Friday, April 26, 2024

අප‌ට ජනමාධ්‍යවේදිනියකගේ ජංගම දුරකථනයක් බලෙන් ගන්න පුලුවන්- පොලීසිය; රහස් පොලිස් ලොක්කා දුරකථන හොරා ටැප් කරනවා- චම්පික රණවක

අද යාපනයේදී ජනමාධ්‍යවේදිනයකගේ ජංගම දුරකථනය බලයෙන් රැගෙන යන පොලීසිය උසාවි අවසරයක් නොමැතිව ඕනෑම ජංගම දුරකථනයක් බලයෙන් ගැනීමට තමන්ට අයිතිය ඇති බව ප්‍රකාශ කරනු පහත දැක්වෙන් වීඩියෝවෙන් පෙනේ.

කමා ජනමාධ්‍යවේදියකුදැයි විමසන පොලිස් නිලධාරියා, ඇය ඔව් යැයි කී විට බලහත්කාරයෙන් ඇයගේ ජංගම දුරකථකනය රැගෙන යන් අන්දමද එහි සටහන්ව තිබේ.

 

මේ අතර ඊයේ ප්‍රශ්ණ කිරීමක් සදහා රහස් පොලීසියට කැඳවන ලද විපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී ඡම්පික රණවක ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා තමාගෙන් ප්‍රශ්ණ කල සිද්ධිියට අදාළ අයගේ ජංගම දුරකතන වල දත්ත එනම් ඔවුන් කළ කතා බහ සහ හුවමාරු කර ගන්නා ලද තොරතුරු අනවසරෙන් ලබා ගෙන ඇති බව තමාට ඒත්තු ගිය බවයි. එම වීඩියෝව පහත දැක්වේ.

<iframe src=”https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FPataliChampika%2Fvideos%2F225856406228647%2F&show_text=false&width=560&t=0″ width=”560″ height=”314″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”></iframe>

 

Archive

Latest news

Related news