දෙමළ අණුස්මරණ ස්මාරකයක් මහ රෑ කඩා බිද දමයි.

656

මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආට්කට්ටිවේලි මහවිරු සුසාණ භූමියක ඉදිකොට තිබූ ප්‍රධාන පහන්සිලුව ඊයේ (19) දිනකඩා විනාශ තිබේ.

දෙමළ මාධ්‍ය පවසන්නේ මෙම කඩා බිඳදමන ලද්දේ මර්දනකාරී ක්‍රියාවක් ලෙස බවයි.

මෙම සැමරුම් කුලුණ ඉදිකොට තිබුණේ  දෙමළ සටන්කාමීන් සිය ගණනකගේ සිරුරු තැන්පත් කර තිබූ සුසාන භූමියකය.

එල්ටීටීඊ සටන්කාමියකුගේ  ඥතියකු එම කුළුණ ඉදිරිිපිට ස්මරණයක යෙදේ. එය සරසා ඇත්තේ එල්ටීටීඊ සමයෙහි ඊළාම් පුෂ්පය ලෙස නම් කරන ලද නියගලා මල් වලිනි. ( ජායාරූපය ටැමිල් ගාර්ඩියන් වෙතිනි)

විශේෂයෙන්ම සෑම වසරකම නොවැම්බර් 27 දිනට යෙදෙන මහ විරු දිනය වෙනුවෙන් මෙය ගොඩ නගා ඇත්තේ  විනාශ කරන ලද සොහොන් කොත්වල සුන්බුන් වලිනි.

මෙම මාසයේ සමරු උත්සව තහනම් කිරීමට දැනටමත් අධිකරණ නියෝග ලබා දී ඇත.

විනාශයට වගකිවයුත්තන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැතත් සුසාන භූමියට ඇතුළු වන ස්ථානයේ සිට මීටර කිහිපයක් එපිටින් හමුදා කඳවුරක් පිහිටා ඇති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

දෙමළ මහවිරු සංවිධාන කමිටු සාමාජිකයින් විසින් මෙම ක්‍රියාව කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෙයින් දැඩිලෙස හෙලා දකින බවටද පවසා  තිබේ.