Thursday, April 25, 2024

කොවිඩ් ජාවාරම: ඖෂධ සංස්ථාව පීසීආර් කට්ටලවලට ලක්ෂ 1250 වැඩි පුර ගෙවලා – විගණකාධිපති

සාමාන්‍ය වෙළඳපල මිල ගණන් නොතකා, කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ වැඩි මිලකට මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුවෙකුගෙන් PCR පරීක්ෂණ කට්ටල මිලදී ගෙන ඇති අතර එමඟින් රුපියල් මිලියන 125 ක අලාභයක් සිදු වූ  බව විගණකාධිපතිවරයාගේ 2020 වාර්තාව අනාවරණය කර ඇත.

එම වාර්තාව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.  වික්‍රමරත්න  වාර්තාව ගිය සතියේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දී තිබේ.  2020 අප්‍රේල් මාසයේ පීසිආර් කට්ටලයක සාමාන්‍ය වෙළඳපල මිල රු. 1,850 ක් වූ නමුත්  වාර්තාව පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වැඩි මිලක් ගෙවමින්  විසින් PCR කට්ටල මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 762.96ක් වැය කර  ඇති බවයි.

අඩුම ලංසුකරුවන් ඉදිරිපත් කළ PCR කට්ටල දැනට පවතින වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) විසින් භාවිතා කරන යන්ත්‍ර වර්ග  සමඟ නොගැලපෙන බවට ප්‍රතික්ෂේප කරමින් තාක්ෂණික ඇගයීම් කමිටුව කිසියම් සමාගමකට හිතකර තීරණ ගෙන පසුගිය කාලයේ හදිසි අවශ්‍යතා මත මෙම මිලදී ගැනීම් කර තිබේ.

ඒසේ නමුත්  වාර්තාව සඳහන් කරන අන්දමට ලංසු කැඳවීමට පෙර, මිලදී ගන්නා කට්ටල පවතින යන්ත්‍ර සමඟ ගැළපෙනවාද යන්න තක්සේරු කිරීම සඳහා එක් එක් වෛද්‍ය මධ්‍යස්ථානය විසින් භාවිතා කරන PCR යන්ත්‍ර වර්ග විශ්ලේෂණය කිරීමෙන් නිශ්චිතව පිරිවිතර සකස් කර නොතිබූ බවයි.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය මත අමාත්‍යාංශයේ විශේෂ ප්‍රසම්පාදන කමිටුව විසින් වැඩි ලංසුකරුට කොන්ත්‍රාත්තුව ලබා දී ඇති අතර එමඟින් රුපියල් මිලියන 125 කට වැඩි පාඩුවක් සිදු ව ඇති බව විගණාකාධිපතිවරයා පවසයි.

තමන්ට කැමැති සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම සඳහා මෙසේ අකුමවක් ලෙස ක්‍රියාකර ඇතැයි සෞඛ්‍ය සේවා අංශ සඳහන් කරයි.

Archive

Latest news

Related news