Friday, May 3, 2024

මහා ත්‍රස්ත ප්‍රහාරයක් යළි ඇතිවන බවටත් තමා සියල්ල දන්නා බවටත් ඥණාසාර හිමි කළ ප්‍රකාශය ගැන කතෝලික සහ ඉස්ලාමීය ආගමික ප්‍රධානීහු හදිසි පරීක්ෂණයක් ඉල්ලති.

පසුගියදා සැප්තැම්බර් 13 දින පැවැත්වූ හිරු ටීවී ‘සළකුණ’ වැඩසටහන අතරතුරදී බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිදු කළ ප්‍රකාශ කිහිපයක් පිළිබඳ පරීක්ෂන පවත්වන ලෙස මෙරට කතෝලික සභාව සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය රජයෙන් ඉල්ලා තිබේ.

එම වැඩසටහන අතරතුර ඥානසාර හිමියන් මෙසේ පවසා ඇත.

1) පාස්කු ප්‍රහාරයට සමාන මාරාන්තික අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාවක් පවතී.

2) ඕනෑම වේලාවක පහර දීමේ හැකියාවක් පවතින අතර ඕනෑම අවස්ථාවක ආයුධ පුපුරවා හැරීමට සූදානම්ය.

3) ප්‍රහාරය ගැන ඔහු සතුව තොරතුරු සහ සාක්ෂි ඇති අතර එය ඔප්පු කිරීමට එහිමියනට හැකියාව තිබේ.

4) ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් කවුරුන්ද සහ එම කණ්ඩායම් සිටින්නේ කොතැනකද යන්න එහිමියන් දනී.

5) මේ සියලු කරුණු පිළිබඳ ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇත.

ඥානසාර හිම කළ ප්‍රකාශය එය රටේ ජාතික ආරක්ෂාවට සහ ජනතාවගේ ආරක්ෂාවට ඍජුවම බලපාන බැවින් එය සුළු

කොට තැකිය නොහැකි බව අගරදගුරු පදවිය පවසයි.
විදයුත් මාධ්‍ය නාලිකාවක සජීවීව පෙනී සිටිමින් ඥානසාර හිමියන් එම ප්‍රකශය කළේ ඉතා වගකිවයුතු ලෙස විය යුතුය.
එම නිසා ශ්‍රී ලංකාවේ තවත් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට උන්වහන්සේ සිදු කළ ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අගරදගුරු පදවිය විසින් ඉල්ලා තිබේ.

2019 පාස්කු ප්‍රහාරයට පෙර කතෝලිකයින්ට එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳව තමා කොළඹ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල්තුමා දැනුවත් කළ බව ඥානසාර හිමියන්ගේ කර ඇති ප්‍රකාශය ව්‍යාජයක් බවත් කතෝලික සභාව පවසා තිබේ. එම ප්‍රකාශය සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බව කැමිලස් ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරයි.

මේ අතර පසුගිය 16වන දින සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඥානසාර හිමිගේ එම ප්‍රකාශය පිළිබඳ සොයා බලන ලෙසයි. එය මෙරට ඉස්ලාමීය ආගමික ප්‍රධානීන්ගේ සංවිධානය වේ.
පාස්කු ප්‍රහාරයට සමාන ත්‍රස්ත ප්‍රහාරයක් යළි ඇතිවිය හැකි යැයි ඥානසාර හිමියන් විසින් කරන ලද ප්‍රකාශය තැතිගන්වන සුලු එකක් බව උලමා සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම භයානක හෙළිදරව් කිරීම්, මේ රටේ සමස්ත ජනගහනය තුළ දැඩි භීතියක් හා කනස්සල්ලක් ඇති කර ඇතැයි ද සමස්ත ජමියතුල් ලංකා උලමා සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම අනතුරු හැඟවීම පිළිබඳව වහාම සොයා බලා මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙසත් මෙම හෙළිදරව් කිරීම පිළිබදව ජනතාවට පැහැදිළි කිරීමක් කරන ලෙසත් එය බලධාරීන්ගෙන් සිට තිබේ.

තවද, ඉහත සඳහන් ඥාණසාර හිමි විසින් පදනම් විරහිත චෝදනා රාශියක් ඉදිරිපත් කර ඇති බව පවසන එම සංවිධානය ම චෝදනාවන්ට ඉක්මනින් පිළිතුරු දෙන බවද කියා සිටී.

මෙම ප්‍රකාශ දෙක පිළිබදව ඥාණසාර හිමි තවම කිසිදු ප්‍රකාශයක් කර නැත. එම රෑපවාහිනී සාකච්ජාවෙහිදී පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරු ලෙස වක්‍ර ලෙස හැදින්වූයේ ලොව පුරා ඉස්ලාමීය භක්තිමතුන් අදහන අල්ලා දෙවියන්ය.

පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රකාශයක් කළ ශෙහාන් ගමගේ නම් තරුණයකුගෙන් දින අටක් ප්‍රශ්න කළ ශ්‍රි ලංකා පොලිසිය මහා ප්‍රහාරයක් එල්ල වනු ඇති බවටත් ඊට සම්බන්ධ සියලු දෙනා තමන් දන්නා බවටත් ඥානසාර හිමි කළ ප්‍රකාශය ගැන කිසිදු පරීක්ෂණයක් කර නැත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සිවිල් සමාජ අංශයද තවමත් මෙම භයානක ප්‍රකාශය ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.

Archive

Latest news

Related news