දෙපාර්තමේන්තුව විසින් සම්බාධක පනවන ලද පුද්ලගයින් හත් දෙනා අතර දෙදෙනෙකුම සිටීම මගිනි.

ඒ අනුව තරුණයින් 11 දෙවෙකු කප්පම් ලබා ගැනීම පිනිස පැහැරගෙන පසුව ඔවුන් ඝාතනය කළ බවට චෝදනා ලබා සිටින නාවික හමුදාවේ හිටපු ලුලතින් කර්නල්වරයකු වන නේවි සම්පත් නොහොත්   චන්දන හෙට්ටිආරච්චි ඇතුලු ඔවුන්ගේ පවුලේ අයට අද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය  දෙපාර්තමේන්තුව සම්බාධක පණවන ලදී.

නේවි සම්පක් යනු ජනධිපති රාජපක්ෂ විසින් වයඹ අණ්ඩුකාර කමට පත් කරන ලද හිටපු නිවික හමුදාපති සහ එම නඩුවේ 14වන සැකකරු වන වසන්ත කරන්නාගෙඩගේ සමීපතම සෙල්දාදුවකු වේ.

ගෙල කපා දෙමළ ජතිකයින් හය දෙනෙකු ඝතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ මනුෂ්‍ය ඝතකයකු වන ජනාධිපති සමාව ලත් හමුදා සෙබළ වූ ළමා ඝාතක සුනිල් රත්නායක සහ පවුලේ  අයටද එළෙස සම්බාධක පනවන ලදී.

මෙම පුද්ගලයින්ට එක්සත් ජනපදයට හැර අන් රටවලට යෑසට ඉන් බාධාවක් නොවන නමුත් එළෙස බටහිර යුරෝපා රටකට ගිය හොත් එම දෙදෙනාට විශ්වමය අධිකරණ බලය යටතේ නඩු පැවරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුලු පවුලේ අයට මෙයට පෙර එක්සත් ජනපදය විසින් සම්බාධක පණවන ලදී.

ඉංග්‍රිසි බසින් අද නිකුත් කරන ලද වාර්තාව මෙහි කියවිය හැකිය,

Trinco 11 case accused Navy Sampath alias Chandana Hettiarachch banned by US state dept.

 

Archive

Latest news

Related news