Friday, April 26, 2024

දේශපාලනීයකරණය: කොළඹ නගර සභාවේ හිටපු පොහොට්ටු විපක්ෂ නායකට තොරතුරු දෙපාර්තමේන්තුවේ අතිරේක ජනරාල් තනතුරත් දෙයි!

හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කර තිබීීම පෙන්වන්නේ රාජ්‍ය සේවය දේශපාලනීයකරණය කිරීම රාජපක්ෂ දේශපාලනයේ විවෘත පිළිවෙතක් බවට පත්ව තිබීම බව විචාරකයෛා් පවසති.

මෙයට පෙර කිසිම විටෙක දේශපාලන පක්ෂයක මහජන නියෝජිතයකු සිටි අයකු මෙම තනතුරට පත් කර නැත.

මිලින්ද රාජපක්ෂ වරක් ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කළේය.

පාර්ලිමේන්තු මංත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී දෙදිනකට පසු හිටපු ඇමැතිවරයකු  වූ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට මේ හා සමානව රාජය සේවය දේශපාලනීකරණය කිරීමකි.

කළක් පිරිසුදු දේශපාලනය ගැන කතා කළ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් මෙම පත්වීම් ලබාදී තිබේ.  මිලන්ද රාජපක්ෂ මේ වනවිට ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසද කටයුතු කරයි. කොලඹ නගර සභාවේ නිල නොලත් විපක්ෂ නායක ලෙස කටයුතු කලේද  ඔහුය.

රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණ කළ  ප්‍රකාශයක් වූ   රජයේ සංස්ථා, දෙපාර්තමේන්තු ඇතුළු ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමේදී මන්ත්‍රීවරු, ඡන්දය ඉල්ලා පරාජය වූවන් පත් නොකරණ බව  දැන් තිබෙන්නේ කුණු කූඩයේය.

මිනීමරුවකු ලෙස මෙරට ඉහළම අධිකරණය මගින්ද සනාථ කරන ලද දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දී රජයේ සංස්ථාවක සභාපති ලෙස පත් කිරීමද මේ හා සමාන අනිසි ක්‍රියාවකි.

පාදුක්ක පොලිසියට ස්ථානාධිපතිවරයකු පත් කිරීමේදී ගාමිණි ලොකුගේට අවශ්‍ය අයකු පත් කල යුතු බව පොලිස් ඇමැති වීරසේකර කී බව ප්‍රකාශ කලේ පොදු ජන පෙරමුණේම මංත්‍රීවරයකු වන ජගත් කුමාරය.

ඉදිරි කාලයේදී තව තවත් මෙවැනි පත්වීම් සිදුවනු ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Archive

Latest news

Related news