Friday, May 3, 2024

වෛද්‍ය සංගමයේ කකුළ ආයෙත් කටේ! 

උපතේදී දරුවන්ට ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් අංක ලබා දිය යුතු යැයි පසුගිය 22 දා ජනාධිපති රාජපක්ෂ වෙත ලිපියක් යවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිට තිබේ.

කකුළ කටේ දා ගැනීමට රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය විශේෂඥ දක්ෂතාවයක් දක්වයි.

“උපදින සෑම දරුවෙකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම සහ වයස අවුරුදු 16 ට හෝ ඊට පෙර එම අංකය සහිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම විශ්වාස කරන බවයි. ළමා අයිතිවාසිකම් සහ යහපැවැත්ම තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ” යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

එසේ නමුත් 2019 වසරෙහි මාර්තු 14දා නිතුක් කරන ලද ගැසට් නිවේදනයකින් දැක්වෙන්නේ උප්පැන්න සහතිකයේම ජාතික අනන්‍යතා අංකය ඇතුලක් විය යුතු බවයි.

ඒ මෙසේය:

එම ගැසට් පත්‍රය මෙහි දැක්වේ:2114-27_S

 

Archive

Latest news

Related news